බන්ධනාගාර සෝදිසියෙන් දුරකතන 115ක් සොයා ගැනේ | සිළුමිණ

බන්ධනාගාර සෝදිසියෙන් දුරකතන 115ක් සොයා ගැනේ

බන්ධනාගාර 15ක් ආශ්‍රිතව කළ වැටලීම්වලදී ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී උපකරණ තොගයක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉකුත් මාසය තුළ එම වැටලීම් ක්‍රියාත්මක කළ බව ය.

එහිදී රැඳවියන් සන්තකයේ තිබී බන්ධනාගාර බුද්ධි අංශ භාරයට ගෙන ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 115කි.

මීට අමතරව ඔවුන් සන්තකයේ තිබී සිම්පත් 127ක්, අමතර ජංගම දුරකතන බැටරි 57ක්, දුරකතන චාජර් 27ක් සහ කුඩා ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116ක් ද බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදහස්