රටම දිය­වැ­ඩි­යාවේ ගොදු­රක් කරන වැරදි ආහාර පරි­භෝ­ජ­නය | සිළුමිණ

රටම දිය­වැ­ඩි­යාවේ ගොදු­රක් කරන වැරදි ආහාර පරි­භෝ­ජ­නය

අද ලෝකයේ වේග­යෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග අත­රින් දිය­වැ­ඩි­යාව ප්‍රමු­ඛ­ස්ථා­න­යක් ගනී. ඇමෙ­රි­කාව, ඕස්ට්‍රෙ­ලි­යාව, එංග­ල­න්තය වැනි සංව­ර්ධිත රට­වල ජන­තා­වට පවා මෙම ලෙඩ­රෝ­ග­ව­ලින් ගැල­වී­මට නොහැකි වි තිබේ. ලංකාවේ ජන­ග­හ­න­යෙන් 11% ක ප්‍රමා­ණ­යක් දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත. කොළඹ ජන­ග­හ­න­යෙන් දිය­වැ­ඩි­යා­වට ගොදුරු වූ සහ දිය­වැ­ඩි­යාව රෝගය වැළ­ඳීමේ අව­දා­නම ඇති පිරිස 59.3% කි. අද දවසේ දිය­වැ­ඩි­යාව වැළ­ඳුණු අය අතර පාසල් දරුවෝ ද සිටිති. එප­ම­ණක් නොවේ. උදේ හවස දහ­දිය වගු­රු­වන කම්ක­රු­වන් අතර ද දිය­වැ­ඩියා රෝගිහු සිටිති. කඳු­ක­රයේ වෙසෙන කම්ක­රු­ව­න්ගෙන් 15% කට දිය­වැ­ඩි­යාව වැළඳී ඇති බවට වාර්තා වී තිබේ. හිනි­ඳුම වතු කම්ක­රු­වන්ගේ තත්ව­යද එසේ­මය. දින­පතා කඳු නඟි­මින් පල්ලම් බසි­මින් ශ්‍රමය වැය කරන කම්ක­රු­ව­න්ටත් දිය­වැ­ඩි­යාව වැළ­ඳීම පුදු­ම­යට කරු­ණක් නොවේ ද?. මන්ද ශ්‍රමය වැය කරන දහ­දිය වගු­රු­වන අයට දිය­වැ­ඩි­යාව, කොලෙ­ස්ට­රෝල් හට නොගන්නා බවට සාමාන්‍ය මත­යක් පැව­තීම ය.

එහෙත් අද වන විට ව්‍යායම තිබෙන ඔවු­න්වත් දිය­වැ­ඩි­යාව ආක්‍ර­ම­ණය කර ඇත. ව්‍යායාම තිබෙන පුද්ග­ල­යන් දිය­වැ­ඩි­යාව ආක්‍ර­ම­ණය කර ඇත. ව්‍යායාම තිබෙන පුද්ග­ල­යන් දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වන්නේ ඇයි?. ප්‍රශ්නය එයයි.

සීනි අධික ආහා­ර­පාන සහ පැණි රසැති කෑම දිය­වැ­ඩි­යා­වට හේතු වන බව බොහෝ­දෙනා සිතන සරල කාර­ණා­වකි. එහෙත් අද වන විට සීනි අධික ආහා­ර­පාන පම­ණක් නොව අප විසින් දින­පතා ආහා­ර­යට ගනු ලබන බත්,පාන් වැනි ආහා­ර­ව­ලින් ද දිය­වැ­ඩි­යාව වැළ‍ඳෙන බව සොයා ගෙන ඇත.

මේ අනුව දිය­වැ­ඩි­යා­වට හේතු වන ප්‍රධාන කරුණු කීප­යක් හඳුනා ගෙන ඇති අතර ඒවා මතු දැක්වේ.

කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය අන්ත­ර්ගත ආහාර පරි­භෝ­ජ­නය කිරීම

සිය­ලුම කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය­වල ආස­නික් අඩංගු වන බැවින් කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය යොදා වගා කරන සහල්, එළ­වළු, පල­තුරු, අර්තා­ප­ල්ව­ලින් මිනිස් සිරු­රට ආස­නික් ඇතුළු වන්නේ නිරා­යා­ස­යෙනි. ආස­නික්,අග්න්‍යා­ශයේ ඉන්සි­යු­ලින් නිප­ද­වන බීටා සෛල­ව­ලට හානි­දා­ය­කය.

