බස් රියැදුරෝ 2000ක් මතින් දුවති | සිළුමිණ

බස් රියැදුරෝ 2000ක් මතින් දුවති

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් 2000 කට ආසන්න පිරිසක් පෞද්ගලික මගී ප්‍රවාහනයේ යෙදී සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එසේම එම බස් රථවල සේවයේ යෙදී සිටින කොන්දොස්තරවරුන් රැසක් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. ගමන් වාරය අවසන් වීමෙන් පසුව ඊළඟ වාරය පැමිණෙන තුරු රියැදුරා සහ කොන්දොස්තර බොහෝ කාලයක් නිකරුණේ සිටීම සහ රුපියල් දහස් ගණනින් මුදල් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතට ලැබීම නිසා මේ තත්ත්වය වර්ධනය වී ඇති බව ද ‍ඔහු කීය.

පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වාදීමට කඩිනම් කිරී‌ෙමන් මේ තත්ත්වය යම්තාක් දුරට අඩු කර ගත හැකි බව ඔහු කියයි.

Comments