රොක­ට්ටුව හදන්න කෑලි හොය­මින් අම්මයි මමයි ගරාජ් පීරුවා | සිළුමිණ

රොක­ට්ටුව හදන්න කෑලි හොය­මින් අම්මයි මමයි ගරාජ් පීරුවා

* ඉදි­රි­පත්වූ පළමු වතා­වේම ජාත්‍ය­න්තර තර­ග­යෙන් ජය
* තර­ග­යට සහ­භාගි වීමට සිංග­ප්පූ­රු­වට ගියේ මවගේ රන් බඩු උගස් තියලා
* ඉව­ත­ලන ප්ලාස්ටික් බෝත­ල­ව­ලින් තැනූ අපේ ජල රොක­ට්ටුව ලෝකෙන්ම පළමු තැනට

ගමේ උප­න්නද, ගමේ පාස­ලට පියමං කළද සියලු අඩු පහ­සු­කම් මධ්‍යයේ ඔහුට ලොවක් දින­න්නට හැකි­විය. ගමට පම­ණක් නොව රට­ටත් තර­මක් නුහුරු නුපු­රුදු ක්ෂේත්‍ර­යක් ඔත්සේ පියමං කර­මින් තාරකා විද්‍යා ඉති­හා­සයේ රන් සල­කු­ණක් තැබු මේ දිරිය පුත­ණු­වන් අපට හමු­වූයේ ගමේ දුෂ්කර පාස­ලක් වූ කැකි­රාව මහා විදු­හ­ලෙනි.

කැකි­රාව මහා විදු­හලේ අයෝධ්‍ය කර­විට චන්ද්‍රසේකර සිසුවා අධ්‍යා­ප­නය ලබන්නේ 10 වැනි ශ්‍රේණි­යේය. එහෙත් කුඩා කල සිටම තාරකා විද්‍යාව සම්බ­න්ධ­යෙන් ඔහු සතුවූ ඇල්ම අධ්‍යා­පන කට­යු­තු­ව­ලට කිසිදු බාධා­වක් නොවීය. ජල රොකට් සෑදීම වැනි දෑ ලංකාව වැනි රට­කට නුහුරු නුපු­රුදු කට­යු­ත්තක් වුවද ගමේ පාසලේ අධ්‍යා­ප­නය ලැබූ අයෝධ්‍ය ජල රොකට් සෑදී­මට ඉදි­රි­පත් වූයේ කිසිම පැකි­ළී­මක් නැති­වය.

මෙරට නවීන තාක්ෂ­ණය ප්‍රච­ලිත කිරීමේ පුරෝ­ගාමි ආය­ත­න­යක් වන ආතර් සී ක්ලාක් ආය­ත­න­යෙන් ජල රොකට් සෑදීමේ තර­ගා­ව­ලි­යක් වාර්ෂි­කව පව­ත්වන්නේ දැයේ දරු­වන්ට නව තාක්ෂ­ණික දැනුම ලබා දෙන්න­ටය. ගමේ දුෂ්කර පාසල් කිහි­ප­යක් සමඟ කැකි­රාව මහා විදු­හලේ අයෝධ්‍ය සිසු­වාද ආතර් සී ක්ලාක් ආය­ත­න­යෙන් පැවැත්වූ මේ ජාතික තර­ග­යට ඉදි­රි­පත්වු අතර ඉන් ඔහුට ජය­ග්‍ර­හ­ණය හිමි­විය. ජාත්‍ය­න්තර තර­ග­යට යවන සිසුන් තෝරා­ගැ­නීමේ මේ ජාතික තර­ගා­ව­ලියේ ජය­ග්‍ර­හ­ණ­යෙන් අන­තු­රුව අයෝධ්‍ය ඇතුළු ශ්‍රි ලාංකික සිසුන් හය දෙනෙකු පසු­ගි­යදා සිංග­ප්පූ­රුවේ පැවැති 14 වැනි ආසියා ශාන්ති­කර කලා­පීය ජාත්‍ය­න්තර ජල රොකට් තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වූයේ රට­වල් 13 ක් සමඟ තරග වදි­න්න­ටය. අව­සා­නයේ මේ සියලු රට­වල තර­ග­ක­රු­වන් පර­ද­ව­මින් පළමු ස්ථානය දිනා ගන්නට අයෝ­ධ්‍යට හැකි­විය.

