ජාතික ආහාර සැණකෙළිය අද සිට | Page 2 | සිළුමිණ

ජාතික ආහාර සැණකෙළිය අද සිට

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “Food 2018” ජාතික ආහාර සැණකෙළිය අද දින (07) කොළඹ Green path හිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා   පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද  අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම ආහාර සැණකෙළියේ දී ශ්‍රී ලංකාවේ දේශීය ආහාර ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර දේශීය ආහාර පාන සකස් කිරීම , ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම ඒ සඳහා භාවිත කරන දේශීය උපකරණ පවා මෙම ප්‍රදර්ශනයට අන්තර්ගත කොට තිබේ.

මෙරට පැරණි පරම්පරාව තුළ බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා ඉවහල්වූ සාම්ප්‍රදායිකව මුළුතැන්ගේ භාවිත කළ උපකරණ ඇතුළත් ප්‍රදර්ශන කුටි “Grandma’s Gym” යනුවෙන් නම් කර ප්‍රදර්ශනය කිරීමට යොදා ඇත.

මෙම ආහාර සැණකෙළිය දෙසැම්බර් 07 (අද) දින සිට 09 දින දක්වා පැවැත්වීට කටයුතු යොදා තිබේ.

Comments