කොළ­කැ­ඳට සුදුසු ශාක වර්ග අටක් | සිළුමිණ

කොළ­කැ­ඳට සුදුසු ශාක වර්ග අටක්

බුද්ධ දේශ­නා­වේද කැඳ ගැන සඳ­හන් වන අතර කැඳ පාන­යෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩෙන බවත්, ශරී­රයේ කුස­ගිනි, පිපාස නසා වාතය සම­නය කරන බවත් දැක්වේ.

වත්මන් සමා­ජයේ පිරිස් අතර බහු­ලව දක්නට ලැබෙන නිධ­න්ගත රෝග නිසා කොළ­කැඳ පානය කිරීම සඳහා ප්‍රව­ණ­තා­ව­යක් ඇතිව තිබේ. ආයු­ර්වේ­දයේ ප්‍රධා­නම අර­මුණ වන නිරෝගී බව ආරක්ෂා කිරීම සඳහා ‘කොළ­කැඳ” මඟින් ලැබෙන්නේ ප්‍රබල දාය­ක­ත්ව­යකි.

නවීන මුළු­තැන්ගේ උපාංග භාවි­ත­යෙන් පහ­සු­වෙන් සකසා ගත හැකි­වීම නිසාද, එහි ඇති විවිධ ප්‍රිය­ම­නාප රස­යන් නිසාද “කොළ­කැඳ” බොහෝ දෙනා අතර ජන­ප්‍රිය ය.

බුද්ධ දේශ­නා­වේද කැඳ ගැන සඳ­හන් වන අතර කැඳ පාන­යෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩෙන බවත්, ශරී­රයේ කුස­ගිනි, පිපාස නසා වාතය සම­නය කරන බවත් දැක්වේ.

රස­වත් ගුණ­වත් කොළ­කැඳ පාන­ය­කට යොදා­ගත හැකි ජන­ප්‍රි­ය­තම ශාක වර්ග අටක් ගැන ගුණා­ගුණ සහිත සංක්ෂිප්ත වැද­ග­ත්කම් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අර­මු­ණයි.

ගොටු­කොළ

කොළ­කැඳ සඳහා භාවි­ත­යට ගන්නා ජන­ප්‍රි­ය­තම ශාක පත්‍ර විශේ­ෂ­යයි. වාණිජ වගාව සඳහා වැඩි දියුණු කරන ලද ප්‍රභේ­ද­ව­ලට වඩා වැල් වශ­යෙන් බිම දිගේ ඇදෙන, කුඩා පත්‍ර සහිත ගොටු­කොළ කැඳ සඳ­හාද, ආහා­රය සඳ­හාද වඩා ගුණ­දා­ය­කය. ගොටු­කො­ල­වල පත්‍ර, දඬු, මුල් සිය­ල්ලම කැඳ සඳහා භාවිතා කළ හැක.

බුද්ධි වර්ධ­න­යට සහ මත­කය වැඩි දියුණු කිරී­මට ගොටු­කොළ වැද­ගත් වන හෙයින් කුඩා ළම­න්ටද ගොටු­කොළ කැඳ යෝග්‍යය. ගොටු­කොළ සමඟ රතු­ළුණු මිශ්‍ර කර කැඳ සාදා­ගැ­නී­මෙන් පීනස ඇතුළු සෙම්රෝග, ශීර්ෂ රෝග, සමේ­රෝග ආදිය සම­නය කර ගත හැකිය. අක­ලට හිස­කෙස් පැසීම, ඇස් දැවිල්ල සහ කබ කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ට ගොටු­කොළ කැඳ ප්‍රත්‍ය­ක්ෂය.

මොණ­ර­කු­ඩු­ම්බිය

ග්‍රහණි, මල­බද්ධ සහ අක්ෂි රෝගව­ලින් පීඩා විඳි­න්නන්ට මොණ­ර­කු­ඩු­ම්බිය කැඳ භාවි­තය ගුණ­දා­ය­කය. බුද්ධි වර්ධ­න­යට සහ මත­කය වැඩි දියුණු කිරි­මට සහ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණ­යට ඇති හැකි­යාව නිසා කුඩා දරු­වන් සද­හාද යෝග්‍ය වේ.

වල් පැළෑටි ලෙස ගලවා ඉවත් කෙරෙන ගෙව­තු­වල සුල­භව වැවෙන ඖෂ­ධීය පැළෑ­ටි­යකි. පංචාං­ගය සහ මුලින්ම ගෙන කැඳට යෙදා­ගත හැක. නමුත් කැඳ සඳහා භාවිතා කළ යුත්තේ මල් නොපි­පුණු අව­ධියේ පව­තින මොණ­ර­කු­ඩු­ම්බිය ශාක­යයි.

බොහෝ­ම­යක් දෙනා හොඳන් හඳු­නන, නිර­න්තර ආහා­ර­යට ගන්නා පළා වර්ග­යකි. නමුත් සැබෑ මුකු­ණු­වැන්න වලට වඩා හාත්ප­සින් වෙනස් ප්‍රති­ඵල දෙන ඇලි­ගේ­ටර් වැනි ශාකද මුකු­ණු­වැන්න වෙනු­වට වෙළ­ඳ­පොලේ විකිණේ.

