අලුත් රස 2ක් සමඟ පිට්සා හට් විසිපස් වසර සපුරයි | සිළුමිණ

අලුත් රස 2ක් සමඟ පිට්සා හට් විසිපස් වසර සපුරයි

ශ්‍රී ලංකාවේ හදවතට දැනුණු මතකයන් සපිරුණු වසර 25ක් සමරන පිට්සා හට්, අපගේ අංක 01, සිරිපාපාර, කොළඹ 05 ලිපිනයේ පිහිටි අවන්හල, 2018 නොවැම්බර් මස 05 වනදා සිට විශේෂ හැකියාවන් සහිත සේවක පිරිසකගේ සේවය ඇතිව පාරිභෝගික ඔබවෙත විවෘත වන බව ඉමහත් ආදරයෙන් සතුටින් හා ගෞරවයෙන් දැනුම් දෙමු.

මෙය බොහෝ කාලයක සිට පිට්සා හට් හි මූලික බලාපොරොත්තුවක්ව පැවති දෙයකි. පිට්සාහට් අපි ශ්‍රී ලංකාවේ වසර 25ක් සමරන මේ මොහොතේ එම කාර්යයේ පළමු ආරම්භය ගැනීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටු වෙමු. තිඹිරිගස්යාය පිට්සා හට් අවන්හලම මේ අලූත් සුවිශේෂී ඇරඹුම සඳහා තෝරා ගැනීමට විශේෂයෙන් හේතු වූයේ එහි අවට පරිසරයේ ඇති වඩාත් ප්‍රියමනාප පෙනුමත්, අවන්හල තුළ ඇති සුන්දරත්වයත් ය. පාරිභෝගික ඔබට පහසු සේවයක් ලබා දීම වෙනුවෙන් මෙම අවන්හලේ දී සංඥා භාෂාවෙන් සේවකයන් හා අදහස් හුවමාරු කරගැනීමට විශේෂයෙන්ම සකස් කළ මෙනුපත්සහ ටේබල් ටොප්ස් තබා ඇත. මේ සුවිශේෂී කාර්යය ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළෙන ප්‍රයත්නයක් බව අපට විශ්වාසයෙන් යුතුව කිව හැකියි. සාමාන්‍යයෙන් රැකියා ක්ෂේත්‍රය දෙස නොබලන ආකාරයකින් බලන විට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් තුළත් විවිධාකාරයේ අසමසම දක්ෂතා ඇති බව පිට්සා හට් අපට හඳුනාගත හැකිවූවා. මෙවැනි අයගේ හැකියාවන් තුළින්ම ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරමින් රට පුරාම රැකියා අවස්ථාවන් ඇති කිරීම අපගේ අරමුණයි.ශ්‍රී ලංකාවේ පිට්සා හට් ජාලයේ රැකියාව කරන සෑම සේවකයෙකුටම වැඩ කිරීමට පහසු ප්‍රියමනාප පරිසරයක් සකසා දීමෙන් තම පවුලේ අය සමඟින් සිටින්නාසේම සතුටින් සේවයේ නියුතුවීමට අප ඉඩ සලසා දී තිබෙනවා.ඇත්තෙන්ම පිට්සාහට් ශ්‍රී ලාංකීය ගමනේ තවත් අලූත් පියවර තැබීමක් ලෙස අද දවස අපගේ මතකයන් අතරට එක්වන බව මට විශ්වාසයි. යනුවෙන් ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යසා නඩරාජා මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාව ඉතාමත් උණුසුම් සුහදශීලී මිත්‍රශීලී අත්දැකීමක්. අපගේ සේවයේ නියුතු මෙම විශේෂී සේවකයන් සමඟ කිසිදු අපහසුවකින් තොරව අදහස් හුවමාරු කරගනිමින් ආහාර රසවිඳීමට හැකි වන සේ සියලු කටයුතු අප සලසා තිබෙනවා. ඒ වගේම පිට්සා හට් පාරිභෝගික ඔබට හැමවිටම රසවත් ආහාර නිපැයුම් ලබාදෙන අතරම අප සේවයේ නියුතු වූවන්ටත් පාරිභෝගික ඔබටත් අලූත් මෙන්ම රසවත් අත්දැකීම්, ජීවිතයට එකතු කිරීමට අපි කැප වී සිටින බව කිව යුතුමයි. යනුවෙන් ගැමාපිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්) ආයතනයේ මානව සම්පත් සහ පරිපාලන අධ්‍යක්ෂ කෞෂාල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

වසර විසි පහක සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වසර විසි පහක් සමරන පිට්සා හට් වෙතින්, උදාවන උත්සව සමය රස ගන්වන්නට ට්‍රිපල් චිකන් ෆීස්ට් සහ සෙවන් චීස් පිට්සා, නවතම රස දෙකක් පාරිභෝගික ඔබ වෙත හඳුන්වා දෙනු ලබයි.

