'The Body Shop' වෙතින් සංවේදී සමට විසඳුම් පෙළක් | සිළුමිණ

'The Body Shop' වෙතින් සංවේදී සමට විසඳුම් පෙළක්

සමේ සංවේදීතාව පිළිබඳ ගැටලූව යනු නිතර කතාබහට ලක්වෙන මාතෘකාවක් නොවේ. එහෙත් අද දවසේ ශ්‍රී ලාංකික කාන්තාවෝ බොහෝ දෙනෙක් මේ ගැටලූවට මුහුණපා සිටිති. මෙහි එක් වයස් කාණ්ඩයකට හෝ ශරීරයේ එක් ස්ථානයකට පමණක් බලපාන ගැටලූවක් නොවේ. දැනටමත් බොහෝ චර්ම විශේෂඥයෝ මීට පිළියම් සෙවීමට උත්සාහ කරමින් සිටිති.

සමේ ඇතිවන දුර්වලතා, ස්නායු අග්‍ර අධිසංවේදී වීම සහ පාරිසරික සාධක ඇතුළු විවිධ හේතු මීට බලපාන බව දැනට සොයාගෙන ඇත. විවිධ කාලගුණ තත්ත්වයන්ට හා පරිසර දූෂණයට නිරාවරණය වීමේදී මෙන්ම විවිධ රෝග, ආතතිය සහ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටලූ ආදිය නිසා මෙම තත්ත්වය තවදුරටත් බරපතළ වන බව පෙනීගොස් තිබේ.

අධි සංවේදී සම නිසා අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා විවිධ කරවය ම පවතී. දිනපතා සමට සත්කාර කිරීමේදී, සමට ගැටලූ ඇතිකරවන නිෂ්පාදනවලින් ඈත් වී, සම සුවපත් කරවන නිෂ්පාදන තෝරාගැනීම ඒ අතරින් බෙහෙවින් වැදගත් ය. තවද සින්ක් ඔක්සයිඩ් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් සහිත සන්ක්‍රීම් වර්ග භාවිත කිරීම, හිරු කිරණින් ආරක්ෂාව ලබාදෙන ඇඳුම් පැලඳුම් පැලඳීම සහ නිසි මේක්-අප් රිමූවර් වර්ගයක් භාවිතා කරමින් දවස අවසානයේදී මේක්-අප් ඉවත් කිරීම ආදිය සිදුකළ හැකි වේ. එමෙන්ම මැරුණු සෛල සම මත ඉතිරි වීමෙන් මොයිස්චරයිසර් සහ ඔයිල් වර්ගවල ප්‍රතිඵල අවම වන නිසා සතියකට වරක් වත් එම මැරුණු සෛල සම මතින් ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු ය.

සමේ අධිසංවේදීතාව සම්බන්ධ ගැටලූවට පිළියමක් ලෙස Mediterranean Almond Milk with Oats Facial Mask නමින් විශේෂ නිෂ්පාදනයක් හඳුන්වා දීමට The Body Shop කටයුතු කර ඇත. සියයට සියයක් ශාකමය නිෂ්පාදනයක් වන මෙහි, ස්පාඤ්ඤයෙන් සපයාගත් Community Trade කාබනික ආමන්ඩ් මිල්ක් සහ එක්සත් රාජධානියෙන් සපයාගත් ඕට්මීල් ඇතුළත් වේ. සමේ අධිසංවේදීතාව නිසා ඇතිවන අපහසුව ක්ෂණිකව මගහරවාලන මෙය සමේ මැරුණු සෛලද මෘදුව ඉවත් කරයි. මෙය සතියකට වරක් හෝ දෙකක් පාවිච්චි කිරීම සුදුසු වේ.

මුහුණේ සම පමණක් නොවේ ශරීරයේ සෙසු ස්ථානවල සමද මෙලෙස අධිසංවේදීතාව සම්බන්ධ ගැටලූවට මුහුණපායි. The Body Shop හි Almond Milk & Honey නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇත්තේ ඒ වෙනුවෙනි. අතීතයේ පටන්ම සමේ විවිධ ගැටලූ සහ සුළු තුවාල ආදිය සඳහා ප්‍රතිකාරයක් ලෙස ආමන්ඩ් භාවිතා කර ඇත. සමට ඇතිවන බලපෑම් අවම කර ඊට තෙතමනය ලබාදීමේ හැකියාව මෙම නව නිෂ්පාදන සතු ය.

අදහස්