මෝටර් රථ අනතුරින් තරුණයෙක් මියයයි | සිළුමිණ

මෝටර් රථ අනතුරින් තරුණයෙක් මියයයි

අනුරාධපුර, ගල්කුලම මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් ගල්කුලම මංසන්දියේදී තිබූ හෝරා මපකයේ ගැටී එහි ගමන් කළ 22 හැවිරිදි තරුණයකු මිය ගිය බව තිරප්පනය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අව්කන ප්‍රදේශයේ පදිංචි චානක මිතුන් නැමති තරුණයෙකි.ඊයේ(11) රාත්‍රි 10 ට පමන අනුරාධපුරය,කලත්තෑව ප්‍රදේශයේ මංගල සාධයකට සහභාගි වීමෙන් අනතුරුව කලත්තෑවේ සිට ගල්කුලම දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව ගල්කුලම මංසංධියේ තිබූ හෝරාමාපකයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු වශයෙන් මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු මෝටර් රථය ධාවනය කර ඇති අතර මිය ගිය 22 හැවිරිදි තරුණයා ඉදිරිපස යාබද අසුනේ සිට ඇත.
අනතුරින් පසු බරපතල තුවාල ලබා සිටි මෙම තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසින්ගේ සහය ඇතුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යමින් සිටියදි 22 හැවිරිදි තරුණයා මිය ගොස් ඇත.
21 හැවිරිදි රියදුරු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි.
පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

Comments