සෝම­ලතා සුබ­සිංහ ළමා සහ යොවුන් නාට්‍ය උලෙළ | Page 2 | සිළුමිණ

සෝම­ලතා සුබ­සිංහ ළමා සහ යොවුන් නාට්‍ය උලෙළ

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ඉදිරිපත් කරන පොඩිත්තන් සඳහා වන වාර්ෂික ළමා නාට්‍යය උලෙළ මෙම මස 7, 8, 9 දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟ හලේදී පැවැත්වේ. මෙවර උලෙළ සඳහා නාට්‍ය තුනක් රඟ දැක්වේ. ඒ අනුව රත්මලී සහ තොප්පි වෙළෙන්ඳා 7වැනි දින සවස 3.30ට සහ 7ටත් වලස් පවුල 8, 9 දෙදින සවස 3.30ට සහ 7.00ට වේදිකාගත කෙරේ.


නාට්‍ය හා රංග කලාවේදය පිළිබඳ තෙදින ප්‍රායෝගික වැඩමුළුව ඇරැඹේ

ටවර් හෝල් රඟහල පදනම සහ උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධය වාර්ෂිකව දීප ව්‍යාප්තව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය සඳහා සුදුසුකම් ලැබූ විදුහල් 40 අධ්‍යක්ෂ ගුරුභවතුන් සඳහා නාට්‍ය හා රංග කලාවේදය පිළිබඳ තෙදින ප්‍රායෝගික වැඩමුළුව ඊයේ ( 01 වැනිදා) ආරම්භ වුණු අතර එය අද (02) සහ හෙට (03) දෙදින පුරාද මීගොඩ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම වික්‍රමසිංහ, ප්‍රවීණ නාට්‍ය වේදිනී කෞෂල්‍යා ප්‍රනාන්දු, නාට්‍ය වේදී වසන්ත සමන් සොයිසා සහ ප්‍රවීණ නාට්‍ය වේදී සම්පත් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙය පැවැත්වේ.

ජයන්ති කුරේ


මාධ්‍යවේදිනී නන්දි අලුත්ගේට පද්‍ය නිර්මාණ ජයග්‍රහණයක්

2018 වර්ෂයේ සැප්තැම්බර් මස 17 දිනට යෙදුණු ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 154 වැනි ජන්ම දිනය සැමරීම වෙනුවෙන් පවත්වන ලද පද්‍ය නිර්මාණ තරගයෙන් සමස්තලංකා ජයග්‍රහණයක් අත්කර ගැනීමට ලේක්හවුස් මාංචු කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී නන්දි අලුත්ගේ රත්නවීර සමත් වුවාය. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් විවෘත මට්ටමින් මෙම වැඩසටහන පවත්වන ලදි.

 

ඡායාරූප- රංජිත් අසංක


ගායකයකු, වාදකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කලක සිට රැඳී සිටින දිනේෂ් ගමගේගේ නවතම ගී ප්‍රසංගය 'යායට සඳපානයි...' ගී ප්‍රසංගය මෙමස 7 වැනිදා සවස 6.30ට පාණදුර පුරහලේදී පැවැත්වීමට නියමිතය. ගෝල්ඩ් ෂයින් ක්‍රීඩා සමාජය ඉදිරිපත් කරන ප්‍රසංගයට සංගීතයෙන් නව පරපුරේ සංගීතඥයකු වන චතුර ප්‍රසාද් එක්වන අතර කථනයෙන් මහේෂ් නිශ්ශංක එක්වේ. ආරාධිත ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ද ඊට එක්වීමට නියමිතය.

Comments