ඉන්දියාවේ ‘ජමුනා’ ගාල්ලට | සිළුමිණ

ඉන්දියාවේ ‘ජමුනා’ ගාල්ලට

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමීක්‍ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පසුගිය දා ගාල්ල වරායට සේන්දු වූ බව නවික හමුදාව පවසයි.
 
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදි. ඉන් අනතුරුව ‘ජමුනා’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් එච්ඒ හාර්ඩස් මහතා දකුණු නාවික විධාන මූලස්ථානයේ දී, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියනු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගි විය.
 

අදහස්