කිසිදු දොසක් හිසින් නොගත් අපූරු සෞන්ද­ර්ය­වා­දියා | සිළුමිණ

කිසිදු දොසක් හිසින් නොගත් අපූරු සෞන්ද­ර්ය­වා­දියා

ආචාර්ය ප්‍රණීත් අභ­ය­සු­න්දර

ධර්ම­සිරි ගමගේ මහතා මාන­ව­හි­ත­වාදී සත්පු­රුෂ ගති­පැ­වැ­තුම්, ආකල්ප, ආචාර, විචාර පළට කළ සුන්දර මිනි­සෙකි. ඔහුගේ බිරිය සීතා ගමගේ මහ­ත්මිය ද ඔහුට ගැළ­පුණු යහ­පත් කාන්තා­වකි. මොවුහු සැම­විට ආග­න්තුක සංග්‍ර­හයේ නිර­ත­වෙ­මින් තමන්  හමු­වට එන තරුණ පිරි­සට අත්වැ­ලක් සැප­යූහ. වෛරය, ක්‍රෝධය, විෂම බව, අස­ත්‍යය, අධ­ර්මය, වංචාව වපු­රන නූතන ලංකාවේ ඔහු අපට කියා­දුන්නේ පර­ස­ර­යට ආද­රය කරන සැටිය. මිනි­සුන්ට දයාව, කරු­ණාව, මෛත්‍රිය, මුදි­තාව පළ කරන ආකා­ර­යයි. පරි­ත්‍යා­ගීලී වන විධි­යයි.

70 දශ­කයේ අග­භා­ගයේ එක්තරා දින­යක පෙර­ව­රුවේ ලේක්හ­වු­සි­යට මා කැටුව ගියේ රංජිත් අම­ර­කීර්ති පලි­හ­පි­ටිය මිතු‍රා ය. එ් ආස්වා­ද­නීය ගමන යෙදුණේ ධර්ම­සිරි ගමගේ මහතා මුණ­ගැ­සීම පිණිස ය. එකල්හි අපි පාසල් ශිෂ්‍යයෝ වීමු. කවි, කෙටි­කතා කුරු­ටු­ගා­මින් පොත්පත් කිය­ව­මින්, සාහි­ත්‍යය ගැන දැඩි උන­න්දු­ව­කින් සිටි අව­ධි­යකි ඒ. සෙනෙ­හෙ­බර සින­හ­ව­කින් අප පිළි­ගත් ධර්ම­සිරි ගමගේ මහතා යොවුන් ජනතා පුව­ත්පතේ යම් යම් කට­යු­තු­ව­ලට අප සහ­භාගි කර­ගත්තේ ය. යොවුන් පහන් වැට නම් සංවි­ධා­න­යක් බිහි­වූයේ ගමගේ මහ­තාගේ මඟ පෙන්වීම අනු­වය.

යොවුන් ජනතා පුව­ත්ප­තත් පහන් වැට සංවි­ධා­න­යත් සපුරා සාහිත්‍ය කලා සෞන්දර්ය කලා විෂ­යය පාදක කොට ගත් මන­හර සොඳුරු දක්ෂ තරුණ තරු­ණි­යන් එකතු කොට ගත් කුඩා පර්ෂ­ද­යක් වූයේය.

ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේත්, පසු කලෙක කොග්ගල මාර්ටින් වික්‍ර­ම­සිංහ ජන­කලා කෞතු­කා­ගාර පරි­ශ්‍ර­යේත් පැවැත්වූ යොවුන් සාහි­ත්‍ය­ක­රු­වන්ගේ කඳ­වුර, වැඩ­ස­ට­හන් මාලාව ඊට සහ­භාගි වූ ඇතැ­මෙක් අද වන­විට ප්‍රති­භා­ස­ම්පන්න කවි කිවි­ඳි­යන්, කෙටි­ක­තා­ක­රු­වන්, නාට්‍ය­ක­රු­වන්, චිත්‍ර ශිල්පීන්, ඡායා­රූප ශිල්පීන්, ගීත පද රච­ක­යන් අෑ නොයෙක් අංශ­යන්හි කාර්ය­භාර රැසක් ඉටු කළ කලා­ක­රු­වන් බවට පත් වූහ. එ් වැඩ­ස­ට­හන් මෙහෙ­යැවූ ගමගේ මහ­තාගේ කාරු­ණික ආරා­ධ­න­යෙන් දේශන, සාකච්ඡා පැවැත්වූ විද්ව­තුන් කලා­ක­රු­වන් කීප දෙන­කුගේ නම් පම­ණක් මෙහි සඳ­හන් කර­නුයේ භක්ත්‍යා­ද­ර­යෙනි.

