නයෙක් නම් ලෙස්ලි අම­තන්න | සිළුමිණ

නයෙක් නම් ලෙස්ලි අම­තන්න

* මෙය මගෙන් සමා­ජ­යට විය­යුතු සේව­යක්...
* කොහේ­වු­ණත් කමක් නෑ නයා මරන්න එපා අල්ලා කැලේට මුදා­හ­රින්න මං එන්නම්

විස­කුරු සර්ප­යකු දුටු කල ඕනෑම අයෙකු තැති ගන්නෙ නිරා­යා­ස­යෙනි. ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ සේව­යෙහි නියුතු හපු­තලේ වෙසෙන රංගන ද ඉකුත් දින­වල සිය නිවෙස අවට සැරි­සැරු නාග­යෙකු නිසා මහත් පීඩා­ව­කට පත්ව සිටි­යේය. ඔහු එම විස­කුරු සර්ප පීඩ­න­යෙන් මිදී­මට නොයෙක් නොයෙක් ක්‍රම සහ විධි සෙවීය. ඒ කිසි­ව­කි­න්වත් පලක් නොවෙද්දී ඔහු සිළු­මිණ ඇම­තූයේ මීට පෙර අප පුව­ත්ප­තෙන් දුන් හෝඩු­වා­වක් සිහි­පත් වීමෙනි.

“පසු­ගිය දින­වල එක්ව­රම ගෙද­රට විශාල නාග­යෙක් එන්න ගත්තා.

ඌ කිසිම කෙනෙ­කුට බයත් නෑ. කොච්චර සෙනඟ ගැව­සු­ණත් එනවා. බොහෝ දව­ස්වල දෙතුන් සැරේ දකි­නවා. මගේ බබත් තවම පොඩියි. අවු­රුදු පහයි. වත්තෙ­පි­ටියෙ දුවන වය­සනේ. ඌව දැක්කොත් එයා අල්ල­න්නත් යයි. බිරි­යයි මායි වැඩට ගියාම දරුවා ආච්චියි සීයයි එක්ක ඉන්නෙ. ඒක නිසා අපි ලොකු ප්‍රශ්නෙ­කට මුහුණ දීලා හිටියේ මේ සතා නිසා. හැමෝම කිව්වා ගහලා මරලා දාන්න කියලා. ඒත් මං කිසි­සේත්ම කැමැති වුණේ නෑ ඌ මර­න­වට. ඒත් ඉතින් නයෙක්නේ. පෑගු­ණො­ත්හරි ගෙයි අස්ස­කට රිංගු­වොත් හරි හිතා­ගන්න පුළු­වන්නේ වෙන දේ. පස්සෙ මට ‘සිළු­මිණ’ පුව­ත්පතේ පළ­වුණු නයෙ­ක්නම් අම­තන්න ලිපිය මතක් වුණා. ඒ ලිපිය කිය­ව­න­කොට මං හිතුවේ නෑ කව­දා­ක­වත් මේ වගේ ප්‍රශ්නෙ­කට අප­ටත් මුහුණ දෙන්න වෙයි කියලා. අන්ති­මට මං අන්ත­ර්ජා­ල­යෙන් ලිපිය ආයෙත් කියෙව්වා.”

ඒ අනුව රංග­නගේ නයි කර­ද­රේට විස­ඳුම් සෙවී­මට ඉදි­රි­පත් වූයේ අප 2017 මාර්තු 12 වැනිදා සිළු­මිණ පුව­ත්ප­තින් හෙළි කළ 'නයෙ­ක්නම් අම­තන්න' ලිපියේ කතා නායක වූ පොල්ග­ස්ඕ­විට වෙසෙන ලෙස්ලි පෙරේරා මහතා ය.

“මම හපු­තලේ ඉඳන් කිලෝ­මී­ටර් සීය ගාණක් දුර පොල්ග­ස්ඕ­වි­ටට ගිහින් ලෙස්ලි මහ­ත්මයා එක්ක­ගෙන ආවා... පැය තුන හත­රක් ඒ මහ­ත්මයා නයා හෙව්වා... හම්බ වුණේ නෑ. අන්ති­මට නැව­තත් ලෙස්ලි මහ­ත්මයා පොල්ග­ස්ඕ­වි­ටට ගිහින් බස්සන්න ගියා. මං මේ නයි කර­දරේ නිසාම ගෙද­රට සීසී­ටීවී කැම­රාත් සවි කරලා තිබුණේ. පස්සෙ ඔය දවසේ හවස පහට විතර කැම­රා­ව­කට නයාගේ දසුන් හසු­වෙලා තිබුණා... එත­කොට මම ලෙස්ලි මහ­ත්තයා සමඟ රත්න­පුරේ හරියේ යමින් හිටියේ.. ලෙස්ලි මහ­ත්මයා ‘යං යං හර­ව­ගෙන යමු... කොහො­ම­හරි එදා රෑ ඌව අල්ල­ගන්න බැරි­වුණා. පහු­වෙ­නිදා මෙන්න උදේ ඉඳන්ම නයා සෝදිසි කළා. කොහේද අස්සක ඉඳලා ලෙස්ලි මහ­ත්තයා නයා අල්ල­ගෙන ආවා. දැක්කම බය හිතෙ­නවා අඩි පහ­හ­මා­රක් විතර ඇති. මං අද­ටත් සතුටු වෙනවා නයා මරන්නෙ නැතිව අල්ලලා කැලේට ගිහින් දාන්න ලැබිච්ච එක ගැන... ඒ සිය­ලුම දේ කර­ගන්න ලැබුණේ ලෙස්ලි මහ­ත්තයා වගේම සිළු­මිණ පුව­ත්පත නිසා... හැමෝ­ටම පින්.”