මුකු­ණු­වැන්න

හිස­කෙස් වඩයි. සිරුර සිිසිල් කරයි. මාන­සික අව­පී­ඩ­නය, කාංසාව වැනි රෝගී තත්ව­යන් වළ­ක්වා­ලයි. එවනි රෝගීන්ට දේශීය වෛද්‍ය­ව­රුන් නිර්දේශ කරන කැඳකි.

දිව­යින පුරා ගෙව­තු­වල සුල­භව වැවෙන ඖෂ­ධීය පැළැ­ටි­යකි. පංචාං­ගය සහ­මු­ලින්ම ගෙන කැඳට යෙදා­ගත හැක.

පොල්පලා

මුත්‍රා ආස­දන සඳහා තම්බා පාන­ය­ටද ගන්නා ඖෂ­ධ­යක් වන පොල්පලා, කැඳ වශ­යෙන් පිළි­යෙල කර පානය කිරි­මෙන් මුත්‍රා දැවි­ල්ලට සහ­නය ලබාදී සිරුර සිසිල් කරයි. වකු­ගඩු වල රෝග, ඉදි­මුම් සහ ආසා­දන වළ­කයි. මුත්‍ර ගල් දිය­ක­රයි. ශරීර අභ්‍ය­න්තර ආසා­දන වැලැ­ක්වී­ම­ටද පොල්පලා කැඳ වැද­ගත්වේ.

විශේ­ෂ­යෙන් හඳුන්වා දිය යුතු නැති, ආහාර රස­කා­ර­ක­යක් ලෙස භාවිතා කරන කර­පිංචා, කැඳක් ලෙස භාවි­ත­යෙන් ශරී­ර­යට බොහෝ ගුණ­යන් ලබා­ගත හැක. කර­පිංචා කැඳ ප්‍රණීත රස­ය­කින් යුක්තය. රුධිර නාල පිරි­සි­දු­කර, රුධිර සංස­ර­ණය ක්‍රම­වත් කර, අධික රුධිර පීඩන අවස්ථා සම­නය කිරීම කර­පිංචා කැඳ පාන­යෙන් ශරී­ර­යට ලැබෙන මුලික පිටු­ව­හ­ලයි.

කර­පිංචා

අන­වශ්‍ය මේදය දිය­කර හරියි. ආමා­ශ­යික සහ ආන්ත්‍රික විෂ මර්ධ­නය කරයි.

ගාල් ලෙස බිම් මට්ටමේ වැවෙන පිය­කරු හරිත පැහැ­යෙන් යුත් වැල් වර්ග­යකි. පත්‍ර සහ නොමේරු දඬු කැඳට භාවිතා කල හැක. සම­හර රෝග අව­ස්ථා­ව­න්ව­ලදී සම්පූර්ණ වැලම ඖෂධ ලෙස, කැඳ ලෙස භාවිත වේ.

වැල්පෙ­නෙල

නීර­ක්තිය, කෙට්ටු වීම, ධාතු හිඟ­කම, දරු­ඵල නොමැති වීම ආදි රෝගීන්ට ගුණ­දා­යක කැඳ වර්ග­යකි. ස්ත්‍රීපු­රුෂ දෙපා­ර්ශ­වය කෙරෙ­හිම ඉහත රෝග සඳහා භාවි­තා­කළ හැක. අතීත ගැමි සමා­ජයේ අලුත විවා­පත්වූ තරුණ, තරු­ණි­යන්ට අනි­වා­ර්ය­යෙන් සකසා දෙන කැඳකි. නමුත් සෙසු වය­ස්වල අය­ටද එකසේ භාවිතා කළ හැක. රුධි­රය වඩයි. ශරි­රයේ ධාතු කොටස් වර්ධ­නය කර සෞම්‍ය කරයි. දරු­ඵල අහිමි අව­ස්ථා­වල සරු­භා­වය වැඩි කිරී­මට භාවිතා කරයි.

මැදින් සුදු ඉරක් සහිත තද කොළ­පාට දිගැටි පත්‍ර සහිත, පොළවේ පහළ මට්ටමේ වැවෙන දෘඩ වැළකි. ඉමි­හිරි සුව­ඳ­කින් යුක්තය. එනිසා තනිව යොදා­ග­න්න­වාට වඩා වෙනත් ශාක ද්‍රව්‍ය සමඟ මිශ්‍රව කැඳ සාදා ගැනීම යෝග්‍යය.

ඉර­මුසු

සිරු­රෙන් මතු­වන දුඟද වළ­කා­ලයි. ප්‍රිය­ම­නාප පෙනු­මක් ඇති­ක­රයි. අත්පා වල දැවිල්ල, කුෂ්ඨ, සමේ බිබිලි වැනි තත්ව ඇති රෝගීන්ට සහ එවැනි රෝග වළක්වා ගැනි­මට අපේක්ෂා කරන අයට යෝග්‍ය වේ. සැර­සිලි වලට පවා ගන්නා, අලං­කාර වැලකි.

හාතා­වා­රිය

රුධි­රය වර්ධ­නය කරයි. මද සරු­භා­වය දුරු කරයි. දුර්වල වූ ශරිර ප්‍රාණ­වත් කරයි. තනිව යොදා­ග­න්න­වාට වඩා වෙනත් ශාක ද්‍රව්‍ය සමඟ මිශ්‍රව කැඳ සාදා ගැනීම යෝග්‍යය.

වෛද්‍ය සුජීවා සමන්ති පස්යාල

සාකච්ඡා කළේ - ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

Comments