ඔවුන් එ් වැඩ­මු­ළු­ව­ලට සහ­භාගි වූයේ මූල්‍ය ප්‍රති­පා­දන තෑගි බෝග වාසි වර­ප්‍ර­සාද බලා­ගෙන නොවේ. තරුණ තරු­ණි­යන් හට අත හිත දීමේ දයා පර­වශ අවංක චේත­නා­වෙනි. අද දවසේ ඇතැම් කලා­ක­රු­වන් අභා­ව­යට පත්ව තිබේ.

ගමගේ මහතා ද අප ­හැර ගොසිනි. ඔවුන් කළ දැයෙහි ගුණ සුවඳ මහරු මත­කය පම­ණක් ඉති­රිව ඇත. මහා­චාර්ය ඒ.වී. සුර­වීර, අරීසෙන් අහු­බුදු, කේ. ජය­ති­ලක, ගුණ­සේන විතාන, එඩ්වින් ආරි­ය­දාස, මහා­චාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න, ආචාර්ය පණ්ඩිත් අම­ර­දේව, විමලා අම­ර­දේව, විශා­රද නන්දා මාලනී, සෝම­වීර සේනා­නා­යක, තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර ආදී විබු­ධ­යන්ගේ නම් කීප­යක් පමණි මෙහි සඳ­හන් කර ඇත්තේ‍. එදා මෙදා­තුර වර්ත­මා­නය වන­විට ශ්‍රී ලාංකික සමාජ සංස්කෘ­තික ජීවි­තය කෙබඳු විප­රී­ත­ය­කට පත්වී තිබේ දැයි අමු­තු­වෙන් කිව යුතු ද? හිංසා, පීඩා, ඝාතන, දූෂණ, භ‍ීෂණ ආදී අප­රාධ කාරී හා සීරීම් ද සෑම තැන ම දිස්වෙයි. කෙන­කුට රිදවා කොනිත්තා, සපා කා, ඇනුම්, බැනුම්, පහ­ර­කෑ­ම්ව­ලට ගොදුරු කොට පින්තූර ගැනී­මට සිනා­සී­මට, තෘප්ති­ම­ත්වී­මට තරම් අශ්ලීල තත්ත්ව­ය­කට ශ්‍රී ලාංකික සමා­ජය පත්වී සිටීම කෙත­රම් ඛේද­ජ­නක පහත් ක්‍රියා­වක් ද? ධර්ම­සිරි ගමගේ මහතා මාන­ව­හි­ත­වාදී සත්පු­රුෂ ගති­පැ­වැ­තුම්, ආකල්ප, ආචාර, විචාර පළට කළ සුන්දර මිනි­සෙකි. ඔහුගේ බිරිය සීතා ගමගේ මහ­ත්මිය ද ඔහුට ගැළ­පුණු යහ­පත් කාන්තා­වකි. මොවුහු සැම­විට ආග­න්තුක සංග්‍ර­හයේ නිර­ත­ව ෙ­මින් තමන් හමු­වට එන තරුණ පිරි­සට අත්වැ­ළක් සැප­යූහ.

ධර්ම­සිරි ගමගේ මහතා සුප්‍ර­කට ගීත ප්‍රබ­න්ධ­ක­යකු කෙටි­කතා, නව­කතා, චිත්‍ර­පට තිර­නා­ටක, දෙබස් රච­ක­යකු, සිනමා අධ්‍ය­ක්ෂ­ව­ර­යකු, පුව­ත්පත් කතු­ව­ර­යකු බව අපට ඔහු ඇසු­රේදී අම­තක වෙයි‍. වෛරය, ක්‍රෝධය, විෂම බව, අස­ත්‍යය, අධ­ර්මය, වංචාව වපු­රන නූතන ලංකාවේ ඔහු අපට කියා­දුන්නේ පර­ස­ර­යට ආද­රය කරන සැටිය. මිනි­සුන්ට දයාව, කරු­ණාව, මෛත්‍රිය, මුදි­තාව පළ කරන ආකා­ර­යයි. පරි­ත්‍යා­ගීලී වන විධි­යයි. ඇතැම් උද­විය ගමගේ මහ­තාගේ ජීවන ගම­නට බාධා ඇති කළහ. ඒ කිසි­ව­කට ගොදුරු බිම් නොවූ ගමගේ මහතා යහ­පත්, ශීලා­චාර, ඇව­තුම් පැව­තුම් වියත් කළේ සිනා­මුසු මුහු­ණින් යුතු­වය. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍ය­ක්ෂ­ණය කළ සැන­සුම කොතැ­නද චිත්‍ර­ප­ටයේ ආචාර්ය ප්‍රේම­සිරි කේම­දාස සංගී­ත­ඥ­යාගේ තනුව ඔප­වත් ගීත රචනා කළේ ගමගේ මහතා ය.

