මුතු­මි­ණට බැඳි පෙමක මහිම | සිළුමිණ

මුතු­මි­ණට බැඳි පෙමක මහිම

වසර පන­හ­කට පෙර පුව­ත්පත් වල පළ­ක­රන දැන්වී­මක මිල ඉතා අඩුය. කාල­යත් සමඟ දැන්වී­මක් පළ කර­න්නට අද වන විට දහස් ගණ­නින් මුදල් වැය වේ. කොහොම වුණත් වසර පන­හක් තිස්සේ එක් පුවත් පතක නොව පුවත් පත් දෙක­තු­න­කම සිය බිරි­යගේ සේයා­රුව හා ඇය වෙනු­වෙන් ලියූ කවි පෙළක් ද සමඟ දැන්වී­මක් පළ­ක­රන ඔහු ගැන අපට ඇත්තේ අරු­ම­යකි. මට විශ්ව සාහි­ත්‍යයේ මෙන්ම අපේ සාහි­ත්‍යයේ අම­ර­ණීය පෙම්ව­තුන් සිහි­පත් වේ. එමෙන්ම වර්ත­මා­නයේ අප සමා­ජයේ පෙම්ව­තුන් පෙම්ව­ති­යන් හා අඹු­සැ­මි­යන් සිහිවේ. පොඩ්ඩ බැරි වුණු විට සිය පෙම්ව­ති­යගේ බිරි­යගේ බෙල්ල මිරි­කන පිහි­යෙන් අනින ආද­ර­ව­න්ත­යන් සිටින යුග­යක අඩ­සි­ය­ව­සක් තිස්සේ සිය මිය­ගිය බිරිය සිහි­පත් කරන මොහු සැබෑ ප්‍රේම­ව­න්ත­යෙකි.

ආලය ආද­රය ගැන හොද හැටි දන්නා
බිරි­ඳක් ලදින් මම හරි සතු­ටින් උන්නා
පෙම් පිඬ සිහිව හද සෝගිනි ඇවි­ලෙන්නා
මතු සස­රෙ­දිත් යළි හමු­වෙමු අපි දෙන්නා

නිලු­පුල් සුවද දෙන මගෙ පෙම් කුම­රි­යගේ
සුදු මුව පියුම සිප ගැවී එ­කට ඇගේ
සිහි­වන විටදි අප ගත­කළ මිහිරි යුගේ
දෙන­යන කෙවෙනි තුළ තව­මත් කඳුළු නැගේ

කවි කිය­වන විට සිත මැවෙන්නේ යොවුන් පෙම්ව­තෙකි. එහෙත් ඔබේ හා මගේ ඒ සිතු­විල්ල වැර­දිය. මේ කවි­වල හිමි­කා­රයා මහ පුදුම මිනි­සෙකි. එමෙන්ම ආද­ර­ණිය මිනි­සෙකි. මෙහෙ­මත් මිනි­සුන් මේ සමා­ජයේ ඉන්න­වනේ.? ඔහු හමු­ව­න්නට යන දිගු ගම­නේදී නිර­න්ත­රව මට සිතුණේ එවැනි දේය. සිතට එන නොයෙක් සිතු­විලි සමඟ තර්ක කර­මින් දිගු ගම­නක් අව­සා­නයේ අපි ඔහුගේ නිවෙස ඉදි­රි­පිට නතර වුයෙමු. වේලාව උදෑ­සන හයා­මා­රට පමණ ඇත. නිවෙස ඉදි­රියේ තිබූ සේපා­ලිකා ගසේ මල් මද සුළ­ඟට එකින් එක බිම පතිත වෙමින් තිබුණි. ඔහු එස්. ඩී කුල­සිංහ. වයස අවු­රුදු අනූ­තු­නකි. රේඩියෝ අම­තර කොටස් ව්‍යාපා­ර­යක් පවත්වා ගෙන යන ඔහු මෙත­රම් වැද­ගත් වන්නේ ඇයි දැයි යන්න දැන් ඔබට ඇති ප්‍රශ්න­යයි. මොහු පිළි­බද සොයා බල­න්නට යැයි මුල්ම හෝඩු­වාව දුන්නේ පොල්ගොල්ල ශාස්ත්‍රා­ර­වින්ද්‍රා පිරි­වනේ සන්නි­වේ­දන ගුරු­ව­රයා වන තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ සොයු­රාය.