විවිධ වූ චිකන් රසයන් අත්විඳීමට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් බාබක්‍යු චිකන්, කොච්චි සොසේජ් මීට් සහ චිකන් බේකන් දමා ක්‍රීම් චීස් සහ මොසරැල්ලා චීස් ලේයරයකින් ප්‍රණීත ලෙස සැකසූ, ට්‍රිපල් චිකන් ෆීස්ට් ඔබට තවත් රසවත් අත්දැකීමක් වනු ඇත. චීස් රසයට ආදරය කරන ඔබට මොසරැල්ලා, චෙඩර්, මොන්ට්‍රේජැක්, පාමසාන්, ප්‍රෙවලෝන් සහ රොමානෝ චීස්, ක්‍රීම් චීස් ලේයරයක් සමඟින් මුසු කර සෑදූ සෙවන් චීස් පිටිසා පෙර නොවිඳි අපූරු චීස් රසයක් ඔබ වෙත ගෙනෙනු ඇත.

පිට්සා හට් සමඟින් වසර 25ක් එකතු වී සිටින හිතවත් පාරිභෝගික ඔබට, නැවත වතාවක් වඩාත් රසවත්, නැවුම් අත්දැකීම් දෙකක්ම රැගෙන එන්නට අපට හැකි වුණා. හැම විටම ගුණාත්මක බවින් වැඩි නිපැයුම් ඔබට ලබා දෙන අපි, කිසිදු වෙනසකින් තොරව මින් ඉදිරියටත් ඒ වගකීම සතුටින් ඉටු කරනවා. යැයි ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී යසා නඩරාජා මහතා ප්‍රකාශ කළේය.

හඳුන්වා දෙන නවතම රසයන් වන ට්‍රිපල් චිකන් ෆීස්ට් සහ සෙවන් චීස් පිට්සා, දැන් ඔබට රුපියල් 560ක ආරම්භක මිලකට සිග්නේචර් රේන්ජ් එකෙන් රසවිඳිය හැක. මේ රසයන් දෙකම පෑන්, සොසේජ් ක්‍රස්ට්, ටෆ්ඩ් ක්‍රස්ට් සහ ග්‍රෑන්ඩ් ඩිපර් ලෙසින් රස විඳීමේ අවස්ථාව ඔබට සලසා දී තිබේ.

පිට්සා රසවිඳිමින් විශේෂ අවස්ථාවන් සමරන ශ්‍රී ලාංකික ඔබට රස මතකයන් ගෙන එන්නට හැමවිටම අපට හැකි වුණා. පාරිභෝගික ඔබට ගුණාත්මක බවින් ඉහළ, රසවත් නිපැයුම් හඳුන්වාදීමට අපි කැපවී සිටිනවා. එහි අලූත්ම පියවර ලෙස අද ඔබට ඉදිරිපත් කරන මේ පිට්සා නිපැයුම් දෙක හඳුන්වාදෙන්න පුළුවන්. මේ නවතම නිපැයුම් දෙකත් ඔබ නිතර ඉල්ලන රස දෙකක් වේවි. යනුවෙන් ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) ආයතනයෙහි අලෙවි අධ්‍යක්ෂිකා ශාර්මිලා අරසරත්නම් මහත්මිය ප්‍රකාශ කළා ය.

දැන් පාරිභෝගික ඔබට රට පුරා පිහිටි ඕනෑම පිට්සා අවන්හලකට පිවිසීමෙන් ද, 2 729 729 ට ඇමතීමෙන් ද, පිට්සා හට් ඇප් එක හරහා ඕඩර් කිරීමෙන්ද මේ නවතම රස අත්දැකීම විඳගත හැකිය.

අදහස්