ආචාර්ය අම­ර­දේ­ව­යන් ගැයූ සංසාර ගමනේ තණ්හා ආශා කදිම සුභා­විත ගීත­යකි. හරූන් ලන්ත්‍රා, ඇන්ජ­ලින් ගුණ­ති­ලක සමඟ ගැයූ සුළං කුරුල්ලෝ ගීය අද­ටත් ජන­ප්‍රිය ගීයකි. ආචාර්ය අම­ර­දේ­ව­යන් විසින් ගයන ලද ගමගේ මහතා ලියූ ගීත කීප­යක් සිහි­පත් කිරීම වටී. නිවන් පුරට මඟ­පෙ­න්වන පහන් වැටක් සේ, (ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වාගේ පූජි­තයෝ 1971 චිත්‍ර­ප­ටය) දරු දුක උහුලා තනිව වැල­පෙනා, ගීතය පූජා චිත්‍ර­ප­ටයේ තේමා ගීත­යයි. 1987 ජනා­ධි­පති සම්මාන උලෙ­ළෙ­හිදී අම­ර­දේ­ව­ය­න්ටත්, ගමගේ මහ­තා­ටත් සම්මාන හිමි­කර දුන් ගීත­යයි.

කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙ­හ­සින් පුදා කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා, 1972 දී සහ­නය චිත්‍ර­ප­ට­යට ලියූ සිහින නෙළු­ම්මල ජීවිත පොකුණේ වැනි ගීත ජන­කාන්ත වූයේ එ් ගීත­යන්හි පද සංඝ­ට­නාවේ ඇති රස­රුත් මිහි­රි­යාව, ලතාව කරණ කොට­ගෙන ය. විශා­රද නන්දා මාලිනී යස­ඉ­සුරු චිත්‍ර­ප­ට­යට ගැයූ අම්මා­ව­රුනේ ගීතය සුළ­වත් පද මනස සෙනෙ­හසේ පිනි දිය­ර­යෙන් නැහැවූ ගීත­යකි. හුල­වාලි චිත්‍ර­ප­ට­යට ගමගේ මහතා අනගි ගීයක් පබැ­ඳුවේ ය. “කුඩා­ගමේ මද්ද­හනේ අව්රස්නේ නිවා” නම් මේ ගීතය ආචාර්ය වික්ටර් රත්නා­ය­ක­යන්ගේ තනු­ව­කට අනුව ගායනා කළේ සුනිල් එදි­රි­සිං­හ­යන් විසිනි. එ් ගීයේ එන පරිදි ‘ආල­වන්ත යන තේරුම බෝස­ත්කම සකි’ යන යෙදුම ගමගේ මහ­තාට ම අන්වර්ථ වූවකි. මේ කාව්‍යෝ­ක්තිය සමරු පොත්වල සට­හන් පාඨ­යක් බවට ද පත්වූයේ ය. “හද විල කල­ඹන පෙම් ජල රේඛා” එබඳු තවත් සොඳුරු ගීයකි. එ් ගීය ගැයුවේ විශා­රද නන්දා මාල­නි­යයි.

අද­ටත් දුරා­වා­රයේ හෝ ඇසෙන රස­බර ගීයකි මේ. බඹ­රකු ඇඬුවා මලක් ළඟදි බඹ­රකු ඇඬුවා අබේ­ව­ර්ධන බාල­සූ­රිය හා නිරං­ජලා සරෝ­ජිනී දෙපළ ගැයූ මනෝ­රම්‍ය ගීත­යකි. මේ ආකා­ර­යට විමසා බැලු­ව­හොත් ගමගේ මහතා අතින් ලියැ­වුණු ගීත සම්භා­රය අති­ම­හත් ය. සිත නිවෙන තැන් වැනි පරි­සර හිත­කාමී ලේඛන සංහි­තාව ඔහු විසින් රචනා කරන ලද තීරු ලිපි පෙළකි. දඹ­දිව ගැන ලියූ පොත වර්ත­මා­නයේ ද අත්පො­තක් වශ­යෙන් දඹ­දිව බෞද්ධ වන්ද­නා­වේදී භාවිත කැරෙන කෘති­යකි. දීපිකා ප්‍රිය­ද­ර්ශනී, කරු­ණා­රත්න දිවු­ල්ගනේ වැනි ශිල්පීන් සමඟ ධර්ම­සිරි ගමගේ මහතා පාසල් සිසුන් හමු­වට නිර­තුරු ගමන් කළ ඔවුන් දැනු­මෙන් පෝෂ­ණය කළ කලා­ක­රු­වෙකි.

