ඔබට කොහොමද? | Page 3 | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල

මේෂ

සමපලයි

ලග්නාධිපති කුජ 12 චන්ද්‍රයා සමඟයි. රවි, ශනි, බුධ නවයේ ද, ගුරු අටේ, රාහු 4, කේතු 10 ගමන් කරයි. විටෙක අලංකාර වස්තු ලැබෙන සතියකි. ආදායම් ලැබුණ ද වියදම් ද ඉහළ යයි. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී විටෙක ස්ථානගත වෙනස්කම් ඇති කළ හැකිය. පදිංචියේ වෙනස්වීම් වේ. මවට මවුපස ඥාතීන්ට අපලයි. ගෙදරදොර කටයුතු ගැන සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යම් යම් පසුගාමී තත්ත්වයන්ට ඉඩ පවතී. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වේ. ආගමික අංශයට නැඹුරු වීම තුළ සහනයක් සැනසීමක් ද ලබනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


වෘෂභ

කල්පනාකාරී වන්න

ලග්නාධිපති සිකුරු, ගුරු හතේ වේ. ශනි, රවි, බුධ අටවැන්නේය. රාහු 3, කේතු 9 සිටී. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කරයි. එම නිසා උත්සාහය සහ කැප වීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආර්ථික වශයෙන් ශුභදායක වුව ද ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම අසීරු වේ. ගෙදරදොර කටයුතුවල දී සමඟිය සාමය ගැන විමසිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන කටයුතු කරගෙගන යන අයට උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, මුත්‍ර දෝෂ, උදරගත පීඩාදියෙන් පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


මිථුන

බාධා පවතී

ලග්නාධිපති බුධ රවි, ශනි හතේ ද, ගුරු, සිකුරු 6 ද, රාහු 2, කේතු 8 ගමන් ගනී. මෙම පිහිටීම් අනුව මිල මුදල් අතින් කරදර ඇති වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ණයතුරුස්වීමේ ඉඩ පවති. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. දියුණුවක් ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


කටක

ක්‍රමයෙන් දියුණුව

රාහු ලග්නයේ. කේතු 7, ශනි, රවි, බුධ 6, ගුරු, සිකුරු 5 සිටී. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතුවල ක්‍රමික දියුණුවක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කිසියම් සාර්ථක බවක් ලබාගනී. ආර්ථික වශයෙන් ද විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් වාසි ලබනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද එතරම් අයහපත් නොවේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් උදා කරයි. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. බඩවැල් ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ, මලබද්ධය, අර්ශස් වැනි රෝග, පාද ආශ්‍රිත පීඩාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - ක්‍රීම්, අංකය - 02, දිනය - සඳුදා


සිංහ

සාර්ථක සතියක්

ලග්නාධිපති රවි, බුධ, ශනි සමග පූර්ව පුණ්‍යස්ථානයේ ය. ගුරු, සිකුරු හතර වැන්නේය. සඳු, කුජ 8 ද රාහු 12, කේතු 6 ද වේ. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා ඇතත් ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත. ලාභ ප්‍රයෝජන ලබයි. විටෙක සමඟියට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උත්සාහ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. උෂ්ණාධික, උදරශ්‍රිත රෝග, රුධිර පීඩනයෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා


කන්‍යා

බාධා සහිතයි

ලග්නාධිපති බුධ, රවි, හනි සමග හතරේය. ගුරු, සිකුරු තුන්වැන්නේය. සඳු, කුජ හතේ සිටී. අනතුරු පීඩා, තුවාල යනාදියෙන් ද පරෙස්සම් වන්න. තමා සමඟ සිටින අය සමග කටයුතු කිරීමේ දී ඌනතා, අවහිරතා ඉස්මතු කළ හැකිය. රැකීරක්ෂා තනතුරු හෝ වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී පරෙස්සම් වන්න. විටෙක සමඟිය සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපනයේ යෙදී සිටින අයට යහපත්ය. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. රුධිර පීඩනය, උෂ්ණාධික රෝගාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


