සැලළි­­හිණි සන්දේ­ශය | සිළුමිණ

සැලළි­­හිණි සන්දේ­ශය

ක්‍රි:ව: 1415 දී කෝට්ටේ රාජ­ධා­නිය කොට ගෙන රජ වූ 6 වැනි පරා­ක්‍ර­ම­බාහු රජුගේ කාල­යෙහි සිංහල සාහිත්‍ය ප්‍රබෝ­ධ­යට පත්ව ඇත. ශ්‍රී ලං­කාවේ සිංහල සාහි­ත්‍යයේ ස්වර්ණ­මය යුගය ලෙස සැල­කෙ­න්නේද කෝට්ටේ යුග­යයි. එකල ලියැ­වුණු පොත් අතර බුදු­ගු­ණා­ලං­කා­රය, ගුත්තිල කාව්‍යය, පංචිකා ප්‍රදී­පය, කාව්‍ය­ශේ­ඛ­රය ආදිය වේ. තොට­ග­මුවේ ශ්‍රී රාහුල හිමි­යන් අතින් ලැයැ­වුණු සැලළි­­හිණි සන්දේ­ශය ද එම කාල­යෙහි ලියැ­වු­ණකි.

මෙම සංදේ­ශ­යෙහි දුතයා සැලළි­­හිණියා වන අතර මෙය ලිවී­මෙහි ප්‍රධාන අභි­ප්‍රාය වී ඇත්තේ උල­කු­ඩය දේවි­යට දරු­වකු ලබා දෙන ලෙස විභී­ෂණ දෙවි­ය­න්ගෙන් ඉල්ලා සිටී­මයි.

එමෙන්ම ජය­ව­ර්ධ­න­පු­රයේ සිට කැල­ණිය දක්වා යැවෙන ලෙස ලියා ඇති සැලළි­­හිණි සන්දේ­ශ­යට කවි 108ක් අතු­ළත්ය. සැලළි­­හිණි සන්දේ­ශය මෙන්ම තවත් බොහෝ සන්දේශ කාව්‍ය මඟින් සිංහල සාහි­ත්‍යය සුපෝ­ෂිත වී ඇත.

අමීරා හමීඩ්
8 ශ්‍රේණිය ‘ඩී’,
යසෝ­දරා විද්‍යා­ලය,
කොළඹ 08.

අදහස්