අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි | Page 2 | සිළුමිණ

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (29) දිනයේත් උතුරු, නැගෙනහිර, උතුරු – මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනිකුත් පළාත්වල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව සදහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Comments