නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

අලුත් ලේඛ­කයා

නග­රයේ බස් නැව­තු­ම්පොළේ දී මම ගෙදර එන්නට බස­ය­කට නැග අසු­න්ගෙන සිටි­යෙමි.

කොන්දො­ස්තර තැන ටිකට් කඩා අව­සන් වීම­ටත් පෙර රියැ­දුරැ තැන බසය පණ ගන්වා යාන්ත­මින් ඉදි­රි­යට අද්ද­ව­න්නට විය.

ඒ හදි­සියේ බසයේ ඉදිරි දොරින් ගොඩ වී කඩි­මු­ඩියේ මගීන් අම­ත­න්නට වූයේ නව යොවුන් තරු­ණ­යෙකි.

‘නෝනා­ව­රුනි, මහ­ත්ව­රුනි, සමා­වෙලා මට පොඩ්ඩ­කට කන් දෙන්න. මං මේ හදි­සියෙ බස් එකට නැග්ගෙ මගෙ කුඩා කෙටි­කතා පොත ගැන ඔය­ගො­ල්ලන්ට කිය­න්ඩයි...‘

ඔහු මගේ අව­ධා­න­යට යොමු වූයේ මා ද කෙටි­කතා ලියන ලේඛ­ක­යකු බැවිනි.

ඔහුට අවු­රුදු විසි­ප­හක් ඇති නැති ගාණ ය. උස ය. පැහැ­පත් නැතත් ප්‍රසන්න ය. ඔහු හිස පීරා හොඳින්. හැඳ පැලඳ සිටියේ ය.

අතක පොත් මිටි­යක් විය. අනෙක් අතින් ඔහු මගීන්ට පොතේ පිටු පෙර­ළ­මින් විස්තර කිය­න්නට පටන් ගත්තේ ය.

‘... නෝනා­ව­රුනි, මහ­ත්ව­රුනි, මං ඔය­ගො­ල්ලන්ට විකු­ණන්නෙ අනුන්ගෙ කෙටි­කතා පොතක් නෙමේ. මේක මංම ලියල මංම අච්චු ගස්සපු එකක්. ‘ යැයි කී ඔහු පොතේ නම කියා ඒ ගැන තව දුර­ටත් විස්තර කර­ගෙන ගියේ ය.

‘... නොනා­ව­රුනි, මහ­ත්ව­රුනි, මේකෙ අන්ත­ර්ගත වෙලා තියෙන්නෙ මගෙම කෙටි­ක­තා­වක්“ යැයි කී ඔහු එය එක්තරා තර­ග­ය­කින් මුල් තැන ගත් නිර්මා­ණ­යක් බවත්, ඒ බව ඔප්පු කරනු පිණිස අදාළ තර­ගයේ දී තමාට ලැබුණු සහ­ති­කය ද පොතේ මුද්‍ර­ණය කර ඇති බවත්, පොතෙහි මිල රුපි­යල් සිය­යක් බවත් කීවේ ය.

‘... නෝනා­ව­රුනි, මහ­ත්ව­රුනි, මේ පොත විකු­ණල ලැබෙන සල්ලි මගෙ අධ්‍යා­පන කට­යු­තු­ව­ල­ටයි යොද­වන්නෙ.‘ ඔහු එසේ කියන විට ස්වෝත්සා­හ­යෙන් නැගී සිටි­න්නට හදන මේ තරු­ණ­යාට අත දීමක් හැටි­යට පොතක් මිල දී ගනු පිණිස මම මුදල් තත්වය පිරික්සා බැලු­වෙමි. අවා­ස­නා­ව­කට මෙන් ඒ අව­ස්ථාවේ අම­තර රුපි­යල් සිය­යක් නොවූ­යෙන් මම නිහඬ වීමි.

ඔහුට සහ­යෝ­ග­යක් හැටි­යට රියැ­දුරු ද බසය ඉදි­රි­යට නොගෙන ටික වේලා­වක් ඉවසා සිටියේ ය.

මට ඉදිරි අසු­න්වල සිටි කාන්තාවෝ දෙදෙ­නෙක් පොත් දෙකක් මිල දී ගත්හ. ඒ වෙළ­ඳාම කර ගත් හැටියේ ඔහු මා පසු­කොට පිටු­ප­සට ගිය හෙයින් මට ඔහු ගේ හඬ නෑසිණ.

මෙය හුදු සිද්ධි­යක් පම­ණ­කැයි මට නොසිතේ . එසේ වන්නේ මා ද පොත පත ලියා ප්‍රසිද්ධ කර ඇති බැවිනි. ඒවා අදාළ සමා­ගම් මගින් අලෙවි කෙරෙනු විනා මා ඒවායේ අලෙ­වි­යට නොබැස්සේ එය මට නොගැ­ළ­පෙන වැඩක් බව දැනුණු හෙයිනි.

