විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදාවේ සහාය | Page 3 | සිළුමිණ

විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදාවේ සහාය

කිළ්නොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.
 
මේ වන විට ඩිංගි යාත්‍රා 09 ක් සහිත නාවික සහන කණ්ඩායම් 06 ක්  (දෙසැම්බර් 22) දින සිට අදාළ ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.
 
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, ඉරණමඩු, ශාමිකුලම්, ඔඩ්ඩුසුඩාන් සහ වසන්තම්පුරම් යන ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දමිළ ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේවන විට අවතැන්ව සිටි සිවිල් වැසියන් 103 දෙනකු ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික සහන කණ්ඩායම් කටයුතු කරන ලදී.
 

Comments