ටීඑන්ඒ තීන්දුවක් නැහැ | සිළුමිණ

ටීඑන්ඒ තීන්දුවක් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට විස්වාසය පළ කිරීම සඳහා වන යෝජනාවක් එජාපයට අයත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේද යන ස්ථාවරය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීන්දුවක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. සුමන්දිරම් මහතා සිළුමිණට පැවැසීය. අදාළ යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය පළ කරන්නේ දැයි අප කළ විමසුමකදී සුමන්දිරම් මහතා ප්‍රකාශ ක‍ළේ, එවැනි තීරණයක් ගැනීමට නම් දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු ම ‍පක්ෂවල සහ කණ්ඩායම් වල අදහස් විමසා ඒකමතික තීරණයකට එළැඹිය යුතු බවයි.

Comments