විසකුරු සර්ප­යකු දුටු කල තැති ගන්නා මෙරට වෙසෙන ඕනෑම අයකු වෙනු­වෙන් එලෙස කැප වනුයේ මහ­ජන බැංකු සේව­යෙන් පසුව විශ්‍රාම සුව­යෙන් පසු­වන 73 හැවි­රිදි ලෙස්ලි මහ­තාය. අප පුව­ත්පත් ලිපි­යත් සම­ඟින් ගෙවී ගිය කාලය තුළදී සිය ගණ­නක් දෙනා ඔහු අමතා ඔහුගේ සේවය ලබා ගෙන ඇත්තාහ.

“ඇත්ත­ටම සිළු­මිණ ලිපි­යෙන් පස්සෙ බොහෝ දෙනෙක් මට කතා කළා. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා... මිනිස්සු සර්පයෝ මරන්නෙ නැතිව මට කතා කරන එක ගැන මට තියෙන්නේ සතු­ටක්. ඒ වගේම ඒ හැම දෙනා­ගේම පාහේ සර්ප කර­ද­ර­ව­ලට පිළි­යම් දෙන්නත් මට හැකි­වුණා. හැතැප්ම සිය ගණන් දුර ගෙවා­ගෙන සම­හරු ආවා මාව රැගෙන යන්න. මං කියන්නෙ සර්ප­යන්ගේ චර්යා රටාව සහ උන්ගෙන් හිරි­හැ­ර­යක් නොවන ආකා­ර­යට හැසි­රෙන අන්දම ගැන මහ­ජ­නයා දැනු­වත්ව සිටි­න­වා­ ­නම් කර­දර අඩුයි.”

ඔහු විසින්ම නිර්මා­ණය කර­ගත් උප­ක­රණ කට්ට­ල­යක් ඇසු­රෙන් සර්ප­යන් අල්ලා කැලෑ­ව­ලට මුදා­හ­රින හෙතෙම ඉන් හුදෙක් ආත්ම තෘප්ති­යක් මිස කිසිම ලාබ ප්‍රයෝ­ජ­න­යක් අපේක්ෂා නොක­රයි. සර්ප පීඩා­ව­ලට ලක්ව සිටින අය වෙනු­වෙන් ඔහු කැපව සිටින්නේ දිවා රාත්‍රී නොබ­ලාය.

නාග­යන් හා වෙනත් සර්ප­යන් බොහෝ­විට අපට දකි­න්නට ලැබෙන්නේ ගම්බද හා ජනා­කීර්ණ පරි­ස­ර­යෙන් බැහැ­රව යැයි අප සිතු­වත් බොරැල්ලෙ වෙසෙන 59 හැවි­රිදි සුසිලා මහ­ත්මි­යට මෑතදී නාග­යකු නිසා අත්වි­ඳි­න්නට වූයේ සැබෑම හිරි­හැ­ර­යකි.

“අපට ලෙස්ලි මහ­ත්තයා සම්බන්ධ කර­ගන්න ලැබුණේ සිළු­මිණ පුව­ත්පත නිසා. අපි ඉන්න මේ නාග­රික පැත්තේ සර්පයෝ ඉන්නවා කිව්වට කිසිදු කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. ඒත් මීට මාස දෙක­කට විතර කලින් මිදුල අතු­ගා­න­කොට තමයි උග්‍ර විෂ සහිත තිත් පොළ­ඟව දැක්කෙ. අපි වග­කිව යුතු ආය­තන කීප­ය­ක­ටම කතා කළා. ඒ කිසිම තැන­කින් ස්ථිර පිළි­තු­රක් ලැබුණේ නෑ. පස්සෙ මට මතක් වුණා සිළු­මිණේ ලිපිය ගැන. අනේ මං ලෙස්ලි මහ­ත්තයා ඇමැ­තුව විගස අපේ ගේ හොයා­ගෙන ආවා. ඔහු දැක්ක ගමන් කිව්වෙ, මේ උග්‍ර විෂ සහිත තිත් පොළ­ඟෙක් කියලා. බල­න­කොට අඩි තුන­හ­මා­රක් විතර දිගයි. ඔහු සතා අල්ලලා කැලේට ගිහින් අත­හැ­රලා දැම්මා. ඇත්ත­ටම ඒ මහ­ත්තයා හම්බ නොවු­ණා­නම් අපි තව­මත් ලොකු කර­ද­රේක ඉන්නෙ. ඒ වගේම එතුමා නිසා සර්ප­ය­න්ටත් කර­ද­ර­යක් වෙන්නෙ නෑ. ඒක තමයි වැද­ගත්ම දේ.”