මේ තරු­ණයා කළේ ලේඛ­ක­ය­කුට නොත­රම් වැඩක් යැයි මම නොසි­තමි. අද ඇතැම් ලේඛ­ක­යන් සාහිත පත පොත ලියා තමන් ම මුද්‍ර­ණය කොට තමන් ම බෙදා­හ­රින හැටි මා දැක ඇත. ඔවුන් සිය රියෙහි ඒවා පට­වා­ගෙන ගොස් රිය පාර අයිනේ නවත්වා පොත් මිටි උස්සා­ගෙන පොත් සාප්පු­ව­ලට යන හැටි ද මා දැක ඇත. එයත් මෙයත් අතර ඒ අතින් අස­මා­න­තා­වක් නැත.

මෙතන මට පේන හැටි­යට ඇත්තේ අපේ පර­පු­රේත්, අලුත් පර­පු­රේත් ලේඛ­ක­යන්ගේ චින්තන රටාවේ ඇති වෙනස ය. අපි ලේඛන කලා­වත්, වෙළ­ඳා­මත් දෙකක් කොට තැකු­වෙමු. මේ අය එසේ නොත­කති. හැකි­යාව මුදල් කොට තර­ග­කාරී සමා­ජ­යට මුහුණ දීමට ඔවුන් සිත­නවා නම් එය වර­දක් විය නොහැකි ය.

අන­න්‍යතාව සඟවා සිටී­මට කැමති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


ගංව­තුර

ඒ අප ගුරු විදු­හලේ සිට නික්ම ආ දෙසැ­ම්බර් මාසයේ එක්තරා දින­යක් වූයේ ය. කඳු­ක­රයේ නේවා­සික ව සිටි අපට වෙර­ළ­බඩ කලා­පය ගංව­තු­රින් යට වී ඇති බව නොදැ­නිණ.

ඒ වන විට අප කැඳ­වා­ගෙන ඒමට මගට බැස තිබුණු මාපි­යන්ට ගංව­තුර බාධ­ක­යක් වී තිබිණ. එහෙ­යින් ඔවු­නට සිය රථය අත­ර­මග නවතා දුම්රි­යෙන් මහ­නු­වර බලා ඒමට සිදු විය.

අව­සා­නයේ අප සිය­ල්ලන් ම කුලී රියක නැගී වහ වහා මහ­නු­වර දුම්රි­ය­පො­ළට පැමිණියේ දෙව­ස­රක් ඇසුරු කළ පොත් පත්, ඇඳුම් හා වෙනත් භාණ්ඩ ද රැගෙන ය. දුම්රිය පිටත් වීමට තිබුණේ තත්පර ගණ­නා­වක් වුව ද වාස­නා­ව­කට මෙන් එයට නැග ගැනී­මට අපට හැකි විය.

දුම්රිය අග­නු­ව­රට ළඟා වූයේ රාත්‍රියේ ය. අපි පහන් වන තුරු දුම්රි­ය­පො­‌ෙළහි ගත කළෙමු.

හලා­ව­තින් එහාට අප යා යුතු වූයේ බස­යෙනි. ගං වතු­රට පාර­වල් යට වී ගමනා ගම­නය ඇන හිට තිබුණේ ය. ඒ මදි­වාට පාර­ව­ල්ව­ලට ගස් ද කඩා වැටී තිබිණ.

හලා­වත නග­රයේ දාන­පති වෙළ­ද­සල් හිමි­යකු ඒ වන විට සත්ක්‍රියා­වක් අරඹා සිටියේ ය. ඔහු ගං වතුර නිසා ගෙවල් බලා යාගත නොහැකි වූ අයට තුන්වේ­ලට ම කන්නට දුන්නේ ය. රාත්‍රියේ පිරිත් දෙසු­මක් ද පැවැ­ත්විණ.

අපි හැමෝ ම බිම වාඩිවී දානය භුක්ති වින්දෙමු. පිරිත් ඇසීමු.

වැස්ස නැව­තුණි. අපි දුෂ්ක­රතා මැද, දැදුරු ඔයේ සැඩ දිය පහර මැද, කඹ­යක එල්ලී, කඩා වැටුණු ගස් දිගේ ගොස්, ඉන්පසු ට්රැක්ට­ර­යක ද නැගී නිවෙ­සට ආවෙමු.

නිවෙස කඩා වැටී නොති­බුණ ද නිවෙ­සෙහි තිබූ බඩු මුට්ටු නිවෙස වටා පාවෙ­මින් තිබිණ.

මේ අතීත සිද්ධිය විටින් විට මට සිහි­පත් වෙයි. ඒ හැම වාරයේ ම අත­රමං ව සිටි අපට තුන්වේල කන්නට දී ඉඳුම් හිටුම් සැලසූ දාන­පති එලා­රිස් මුද­ලාලි සිහි­පත් වෙයි.

පිය­සීලි විජේ­නා­යක මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්