අනු­රා­ධ­පුර ප්‍රදේ­ශයේ ට්‍රිබල් පොස්පේට් කිලෝ ග්‍රෑම් 1ක ආස­නික් මයික්‍රෝ ග්‍රෑම් 4253 ක් ද පද­විය ප්‍රදේ­ශයේ ට්‍රිබල් පොස්පේට් කිලෝ ග්‍රෑම් 1 ක ආස­නික් මයික්‍රෝ ග්‍රෑම් 25,494 ක් ද අඩංගු වී තිබුණු බව පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය විය. මේ අනුව කොප­මණ ප්‍රමා­ණ­යක් ආස­නික් ශරී­ර­ගත වේදැයි අපට සිතා ගැනී­මට අසීරු නැත.

කෘත්‍රිම රස­කා­රක හා කෘත්‍රි­මව ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය, කෘත්‍රිම ආහාර වර්ණ ගන්වන ද්‍රව්‍ය යෙදු ආහාර භාවි­තය

වර්ත­මා­නයේ බොහෝ දෙනෙක් ආහා­ර­යට ගන්නා පීට්සා, කොත්තු, රයිස්, බර්ගර්, ඩෝනට්, කේක්, මාග­රින් යෙදූ ආහාර, බිස්කට්, මස් වර්ග, සොසේ­ජස්, කෝඩි­යල් වර්ග වැනි ආහාර පාන බෝ නොවන රෝග රැස­කට මග පාදයි. මෙම ආහාර වර්ග­වල අඩංගු සින්ත­ටික් ප්‍රිස­ව­ටිව් ශරීර සෞඛ්‍ය­යට අහි­ත­ක­රය. මෙම ආහා­ර­ව­ලට යොදන අජි­න­මොටෝ මිනිස් සිරුර රෝගි කරන කාර­ක­යකි. අජි­න­මොටෝ අග්න්‍යා­සයේ රුධිර සංස­ර­ණ­යට බාධා ඇති කරයි.

හයි­ෆ්‍ර­ක්ටෝස් කෝන් සිරප්

අද බොහෝ පැණි බීම කර්මා­න්ත­ශා­ලා­වල සීනි වෙනු­වට මෙය යොදා ගැනෙන්නේ මෙය ලාභ­දායි වන බැවිනි. හයි­ෆ්‍ර­ක්ටෝස් කෝන් සිරප් ප්‍රබල දිය­වැ­ඩියා කාර­ක­යකි. මෙයින් ඉන්සි­යු­ලින් නිප­ද­වී­මට බාධා ඇති කරයි. එයින් දිය­වැ­ඩි­යා­වට ගොදුරු වෙයි. ශරී­රයේ මේද තැන්පත් වීම ඉහළ යයි. රුධිර පීඩ­නය වැඩි‍ ­වෙයි. හෘද පටක වර්ධ­නය වීමෙන් හද­වත විශාල වෙයි මෙට­බො­ලික් සින්ඩ්‍රොම් රෝග­යට ගොදුරු වේ. හයි­ෆ්‍ර­ක්ටෝස් කෝන් සිරප් යෙදූ ආහාර භාවි­තය කිසි සේත් සුදුසු නැත.

පාන්පිටි භාවි­තය

පාන්පිටි නිස්සා­ර­ණ­යේදී 70% ක් පමණ පෝෂණ සංඝ­ටක ඉවත් වේ. විට­මින් B සංඝ­ටක වන තය­මින්, රයි­බො­ෆ්ලේ­වින්, නියැ­සින් 60% - 75% කින් අඩු වන අතර කැල්සි­යම් 50% කින් පමණ අඩු වේ. මැග්නී­සි­යම් 60% කින් පමණ අඩුවේ. මැන්ග­නීස්, පොටෑ­සි­යම් 50% කින් අඩුවේ.