සර්ප කර­ද­ර­ව­ලින් පීඩා විඳින අයට මෙන්ම සර්ප­යෙකු දෂ්ට කළ­හොත් කළ යුතු මූලි­කම දේ ගැන ලෙස්ලි පෙරේරා මහතා මහ­ජ­න­තාව දැනු­ම්වත් කර­න්නේය.

“මං මේ අවු­රු­ද්දට විත­රක් නිවෙස් ආශ්‍රි­තව සිටි උග්‍ර විෂ සහිත සර්පයෝ 67 දෙනෙක් අල්ලලා කැලෑ­ව­ලට මුදා­හැ­රියා. වැඩි­පු­රම නාග­යන් තමයි. මම ජන­තා­ව­ගෙන් ඉල්ලන එකම දේ සර්පයෝ මරන්න එපා. උන් පරි­ස­රයේ සම­තු­ලි­ත­තා­වට අත්‍ය­ව­ශ්‍යම කොට්ඨා­ස­යක්. ඒක නිසා ඕනෑම අයෙක් ඕනෑම වෙලා­වක ඕනෑම තැන­කට මට කතා කරන්න. මම පුළු­වන් ආකා­ර­යෙන් මගේ සේවය ලබා දෙනවා. ඒ වගේම සර්ප­යෙක් කෑවොත් අනි­වා­ර්ය­යෙන්ම කළ යුතු මූලි­කම ප්‍රති­කර්ම ගැන සෑම අයෙක්ම දැනු­වත්ව සිටිය යුතු­මයි. ඉක්ම­නින්ම සර්ප­යා කෑ ස්ථානය ගලා යන වතු­රෙන් සෝදා රෝගියා හැකි­ත­රම් නිශ්ච­ලව තබ­මින් රජයේ රෝහ­ල­කට රැගෙන යෑම තමයි කළ යුතුම දේ.”

නයෙක් ගොදු­ර­කට පැමි­ණි­විට කෙසේ­වත් එය අත්හැර නොයයි. පලවා හැරි­යද ගොදුර ඩැහැ ගැනීම සඳහා යළි පැමි­ණීම බොහෝ නයින්ගේ සිරි­තය. මෙවැනි චර්යා දැන සිටී­මෙන් නයකු අල්ලා මෙල්ල කර ගැනීම පහ­සු­වන බව ලෙස්ලි මහතා පව­සයි.

සර්ප දෂ්ටන අත්දැ­කී­මක් ඔහුට ද ඇත්තේ නාග­යකු ඇල්ලී­මට ගොස් සිදුවූ අත­ප­සු­වී­ම­කින් නාගයා ඔහුගේ අත් දෙකම දැඩිව සපා කෑ නිසාය.

“මං එදා බේරුණේ මගේ දැනු­ව­ත්බව නිසා වගේම ඉක්ම­නින්ම රජයේ රෝහ­ල­කට ගිය නිසයි.”

සර්ප කර­ද­ර­ය­කට කෙනෙකු මුහුණ පෑවොත් ඉන් මුදා­ගැ­නී­මට ලෙස්ලි පෙරේ­රාගේ සේවය දිවා රෑ නොබලා ඕනෑම මොහො­තක ලබා දෙන වග පසු­ගිය දිනෙක මාද අත්දු­ටු­වේය. ඒ පසු­ගිය දිනෙක රාත්‍රියේ මාගේ නිවෙ­ස­ටද පැමිණි විශාල නාග­යෙකු අල්ලා ගැනී­මට ඔහු කළ හප­න්කම නිසායි.

විස­කුරු සර්ප­ය­කු­ගෙන් පීඩා විඳින ඕනෑම අයකු හෝ ඔහු වෙතින් සර්ප­යන් ඇල්ලීමේ දැනුම ලබා ගැනී­මට හෝ කැමති අයකු වෙත්නම් 0715990841 දුර­ක­ථන අංක­යෙන් ලෙස්ලි පෙරේරා මහතා ඇමැ­තිය හැකිය.

අදහස්