දුහු­නන් දැනුම් කුස­ලතා වඩා­ලී­මට ඒ මහතා නිබඳ ව අත­හිත දුන්නේ ය. ලිපි ලියන සැටි, ශෝධ්‍ය­පත්‍ර බලන හැටි, සංස්ක­ර­ණය කරන සැටි, ප්‍රධාන ශීර්ෂ පාඨ, අනු­මා­තෘකා යෙදීම ආදී කුදු මහත් රීතීන්, ශෛලි, සම්ප්‍ර­දාය ගැන කියා­දුන් ප්‍රායෝ­ගි­කව ඒවා කිරී­මට අව­කාශ සැලසූ ඒ මහතා ගීත නිබ­න්ධක සංස­දයේ ද පු‍රෝගා­මි­යෙකි. සැම­විට නවක ලේඛක ලේඛි­කා­වන්ට දියු­ණු­වී­මට ඉඩ­කඩ අවස්ථා සැලසූ සුහ­ද­ශීලී වැඩි­හිටි කල්‍යාණ මිත්‍ර­යකු වූ ඒ මහ­තාගේ ඇසුර පරම රම­ණීය අත්දැ­කීම් වූයේ ය. සිය දෙගු­රුන් මිය යන තුරුම පුදු­මා­කාර සෙනෙ­හ­ස­කින් රැක බලා­ගත් ඔහු මිත්‍ර සමා­ගම් ප්‍රිය කළේ ය. ලංකාවේ බොහෝ ගම්බද පෙදෙස්, වනා­න්තර, ඇස ගිය හිත ගිය තැන මිනි­සුන් ගැන ලිපි සිය දහස් ගණ­නක් ලියා පළ කළ ඔහු සිරි­පාල හා රන් මැණිකා ගැන ලියූ කතාව අති­ශය ජන­ප්‍රිය විය. එය චිත්‍ර­ප­ට­ය­කට නැඟුණි. ධර්ම­සිරි ගමගේ මහ­තාගේ අත්අ­කුරු කුඩා ය. පැහැ­දිලි ය. පරි­ග­ණ­ක­යෙන් නොලියූ ඒ මහතා සිය අත්අ­කු­රින් දහස් ගණ­නක් ලිපි ලියු­වේය. අප­මණ සැදැහැ ගුණ නුව­ණින් යුතුව බුදු සසු­නට සැලකූ ඔහු අනෙ­කුත් ආග­ම්ව­ලට පූජ­ක­ව­රුන්ට අන්‍ය බැති­ම­තුන්ට සැල­කුවේ මානව කේන්ද්‍ර­ණ­වාදී නොවුණු ආක­ල්ප­ය­කිනි.

දරු තිදෙ­න­කුගේ ආද­ර­ණීය පියකු වූ ඒ මහතා සිය බිරිය දිගු කලක් ‍රෝගාතු­රව සිටි අව­ස්ථාවේ ඇය සෙනෙ­හ­සින් බලා කියා ගත්තේ අමිල වූ ආද­ර­ය­කිනි. ඔහුගේ ජීවි­ත­යෙන් අපට ඉ‍ෙග­න­ගත හැකි පාඩම් බොහො­ම­යකි. නොතිත් ආසා­ව­කින් පොත්පත් කියැව‍ූ ඒ දැනු­මෙන් ලිපි ලියූ එතුමා තරුණ පර­පු­රට පියකු මෙන් මඟ පෙන්වීය. සිළු­මිණ පුව­ත්පත මෙන් තවත් පුව­ත්පත් කීප­ය­කින් පාඨ­ක­යන් හට නැවුම් අත්දැ­කීම් ලබා­දී­මේදී වෙහෙස වූ ධර්ම­සිරි ගමගේ මහතා තමන් උපන් දේශය‍ට, භාෂාව, ආගම - ධර්ම­යට පණ සේ කරු­ණාව දැක්වීය.

 

අදහස්