සංචාරකයන්ගේ පැමිණීම 10.3% ක වර්ධනයක් | සිළුමිණ

සංචාරකයන්ගේ පැමිණීම 10.3% ක වර්ධනයක්

2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 10.3%න් වර්ධනය වී ඇති බව නවතම සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. ශ්‍රී ලංකා සංකාරක අධිකාරියේ වාර්තාවලට අනුව 2018 වර්ෂයේ සංචාරක පැමිණීම මිලියන 2,333,796ක් පෙන්නුම් කර ඇත.
 
2019 වර්ෂයේ දී සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමකට පත් වෙමින් ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්වනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. මෙම වර්ෂයේ දී පසුගිය වර්ෂයට වඩා මිලියන 04ක සංචාරක වැඩි වීමක් අපේක්ෂා කරන අතර 2019 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 5ක සංචාරක ආදායමක් ළඟා කර ගැනීමට ද කටයුතු කරන බව ද අමරතුංග මහතා සඳහන් කරයි.
 
සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව ඉන්දියාව,චීනය,එක්සත් රාජධානිය හා ජර්මනිය සංචාරකයන් බහුල ලෙස මෙරටට පැමිණෙන රටවල් බවට පත් වී ඇති අතර 2018 වර්ෂය වන විට ඕස්ට්‍රේලියාවෙන් ද සංචාරක පැමිණීමේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Comments