පාන්පි­ටි­වල ඇති කාබෝ­හ­යි­ඩ්‍රේට් ආහාර මාර්ගයේ ඇති ග්ලූකෝස් ඉක්ම­නින් අව­ශෝ­ෂ­ණය කරන බැවින් වැඩි­පුර ඉන්සි­යු­ලින් ශ්‍රාවය නිකුත් කිරී­මෙන් රෝගි තත්ත්ව­යක් ඇති‍ වේ.

පාන්පි­ටි­වල ඇති ග්ලුටන් ශරීර සෞඛ්‍ය­යට හිත­කර නැත. ඒ හැර පාන් සැදී­මේදී එක් කරන මාග­රින් මගින් ට්‍රාන්ස්මේද එකතු වේ. පාන්ව­ලට එකතු කරන සීනි­ව­ලින් දිය­වැ­ඩි­යාව වැළ‍ඳේ.

සීනි රහිත (Sugar Free) ලේබ­ලය යටතේ ඇති ආහාර භාවි­තය

අද වෙළෙ­ඳ­පොළේ Sugar Free ලේබ­ලය යටතේ ඇති ආහා­ර­වල සීනි වෙනු­වට අඩංගු වන්නේ ඇස්පා­ටමේ (E 951) නම් කෘත්‍රිම රස කාර­ක­යයි. මෙය සීනි­ව­ලට වඩා බොහෝ පැණි­රස ඇති රස කාර­ක­යකි. ඇස්පා­ටමේ නම් කෘත්‍රිම රස කාර­කයේ අතුරු ආබාධ රැසක් පවති.එය දිය­වැ­ඩි­යාව සෑදී­මට තුඩු දෙන කාර­ක­යකි.

මාන­සික ආත­තිය

වර්ත­මාන සමා­ජයේ බහු­ත­ර­යක් අන­වශ්‍ය කල­බ­ල­ය­කින් කට­යුතු කිරී­මෙන් දැඩි මාන­සික නොස­න්සුන් තත්ත්ව­ය­කට පත් වේ. එම මාන­සික අවි­වේ­කීය, ‍නොසන්සුන් බව නිසාම මාන­සික ආත­තිය ඇති‍ වේ. මාන­සික ආත­තිය දිය­වැ­ඩි­යා­වට ගොදුරු වීමට බල­පාන ප්‍රබල සාධ­ක­යකි.

ක්ෂුද්‍ර පෝෂක ඌන­තාව සහ තන්තු අඩු ආහාර භාවි­තය

ක්ෂුද්‍ර පෝෂක ඌන­තාව යනු විට­මින් සහ ඛනි­ජ­ල­වණ ඌන­තා­වයි. ශ්‍රී ලංකාවේ කුඩා දරු­වන්ගේ විට­මින් A ඌන­තාව 33.3% කි. යකඩ ඌන­තාව 50% කි. අය­ඩින් සහ මැන්ග­නීස්, සින්ක් ඌන­තාව ද අද බහු­ලව දක්නට ලැබේ. මැග්නී­සි­යම්, සින්ක්, මැන්ග­නීස් වැනි ක්ෂුද්‍ර පෝෂ­ක­ව­ලට දිය­වැ­ඩි­යාව වැළැ­ක්වීමේ හැකි­යාව ති‍බේ. එහෙත් අද ආහා­ර­වල ක්ෂුද්‍ර පෝෂක හීන වීමෙන් දිය­වැ­ඩි­යා­වට ගොදුරු වීමේ වැඩි නැඹු­රු­වක් දැක ගත හැකිය.

තන්තු සහිත ආහාර ද දිය­වැ­ඩි­යාව පාල­නය කරන නමුත් අද බොහෝ විට යන්ත්‍රා­නු­සා­ර­යෙන් නිප­ද­වන ආහාර පරි­භෝ­ජ­නය කිරී­මෙන් තන්තු අඩු ආහාර භාවි­ත­යට යොමු වී සිටින්නේ නිරා­යා­ස­යෙනි. යන්ත්‍රා­නු­සා­ර­යෙන් නිප­ද­වන ආහා­ර­වල තන්තු විනාශ වීමෙන් තන්තු සහිත ආහා­ර­ව­ලින් ලැබෙන ප්‍රති­ඵල නොලැබී යනු ඇත. උදා:- පොල් බ්ලෙන්ඩර් කිරීම.

කිරි­පිටි භාවි­තය

කිරි­පි­ටි­වල ප්‍රධාන සංඝ­ට­කය වන්නේ ලැක්ටෝස් ය. මෙය සීනි ගතිය වැඩි කාබෝ­හ­යි­ඩ්‍රේට් නොවන සංයෝ­ග­යකි. ආහාර මාර්ග­යේදී ඉතා ඉක්ම­නින් අව­ශෝ­ෂ­ණය වේ. මේ නිසා කිරි­පිටි පානය කළ පසුව රුධි­රයේ ග්ලූකෝස් මට්ටම ශීඝ්‍ර­යෙන් ඉහළ යයි. මේ නිසා ග්ලූකෝස් මට්ටම පාල­නය කිරී­මට අග්න්‍යා­ශය වැඩි­පුර ඉන්සි­යු­ලින් ශ්‍රාවය කරයි. මේ නිසා දිය­වැ­ඩි­යාව ඇති වේ. පාසල් දරු­වන්ට දිය­වැ­ඩි­යාව වැළ­දී­මට හේතු වී තිබෙන්නේ මෙම කිරි­පිටි භාවි­ත­යයි.

එළ­වළු තෙල් භාවි­තය

අසං­තෘප්ත මේදය අඩංගු එළ­වළු තෙල් වර්ග 100 C වැනි උෂ්ණ­ත්ව­ය­කින් රත් කළ විට ට්‍රාන්ස් මේදය බවට පත්වේ. මෙම ට්‍රාන්ස් මේදය ශරී­රය තුළ දිය­වැ­ඩි­යාව, හෘද­යා­බාධ සහ අක්මා රෝග ඇති කරයි. පිළිකා ඇති කරයි.

මයි­ක්‍රො­වේව් උදුන් භාවි­තය

මයි­ක්‍රො­වේව් උදු­න්වල ආහාර රත් කිරී­මේදී ආහා­ර­වල ඖෂ­ධීය ගුණය සහ ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණය විනාශ වේ. එබැ­වින් සිරුරේ ප්‍රති ශක්තිය දුර්වල වේ. දිය­වැ­ඩි­යාව, පිළිකා, මාන­සික අව­පා­ත­යන්, හෝ‍මෝන අස­ම­තු­ලි­තතා වැනි රෝග රැස­කට හේතු‍ වේ. ශරී­රයේ කොලෙ­ස්ට­රෝල් මට්ටම ඉහළ යෑමට තුඩු දේ. මයි­ක්‍රො­වේව් උදු­න්වල ආහාර රත් කිරීම කිසිම විටෙක සුදුසු නැත.

ජාන­මය ආහාර පරි­භෝ­ජ­නය

අද ලොව පුරා වගා කරන සහල්, එළ­වළු සහ පල­තු­රු­ව­ලින් 90% කට වැඩි ප්‍රමා­ණ­යක් දෙමු­හු­න්ක­ර­ණය වී ඇත. මෙම දෙමු­හු­න්ක­ර­ණ­යට ලක් වූ ආහා­ර­වල ඖෂ­ධීය ගුණ සහ ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ අඩුය.

රෝග ඇති වීමේ හැකි­යාව වැඩිය. අනෙක, මෙම ආහාර නිෂ්පා­ද­න­යේදී අධික ලෙස කෘෂි රසා­යන භාවිත කෙරේ.

එම ආහා­ර­වල ජාන තාක්ෂ­ණය වෙනස් කර තිබෙන්නේ කෘෂි රසා­යන යෙදූ තර­මට අස්වැන්න ලැබෙන පරි­දිය. මේවා කෘෂි රසා­යන ‍නොමැතිව වගා කළ නොහැ­කිය. එබැ­වින් මෙම දෙමු­හු­න්ක­ර­ණ­යට ලක් වූ ජාන­මය ආහාර පරි­භෝ­ජ­නය කිරී­මෙන් දිය­වැ­ඩි­යාව පම­ණක් නොව අව­දා­නම් රෝග රැස­කට මග පෑදෙන බව සිහි තබා ගත යුතුය.

වැලි­සර ළය රෝහලේ වෛද්‍ය
නිරෝෂ් සම­ර­වි­ක්‍රම

සාකච්ඡා කොට සංස්ක­ර­ණය කළේ හර්ෂා සුග­ත­දාස

 

අදහස්