“මේ පාරත් මුතු­මිණ සිහි කරලා කවි පෙළක් දින­මිණ පුව­ත්පතේ පළ­ක­රලා තියෙ­නවා. මම අවු­රුදු ගාණක් තිස්සේ ඔය දැන්වීම දින­මිණ පත්ත­ර­යෙන් කිය­වලා තියෙ­නවා. ඒ මහ­ත්තයා නෝනා වෙනු­වෙන් ලස්සන කවි ලිය­නවා.”

තිස්ස අපට වැඩි විස්තර කීවේය. මේ තොර­තුර ඔස්සේ අප ආය­ත­නයේ දැන්වීම් අංශ­යෙන් කළ විම­සී­ම­කදි වැඩි­දුර තොර­තුරු දැන ගතිමි.

කුල­සිංහ මහතා සොයා අප මීග­මු­වට පැමි­ණියේ ඒ ඔස්සේය.

“අනේ මං ගැන මොනවා ලියන්න ද?”

ඔහු මුල­සි­ටම අදි­මදි කළේය. අව­සා­නයේ ඔහු අප හමු­වී­මට කැමැති වූයේ පෙරැ­ත්ත­යෙන් බේරෙ­න්නට බැරි­ක­ම­ටය.

කුල­සිංහ මහතා ගැන කෙටි­යෙන් කිව­හොත් කතාව මෙසේය. කුල­සිංහ මහ­තාගේ බිරිය මිය­ගියේ මීට වසර පන­හ­කට පෙරය. ඇගේ මර­ණ­යෙන් තුන්ම­සක් ගෙවුණ දින ද, ඉන්පසු වස­රක් පාසා අද දක්වාම ඔහු සිය බිරි­යගේ පින් අනු­මෝ­දන් කිරීමේ පින්කම පුවත් පත්වල පළ කර­න්නේය. එදා සිටම ඒ දැන්වීම ඔහු පුව­ත්පතේ පළ­ක­රන්නේ සිය බිරිය වෙනු­වෙන් ලියන කවි­පෙ­ළක් ද සම­ඟය.

මෙලෙස වසර පන­හක් පුරා කුල­සේන මහතා සිය බිරිය වෙනු­වෙන් එසේ දැන්වීම් පළ­ක­ර­න්නේය.

ආද­රය මහා පුදු­මා­කා­රය. අද­ නම් සිය බිරිය මිය ගිය පසු වෙනත් විවාහ කර­ගත් පුද්ග­ල­යන් ඕනෑ­ත­රම් දැකිය හැකිය. මෙහිදි අපි එය වැරැ­දි­යැයි නොකි­යමු. නමුදු මේ යුගයේ හැටි­යට කුල­සිංහ මහතා සිය බිරිය වෙනු­වෙන් දක්වන ආද­රයේ තරම කිය­න්නට වචන නැත.

“මගේ නම එස්. ධර්ම­සේන කුල­සිංහ. මම උපන්නේ 1925 අප්‍රේල් 23 වෙනිදා. මගෙ අම්මයි තාත්තයි දෙන්නම ගුරු­වරු. පවුලේ හිටියේ අයි­යයි නංගියි මමයි. ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වුණාට පස්සේ එක්ද­හස් නව­සිය හත­ළිස් හයේ අවු­රුද්දේ මම යාළු­වෙක් එක්ක රේඩියෝ බඩු විකු­ණන කඩ­යක් පටන් ගත්තා. ඉන් පස්සේ යාළු­වෙක් එක්ක යුනි­යන් ප්ලේස් එකේ කඩ­යක් පටන් ගත්තා. ඒ එක්ද­හස් නව­සිය පනස් හයේ අවු­රුද්දේ. දැන් නම් ඒ ව්‍යාපා­රය පව­ත්වා­ගෙන යන්නේ වොක්ෂෝල් විදියේ.”

කුල­සිංහ පව­සන්නේ තම ජීව­නෝ­පාය සකස් කර­ගත් ආකා­රය ගැනය.

“නෝනා හමු වුණේ කොහො­මද?” මම ඔහුගේ කතා­වට බාධා කළෙමි.