“අපි ජීවත් වෙන්නේ කැකි­රාව මහ­ඇ­ල­ග­මුව ගමේ. මම කුඩා කාලයේ සිටම ගියේ කැකි­රාව මහා විදු­හ­ලට. අපේ පළාත් දුෂ්ක­රයි. පහ­සු­කම් ගොඩාක් අඩුයි. මම කුඩා­කල සිටම තාරකා විද්‍යා­වට හරි ආසයි. මේ නිසා හය වසරේ සිටම මම පාසලේ තාරකා විද්‍යා සංග­ම­යට බැඳුණා. මෙහෙම ඉන්න අතරේ අපේ පාස­ල්ව­ල­ටත් ජාත්‍ය­න්තර තර­ග­යට සහ­භාගි වෙන්න අව­ස්ථාව ලැබුණා. ජල රොකට් තර­ගා­ව­ලිය පැවැ­ත්වුණේ කොළඹ ආතර් සි ක්ලාක් මධ්‍ය­ස්ථා­නයේ. මේ ආය­ත­න­යෙන් ජාත්‍ය­න්තර තර­ග­ව­ලට සිසුන් තෝරා ගන්න ජාතික තර­ග­යක් පව­ත්ව­නවා. අපේ පළාතේ පාසල් 3කට පම­ණයි මේ අව­ස්ථාව ලැබුණේ. අපි මේ තර­ග­යට ගොඩාක් පුහුණු වුණා. දිවා රෑ නොබලා අවශ්‍ය දේවල් කළ­ම­ණා­ක­ර­ණය කර ගත්තා.

මගේ අම්මා මඩා­ටු­ගම රේවත විදු­හලේ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නිය. තාත්තා අස­නී­ප­යෙන් ඉන්නේ. මේ නිසා අම්මයි මමයි ගැරේජ් ගානේ රස්ති­යාදු වෙලා මේ ජල රොකට් හදා ගන්න අවශ්‍ය දේවල් සොයා ගන්න මහන්සි වුණා. ජල රොකට් හැදීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඒත් මට මේ පිළි­බඳ හොඳ දැනු­මක් තිබුණා. මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ තමයි මේ තර­ගය පැවැ­ත්වුණේ. මම ඒකට ඉදි­රි­ප­ත්වුණා. ජාතික තර­ග­යෙන් මම හත­ර­වැනි ස්ථාන­යට පත්වුණා. මේ තර­ග­යෙන් දිනපු මුල්ස්ථාන හය දෙනාට සිංග­ප්පූ­රුවේ පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර තර­ග­යට සහ­භා­ගි­වෙන්න අව­ස්ථාව උදා­වෙ­නවා. ජාත්‍ය­න්තර තර­ග­යේදි අපිට පිළි­ප­දින්න නිති­රීති ගණ­නා­වක් තිබුණා. අපේ රොකට් එක මීටර් 60 ක්දුර යැවිය යුතුය තිබුණා. ඒ වගේම රොකට් එක ඔවුන් කියන බරින් යුතු විය යුතුයි. මේ තර­ග­යට තර­ග­ක­රු­වන් හැත්තෑ­ව­කට ආසන්න සංඛ්‍යා­වක් සහ­භාගි වුණා. ලංකා­වෙන් මාත් සමඟ 6 දෙනෙක් ගියා. නොවැ­ම්බර් 2 වැනිදා සිට 4 වැනිදා දක්වා තර­ගය පැවැ­ත්වුණා. මම බලා­පො­රොත්තු නොවූ පරිදි මට මේ තර­ගා­ව­ලියේ පළමු ස්ථානය හිමි වුණා.” අයෝධ්‍ය පව­ස­න්නේය.

අයෝ­ධ්‍යට මේ අව­ස්ථාව ළඟා කර ගැනී­මට මෙන්ම සිංග­ප්පූ­රුවේ පැවැ­ත්වෙන තර­ග­යට සහ­භා­ගි­වී­මට අවශ්‍ය විය­දම් සපයා ගැනී­මට පාසලේ විදු­හ­ල්ප­ති­තුමා, ගුරු­ව­රුන් මෙන්ම පාසලේ කොළඹ ශාඛාවේ ආදි සිසු­හුද උප­කාර කළහ. එසේම කැකි­රාව මහා විදු­හල මෙසේ ජාත්‍ය­න්තර තලයේ ජය­ග්‍ර­හ­ණ­යක් උරුම කර ගත් පළමු අව­ස්ථා­වද මෙය වන්නේය.