තුලා

බාධා මැද දියුණුව

ලග්නාධිපති සිකුරු, ගුරු දෙවැන්නේය. කේතු 4, රාහු 10 සිටී. රවි, ශනි, බුධ 3 වේ. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. මිල මුදල් ලැබීම තුළ යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


වෘශ්චික

මධ්‍යස්ථ පල

ලග්නාධිපති කුජ 5 වැන්නේය. 5 අධිපති ගුරු ලලග්නයේය. මහා පරිවර්තන යෝගයයි. රවි, ශනි, බුධ දෙවැන්නේය. කේතු 3, රාහු 9 සිටී. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. එම නිසා උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම යහපත්ය. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාශීලී බවක් ගෙන දේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ගණිත මිණිත ආශ්‍රිත විෂයයන්, තාක්ෂණික ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග බලපායි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


ධනු

මිශ්‍රපල

ලග්නාධිපති ගුරු 12 ද, රවි, ශනි, බුධ ලග්නයේ ද, රාහු 8, කේතු 2 ගමන්ගනී. එම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී එදිනෙදා ජීවත්වීමට කරන කටයුතු හෝ රැකියා ආදිය පිළිබඳව දිනපතා කරගෙන එන වැඩපිළිවෙළෙහි යම් යම් බාධා අවහිරතා මතු කළ හැකිය. ආර්ථික වශයෙන් මධ්‍යස්ථ වේ. එදිනෙදා වියදමට ආදායම් ලැබේ. නමුත් වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කිරීමේ දී තරමක් විමසිලිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට බාධා අවහිරාත ඉස්මතු කළ හැකි නිසා උනන්දුවෙන්, කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි. අනතුරු පීඩා, තුවාල, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


මකර

දියුණුවක් ලබයි

ලග්නාධිපති සෙනසුරු රවි, බුධ සමග දෙවැන්නේය. ගුරු අයස්ථානයේ ද කේතු ලග්නයේ, රාහු 7 ගමන් ගනි. මෙම ග්‍රහ පිහිටීම් තුළ සතුරු කරදර බාධා ඉස්මතු වුවත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කරගත හැකි බව පෙනී යයි. වෘත්තීය සහ රැකියා අංශයේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගනී. ආදායම් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පුළුල් කරගත හැකිය. සමඟිය සහ සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. සිය උත්සාහය තුළ අලුත් විෂයයන් හැදෑරිමට අවස්ථාව සැලසේ. අර්ශස්, බඩවැල් ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග, රුධිර පීඩනය යනාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


කුම්භ

ක්‍රමයෙන් යහපත්

ලග්නාධිපති ශනි, රවි, බුධ අයස්ථානයේය. ගුරු 10 ද, කේතු 12, රාහු 6 සිටීම තුළ මෙම කාලය තුළ සිය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් අන්දමක දියුණුවක් ලැබිය හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අලුත් යමක් කිරීමට අවස්ථාව සැලසේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. කිසියම් වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට ද සිදු වේ. දරවන්ගේ කටයුතුවල දී වඩාත් වෙහෙස වනු ඇත. අධ්‍යාපන කටයුතුවල දී සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රවණතාවක් උදා කරයි.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - බදාදා


මීන

බාධා මැද දියුණුව

ලග්නාධිපති ගුරු නවවැන්නේ ද, නවය අධිපපති කුජ ලග්නයේ ද ගමන් ගනි. රවි, ශනි, බුධ 10 ද, රාහු 5 ද, කේතු 11 ද ගෝචරය වේ. මෙම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. නමුත් වියදම් පක්ෂය ඉහළ යා හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දීි සමඟිය සාමයට එතරම් බාධා ඇති නොවේ. එහෙත් දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. නමුත් බාධා ප්‍රමාදතා මැදය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධයන්ට ඉඩ පවතීි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments