වැල් ගොටු­කොළ-බට­කි­රි­ල්ල­ව­ලින් පහ­සු­වෙන් සුව­ක­ර­ගත හැකි දරු­වන්ට හදි කරන පණු රෝග | සිළුමිණ

වැල් ගොටු­කොළ-බට­කි­රි­ල්ල­ව­ලින් පහ­සු­වෙන් සුව­ක­ර­ගත හැකි දරු­වන්ට හදි කරන පණු රෝග

“මේ ළම­යට පණු ගායද? කොච්ච­ර­වත් දඟ­ලන්නේ…..”

අතී­තයේ කුඩා අව­ධියේ අපගේ දඟ­කා­ර­කම් ඉව­සා­ග­න්නට බැරිවූ තැන වැඩි­හි­ටි­යන් චෝදනා කලේ එලෙ­සය…. එදා පම­ණක් නොව අද ද කුඩා දරු­වන්ට පණු­රෝග වැලඳේ. නමුත් ඒ වෙනු­වෙන් පෙති කිහි­ප­යක් ගිල්ල­වී­මට එහා ගිය දැනු­ව­ත්භා­ව­යක් නූතන මවු­පිය වරු­නට නැත.

එදා දව­සේදී ස්වභා­ව­ධ­ර්මය සමඟ බද්ධව ජීවත්වූ අපේ වැඩි­හි­ටි­යන් කුඩා දරු­වන්ට බට­කි­රිල්ල අග්ග­ලා­වක් , කුඹුරු දලු මාළු­වක් ආහා­ර­යට ලබා දීම ඉතා සුලබ කාර­ණ­යක් විය.

මේ පණු රෝග යනු මොන­වාද යන්නත්, එ්වායෙහි ලක්ෂණ හඳු­නා­ගැ­නී­මත්, ඊට නිව­සේ­දීම ලබා­දිය හැකි ප්‍රති­කාර මොන­වාද යන්නත් සාක­ච්ඡා­කි­රීම මෙම ලිපියේ අර­මු­ණයි.

අපි ඒ වෙනු­වෙන් ආයු­ර්වේද වෛද්‍ය පවන් විජේ­රත්න මහතා හමු­වු­ණෙමු.

“පණු රෝග කියන්නෙ පණු­වන් හෙවත් ආයු­ර්වේ­දා­නු­කූ­ලව ක්‍රිමීන් නිසා හට ගන්නා රෝග සමූ­හ­යක්. ආයු­ර්වේ­ද­යට අනුව පණු­වන් නිසා ශරීර අභ්‍ය­න්ත­රයේ හට­ගන්නා රෝග අභ්‍ය­න්තර ක්‍රිමි රෝග විදි­ය­ටත්, සම ඇතුළු බාහිර ශරී­රයේ හට ගන්නා පණු රෝග බාහිර ක්‍රිමි රෝග ලෙසත් වෙන් කරන්න පුළු­වන්.”

“අපි එහෙම නම් මුලින්ම අභ්‍ය­න්තර ක්‍රිමි රෝග ගැන සාකච්ඡා කරමු”

මෙතැන් පටන් ලිපිය සැක­සෙන්නේ පවන් විජේ­රත්න වෛද්‍ය­ව­ර­යාගේ සාක­ච්ඡාවේ තොර­තුරු සම­ඟිනි.

ක්‍රිමි ආසා­ද­න­ය­කදී , උණ , විව­ර්ණතා (ශරී­රයේ පැහැය වෙනස් වේ නම්) ,වේද­නාව ,උද­රයේ වේද­නාව ,හෘදයේ වේද­නාව ,ඇඟ­පත අප්‍රා­ණික බව ,කර­කැ­විල්ල ,ආහාර අරු­චිය හෝ ආහාර සඳහා නොක­මැත්ත , අතී­සා­රය – මල බුරු­ලින් පිට­වීම වැනි ලක්‍ෂණ ඇති වන බව ආයු­ර්වේ­දයේ දක්වා තිබේ. මේවා එකක් හෝ කිහි­ප­යක් පණු රෝගය­කදී හඳු­නා­ග­න්නට පුළු­වන. පණු­රෝග වර්ග කිහි­ප­යක් පව­තින අතර ඒවා වෙන වෙනම සැලකූ කළ පහත පරිදි තව­දු­ර­ටත් විස්තර කළ හැකිය.

කිරි පණු ආසා­ද­න­යක ලක්‍ෂණ

කිරි­පණු රෝගය ලංකාවේ දරු­වන් අතර බහු­ලම ආසා­දන රෝග තත්ත්ව­යකි. දරු­වාගේ අන්ත්‍ර­වල මෙන්ම ගුදය ආශ්‍රි­තව වැඩෙන කිරි පණු­වන් ආසා­ද­න­යෙන් සහ කිරි පණුවා රාත්‍රි කාල­යට ගුද විව­රය ආශ්‍රි­තව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම , කැසීම හේතු­වෙන් නින්ද අඩු­වීම ,මුත්‍රා පිට­කි­රීමේ දී ඇති වන වේද­නාව, ශරී­රයේ බර අඩු වීම , ආහාර අරු­චිය ,වරින් වර ඇතිව න උද­රයේ වේදනා ආදිය දැක්විය හැකිය.

වට පණු ආසා­ද­න­යක ලක්‍ෂණ

ගැඩ­විල් පණු­වෙ­කුගේ හැඩ­යෙන් යුත් වට පණුවා ආසා­ද­න­යෙන්, දියර ලෙස මල පිට­වීම ,මල සහ වම­නය සමග වට පණු­වන් පිට­වීම , උණ සමග එන වියළි කැස්ස , උදර වේද­නාව ,ඔක්කා­රය ,ශරී­රයේ බර අඩු­වීම ආදී ලක්ෂණ විශේ­ෂ­යෙන් මතු වේ.

කොකු පණු ආසා­ද­න­යක ලක්‍ෂණ

කොකු පණු බිත්තර සහිත පස් සමග ස්පර්ශ වීමෙන් ප්‍රධාන ලෙසම බෝවන කොකු පණු රෝග­යේදී, කැස්ස, හතිය/හුස්ම ගැනීමේ අප­හ­සුව, රක්ත­හී­න­තාව හෙවත් ලේ අඩු­කම, නිතර දැනෙන මහ­න්සිය වැනි රෝග ලක්ෂණ මතු වේ. ජීවන චක්‍රයේ එක් අව­ස්ථා­වෙක කොකු පණුවා අන්ත්‍ර­වල එල්ලී ජීවත් වන අතර එතැ­නින් රුධි­රය උරා බොයි. එනිසා කොකු පණු රෝග­යෙන් පෙළෙන දරු­වන්ට රක්ත­හී­න­තාව ඇති වේ. එමෙන්ම, උද­රයේ වේද­නාව, ඔක්කා­රය, මල සමඟ රුධි­රය පිට­වීම, ආහාර අරු­චිය, කැසීම සහිත දද වැනි ලක්‍ෂණ ද ඇතිවේ.

පටි පණු ආසා­ද­න­යක ලක්‍ෂණ

පටි­යක් ආකා­ර­යෙන් දිස්වන මේ පණු­වන් ඇතැම් විට අඩි 15-30 ප්‍රමා­ණ­යට වැඩේ. පටි පණු රෝග­යේදී, ඔක්කා­රය හා වම­නය ,ආහාර අරු­චිය හෝ අධි­කව ආහාර ගැනීම, බර අඩු වීම ,ඇස්වල-නිය හා සමෙහි අත්ල­වල කහ පැහය හෙවත් කාම­ලාව,ශරී­රය දුර්වල වීම, විට­මින් ඌනතා, උදර වේදනා වැනි ලක්ෂණ ප්‍රධා­නය.

විශේ­ෂ­යෙන් කුඩා දරු­වන් මෙම පණු රෝග­ව­ලින් අප ආරක්ෂා කර­ගත යුත්තේ ඔවුන් ගැන වඩා පරීක්ෂා කිරීම හා රැක­බලා ගැනී­මෙන්ය. දරු­වන්ගේ ක්‍රියා­ව­න්වල යමි­කිසි වෙන­සක් ඇත්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුයි. අවශ්‍ය අව­ස්ථාව බලා සුදුසු ප්‍රති­කා­ර­ව­ලට යොමු වීම වැද­ගත්ය.

ප්‍රති­කා­ර­ව­ලට යොමු වීමට වඩා පණු රෝග වළ­ක්වා­ගන්නා ක්‍රම­වේද අනු­ග­ම­නය අත්‍යා­ව­ශ්‍යය.. දින­පතා දරු­වන් නැහැ­වීම , අඳින ඇඳුම් ප්‍රයෝ­ජ­න­යට ගන්නා බඩු බාහි­රා­දිය පිරි­සු­දුව තබා ගැනීම, නිය­පොතු හිස­කෙස් නිසි කලට කැපීම හා ඉතා පිරි­සුදු ලෙස සකස් කළ ආහා­ර­පා­නා­දිය ලබා­දීම සිදු කිරීම වැද­ගත්ය.

පණු රෝග සඳහා සුදුසු ආහාර

වැල් ගොටු­කොළ කිරි­මුල් සමඟ ලියා රතු­ලූනු මිශ්‍ර කර සම්බෝ­ලය සාදා දීමත්, සති­ය­කට දෙක­කට වර­ක්වත් ගොටු­කොළ සහ මුලින් ගෙන හොඳින් කොටා ඉස්ම මේස හැඳි තුන හත­රක් පමණ ගෙන වළ­ඟ­ස­හල් කුඩු ස්වල්ප­යක් දමා හිස්බඩ බොන්න ට දීමත් නිව­සේදී පහ­සු­වෙන් ලබා­දිය හැකි ආහා­ර­මය ප්‍රති­කා­ර­යන්ය.

කව­ලම් කොළ මැල්ලුම, එර­බදු දලු හෝ කොළ මිටක් එකතු කර මැල්ලුම සාදා කෑමට දීමෙන් අන්ත්‍රයේ ඇති පණු බිත්තර ඇත්නම් පුපුරා යයි. බට­කි­රිල්ල කොළ අව්වේ වේලා සුදු සහල් සමඟ කුඩු කර පොල් පැණි­යෙන් අග්ගලා මෙන් සාදා කෑමට දීම පණු­රෝග වෙනු­වෙන් අතී­තයේ දී භාවිතා කළ සාර්ථක ආහා­ර­මය ප්‍රති­කා­ර­යකි.

මෙවැනි සරල ප්‍රති­ක­ර්ම­ව­ලින් ආර­ම්භක අව­ස්ථා­වේ­දීම රෝගය වළක්වා ගත හැකි වුවත්, සංකීර්ණ තත්ව­ය­න්ව­ලදී සුදු­සු­කම් ලත් ආයු­ර්වේද වෛද්‍ය­වෙ­ර­යෙකු වෙත දරුවා ගෙන යෑම වඩාත් සුදු­සුය.

නමුත් මෙවැනි රෝග සහිත දරු­වන්ට ප්‍රති­කාර කිරී­මට ප්‍රථම යළි යළිත් රෝගය මතු වීමට බල­පාන සාධක බැහැර කර දරු­වාගේ නිරෝ­ගි­ක­මට අවශ්‍ය රැක­ව­ර­ණය ඇත්දැයි සොයා බැලීම වඩාත් වැද­ගත්ය.

ආයු­ර්වේද වෛද්‍ය
පවන් පූර්ණ විජේ­රත්න
BAMS (කොළඹ විශ්ව විද්‍යා­ලය)

අදහස්