“අපේ පළා­ත්වල මේ දේවල් කර­න්නට පහ­සු­කම් අඩුයි. මම සේවය කරන්නේ මඩා­ටු­ගම රේවත විදු­හලේ. මීට කලින් වතාවේ මගේ පුතා මේ තර­ග­යට ඉල්ලුම් කරන්න උත්සහ කළත් අව­ස්ථාව ලැබුණේ නැහැ. නමුත් දෙවැනි වතාවේ එයා ඒ අව­ස්ථාව ලබා­ගෙන තර­ග­යට ඉදි­රි­පත් වුණා. මුල් වතා­වෙන්ම පුතා ජාත්‍ය­න්තර තර­ග­යෙන් ජය ගත්තා. මගේ පාසලේ දරු­වෙ­කුත් මගේ දරු­වත් සමඟ මේ තර­ඟ­යට ඉදි­රි­පත් වුණා. මම මේ දරුවෝ දෙන්නම කැකි­රා­වෙන් රෑ බස්ව­ලට නග්ග­ගෙන තමයි පාන්දර කොළ­ඹට ගෙනාවේ. ඒ වගේම මේ දරු­වට අවශ්‍ය ද්‍රව්‍ය හොයා ගන්න අපිට හරි­යට මහන්සි වෙන්න සිදු­වුණා. අපේ ගම් පළා­ත්වල මේවා හදන්න අවශ්‍ය උප­ක­රණ ගොඩාක් අඩුයි. ඒත් කොහොම හරි ඒ හැම දේක­ටම මම පුතාත් එක්ක එකතු වුණා. පුතා සිංග­ප්පූරු එක්ක යන්න මුදල් හොයා ගත්තේ මගේ රත්රන් බඩු උගස් කර­ලයි. කැකි­රාව මහා විදු­හලේ මෙවැනි ජයක් ලබපු මුල්ම අව­ස්ථාව මෙයයි. කුඩා කාලයේ පටන්ම මම පුතාට තරු බලන්න අව­ස්ථාව සලසා දුන්නා. එයාට අවශ්‍ය පොත් පත් ගෙනත් දුන්නා. එයා ඉදි­රි­යේදි බලා­පො­රොත්තු වෙන්නෙත් මේ ක්ෂේත්‍ර­යෙන් ඉහ­ළට යන්නයි.” අයෝධ්‍ය ගේ මව කුමුදු කර­විට මහ­ත්මිය පව­සයි.

ශ්‍රි ලංකාවේ අභ්‍යා­ව­කාශ විද්‍යාව නංවා­ලීමේ අර­මු­ණින් ආතර් සී ක්ලාක් මධ්‍ය­ස්ථා­නය මිට වසර 14කට පෙර මෙම ජල රොකට් හා ඊට සම්බන්ධ ක්‍රියා­ක­ර­කම් හඳුන්වා දී ඇත. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යෙන් ජපා­නය, ඉන්දු­නි­සි­යාව, විය­ට්නා­මය, තායි­ල­න්තය,ඔස්ට්‍රේ­ලි­යාව, සිංග­ප්පූ­රුව, හා ඉන්දි­යාව වැනි රට­වල පැවැති ජාත්‍ය­න්තර තර­ග­ව­ලට අපේ තර­ග­ක­රුවෝ සහ­භාගි කර­වනු ලැබ ඇත්තාහ. එසේම ඔවුහු ජය­ග්‍ර­හ­ණද හිමි කර ගත්හ.

“දැනට වසර 13ක සිට අපේ දරු­වන් අපි මේ තර­ග­ව­ලට යොමු කර­නවා. මෙව­රත් අපි ළමයි 6 දෙනෙක් තර­ග­යට යොමු කළා. මෙවර රට­වල්13 ක ළමයි 60 දෙනෙක් පර­දවා අපේ රටේ දරු­වෙකු තමයි ජය­ග්‍ර­හ­ණය කළේ. අයෝධ්‍ය ගේ ජය­ග්‍ර­හ­ණය සුවි­ශේ­ෂියි. එයා ගමේ පාස­ලක දරු­වෙක්. පසු­ගිය වස­රේත් පළමු තැනට පත්වුණේ බද්දෙ­ගම වගේ දුෂ්කර පළා­තක පාස­ලක දරු­වෙක්. 2015 වසරේ දෙවැනි තැනට පත්වුණා කොළඹ රාජ­කීය විදු­හලේ දරු­වෙක්.”

එසේ පැවැ­සූයේ ආතර් සී ක්ලාක් ආය­ත­නයේ ඉන්දික මැද­ගං­ගොඩ මහ­තාය.

ඉවත ලන බීම බෝතල් ජල රොකට් බවට පරි­ව­ර්ත­නය කරන මේ ක්‍රියාව ඉතා සරල වුවත් ඒ ඇසු­රෙන් ජාත්‍ය­න්ත­රය දිනීම පසු කට­යු­ත්තක් නොවේ. ඒ සඳහා මනා පුහු­ණුව මෙන්ම ක්‍රම­වේ­ද­යක් තිබිය යුතුය. දුෂ්කර ගම් පළා­තක පාස­ල­කින් මෙවන් ජය­ග්‍ර­හ­ණ­යක් අපේක්ෂා කිරිම අප­හසු කට­යු­ත්තක් වුවත් අයෝධ්‍ය ඒ අභි­යෝ­ගය පහ­සු­වෙන් ජය ගෙන ඇත්තේය.

Comments