ශ්‍රී ලාංකික කිවිඳියකගේ ග්‍රන්ථයක් ඔස්ට්‍රේලියාවේදී දොරට වඩී | සිළුමිණ

ශ්‍රී ලාංකික කිවිඳියකගේ ග්‍රන්ථයක් ඔස්ට්‍රේලියාවේදී දොරට වඩී

ශ්‍රී ලාංකික කිවිඳියක වන එවැන්ජලීන් පී වික්‍රමගේ විසින් රචනා කරන ලද ‘එබව් ද ඕෂන් වයිඩ් ඇන්ඩ් ඩීප්’ නම්වූ ඉංග්‍රිසි පද්‍ය ග්‍රන්ථය පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී එළි දැක්විණ. ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් ඇන්ටන් සෝන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ එම උත්සවයේදී කෘතියේ පද්‍ය කීපයක් සිංහලයට පෙරළා ඉදිරිපත් කෙරිණි.

ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන් නිෂ්පාදකවරියක ලෙස ද ජාතික අධ්‍යාපන ආයතනයේ සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේද සේවය කර ඇති වික්‍රමගේ මහත්මිය මේ කෘතියෙන් සිය ජීවන අත්දැකීම් කවියට නඟා ඇත්තේය.


ටෙනිසන්ගේ 30 වැනි නවකතාව දියලුම ඇල්ල අසබඩදී එළිදකී

 

ජ්‍යෙෂ්ඨ ලේඛක ටෙනිසන් පෙරේරා විසින් ලියන ලද 30 වැනි නවකතාව ‘උන්මාද මන්දිර‘ අද (16) පෙරවරුවේ දියලුම දිය ඇල්ල පරි ශ්‍ර යේදී ජනගත වේ.

තේ වගා ශ්‍රමිකයන් හා වතු හිමියන්ගේ ජීවන පුවත් පසුබිම් කරගත් නවකතාව ඒ පරිසරය ඇසුරේම පාඨකයන් අතට පත් කිරීම සුවිශේෂ සංසිද්ධියකි. ‘උන්මාද මන්දිර‘ නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.


උත්තර අභිනන්දී ස්වර්ණලතාව දොරට වැඩුම අද

 මිරැන්ඩා හේමලතා මහත්මියගේ චරිතය විකාශනය හා ගොඩනැගීම පිළිබඳ පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස සිනමා විචාරක අනුර දහනායක විසින් රචිත “උත්තර අභිනන්දී ස්වර්ණලතාව - මිරැන්ඩා හේමලතා” ග්‍රන්ථය අද (16) සවස 5.30 ට කොළඹ 5 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී නිකුත් වේ.

මෙය ඇගේ 80 වන ජන්ම දින සැමරුම් උත්සවයක් ලෙස සංවිධානය කරන්නේ මිරැන්ඩා හේමලතා කලා ආශ්‍රමයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.

Comments