“මගෙ ලොකු අම්මා කෙනෙක් හිටියා දුනු­කේ­විල. ගම්පො­ලින් හැරිලා තමයි එහෙ යන්න ඕන. මම අවු­රු­ද්ද­කට සැර­යක් එහෙ යනවා. ඒ ගිය ගම­නක දි තමයි මම මුතු­මැ­ණිකේ හමු වුණේ. ඒ කාලේ මට වයස අවු­රුදු විසි තුනක් විතර ඇති. නිතර නිතර එයාව බලන්න ගියේ නැහැ. අපි නිතර ලියුම් ලිව්වා. නමුත් අප අතර හොඳ අව­බෝ­ධ­යක් ආද­ර­යක් ඇති වුණා. මම ඇය සමඟ විවාහ වුණේ එක්ද­හස් නව­සිය පනහ අවු­රුද්දේ”

කතා­බහ අත­ර­තුර ඔහු මොහො­තක් නිහ­ඬව සිටි­යේය. පරණ පින්තුර ඇල්බම් පෙරළා බලන විට ඔවුන්ගේ ආද­රයේ තරම කෙබ­ඳු­දැයි වැටහේ. ඔහුත් ඇයත් එකට සිට ගත් ඡායා­රූප යටින් ඇත්තේ ඔහු විසින් ලියන ලද කවි පෙළ­වල්ය.

“ආලයේ ළදරු දෙවියා ළඟ පඬුරු බැඳ
පැතු­මන් පතමි ඇති මගෙ හද­ව­තෙහි අද
සැරි සරණා තෙක්ම මින් මතු සසරේ හිද
වේවා ඔබම මගෙ පෙම්වත් බිරිඳ”

(1949 - කුලේ)

මුතු­මැ­ණිකේ හැඩ­කා­රි­යකි. ඒ බව අපට වැට­හුණේ ඔහුගේ නිවෙසේ සාලය පුරා ඇති ඇගේ ඡායා­රූප දැකී­මෙනි.

දින­මිණ පුව­ත්පත සහ ඩේලි­නිව්ස් පුව­ත්පතේ පම­ණක් නොව මෙම දැන්වීම සෑම වස­ර­කම තවත් දින­පතා පුවත් පත් කිහි­ප­ය­කම පළ­ව­න්නේය. ඒ සම­ඟම නිවෙසේ පැවැ­ත්වෙන පින්කම සඳහා ආරා­ධනා පත්‍ර­යක් ද සකස් කර­න්නේය.

ඇදුම රෝග­යෙන් පෙළුණු මුතු මැණිකේ මිය යන්නේ අවු­රුදු තිස්න­ව­යේ­දිය. දරු­වන් තිදෙ­නෙකු සමඟ තනි­වන කුල­සිං­හ­යන් වෙනත් විවා­හ­යක් ගැන සිතුවේ නැති­දැයි මම ඇසිමි.

“නැහැ මට ආයේ කසා­ද­යක් කර­ගන්න අද­හ­සක් තිබුණේ නැහැ කව­දා­වත්ම. මම එයාට තිබුණ ආදරේ කව­දා­වත්ම වෙනස් වුණෙත් නැහැ. මම එයා නැති වෙලා තුන්මාසේ ඉඳ­ලාම දැන්වීම් දැම්මා. ඉස්සර මම පිරිත් කිය­වලා දාන­යක් දුන්නා. අපි බැඳලා අවු­රුදු පහ හයක් යන­තුරු දරුවෝ හිටියේ නෑ. නංගිගේ දරු­වෙක් ගෙදර ගෙනාවා. එයා සරත්. සරත් පුතාට දැන් අවු­රදු හැට හත­රක් වෙනවා. මගෙ දරු­ව­න්ගෙන් මට කිසි කර­ද­ර­යක් නැහැ. හැමෝම හොඳට ඉන්නවා.”

කුල­සිංහ තම අතීත මතක සිහි­ක­ර­න්නේය.

මුතු­මැ­ණිකේ ඔහුට මුතු­මි­ණකි. ඔහු ඇය ඇම­තුවේ මුතු­මිණ කියාය. නමුදු ඔහුගේ ආද­රය ලබ­න්නට ඇය මිහි­මත නැත.

සිය පියා මව ගැන අතීත මතක සිහි­පත් කරනු අසා සිටි වැඩි­ම­හල් දිය­ණිය නයනා සිය මත­කය අවදි කළාය.

“අම්මා නැති වෙන­කොට මට අවු­රුදු එකො­ළ­හයි. නංගිට අවු­රුදු හයයි. මල්ලිට අවු­රුදු තුනයි. අම්මා නැති වුණු එක හීන­යක් වගෙයි. අම්මගෙ මර­ණ­යෙන් පස්සේ අපිව බලා ගත්තේ අම්මගෙ අම්මයි තාත්තාගේ අම්මයි දෙන්නා. තව නැන්දා කෙනෙ­කුත් හිටියා. තාත්තා අපිව මියු­සි­යස් විද්‍යා­ල­යට ඇතු­ළත් කළා. නංගියි මමයි ඉගෙන ගෙන අව­සන් වන­තු­රුම හිටියේ හෝස්ටල් එකේ.

මට මත­කයි තාත්තා අම්මා වෙනු­වෙන් තියෙන පින්කම පත්ත­ර­වල පළ­ක­ර­නවා. තාත්තා අම්මාට හරි ආද­රෙයි. අනික අපි ගැනත් හිතලා අම්ම­ටත් තියෙන ආද­රය නිසා වෙන්නැති තාත්තා නැවත වරක් විවාහ නොවී ඉන්න ඇත්තේ. තාත්තා කිව්වා පත්ත­රෙන් එනවා කියලා. මට පුදුම හිතුණා . තාත්තා කව­දා­වත් මෙහෙම දෙය­කට කැමැති වෙන්නේ නැති නිසා.

අද අපිට හිතෙ­නවා අම්මයි තාත්තයි හරි ආද­රෙන් ඉන්න ඇති කියලා. තාත්තා අම්මා වෙනු­වෙන්ම කැප­වෙලා ඉන්න කෙනෙක්. පින් දහම් කර­නවා. ගොඩි­ග­මුවේ තිබූ අපේ මහගේ තාත්තා පන්ස­ලට පූජා කළා. තාත්තා ඒ පන්සල පූජා කළේ ඔහු කැප­කරු පියා වූණු භික්ෂුන් වහ­න්සේ­න­ම­ක­ටයි. තාත්තා ගොඩක් දරු­වන්ට ඉගෙන ගන්න උදව් කළා. අපි වාස­නා­ව­න්තයි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න.” නයනා පව­ස­න්නීය.

සිය පියා ගැන එසේ කියන නයනා ගේ දෑසේ කඳු­ළුය. කුල­සිං­හගේ දැසේ ද කඳු­ළුය. ඒ සිය බිරිය සිහි­පත් කිරීම නිසාය. අනූ­තුන් වැනි වියේ පසු වුවද කුල­සිංහ මහතා තව­මත් ව්‍යාපාර කට­යු­තු­වල නියැ­ළෙ­න්නේය.

ඔහු සිය බිරිය ගැන ලියූ කවි බොහෝය. ඒ හැම කවි­ය­කම ඇත්තේ බිරි­යගේ ගුණ යහ­ප­ත්කම ගැනය. නැති­නම් තම සිතේ ඇය වෙනු­වෙන් උපන් ආද­ර­යයි. දරු­වන් නැති සමයේ තමන්ගේ දරු­වකු ලෙසින් හදා­ගත් සිය සොයු­රි­යගේ පුතු හා ඔහු පම­ණක් නිවසේ සිටී . ඒ පුතු දැන් සිටින්නේ අස­නී­ප­ග­ති­යෙනි.

“මට කිසිම දෙයක් ගැන දුකක් නැහැ. මේ සරත් පුතා ගැන තමයි හිතේ දුකක් තියෙන්නේ. මගේ බිරිය බොහෝම හොඳ කෙනෙක් . එයයි මමයි අවු­රුදු දහ­අ­ටක් බොහෝම ආද­ර­යෙන් කරු­ණා­වෙන් ජීවත් වුණා. ඒ අතී­තය අම­තක කරන්න කව­දා­වත් බැහැ. ඇයට උප­දින සසරේ අකල් මර­ණ­යක් නොවේවා කියලා තමයි මම පින්ද­හම් කරන්නේ. ”

බිරි­යගේ වියෝ­වෙන් පනස් වස­රක් පිරෙ­නදා ද කුල­සිංහ පවුලේ ඇත්තෝ ධර්ම­දේ­ශනා පින්ක­මක් හා දාන­මය පින්ක­මක් පැවැ­ත්වූහ. ඒ ගැනද ඔහු සුපු­රුදු ලෙස පුව­ත්ප­ත්වල දැන්වීම් පළ කළේය.

මුතු­මි­ණට තව­මත් පෙම්බ­ඳින කුල­සිං­හගේ එකම ප්‍රාර්ථ­නය එයයි.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්