සිළුමිණ වෙබ් කර්තෘට මරණ තර්ජන | සිළුමිණ

සිළුමිණ වෙබ් කර්තෘට මරණ තර්ජන

සිළුමිණ වෙබ් කර්තෘ ප්‍රබුද්ධි රණසිංහට කැලණිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී අසුන්ත පාරින්ද විසින් සිදුකළැයි කියන මරණ තර්ජනයට අදාළ පැමිණිල්ල පෑලියගොඩ පොලිසියේ දී අද දින විභාගයට ගැනීමට නියමිතව තිබිණි.
 
නමුත් සැකකාර මන්ත්‍රීවරයා අද දින පොලිසිය මග හැරයාම සම්බන්ධයෙන් පොලීසිය විසින් එය හෙට දින උදෑසන 10.00ට විභාගයට ගැනීම සදහා කල් තැබිණ.
 
ඉකුත් 01 වැනි දින කැලණිය හිඹුටුවැල්ගොඩ සිරිල් මැතිව් ක්‍රීඩාංගනයේ දී සිදු කළ දිළිඳු පවුල්වල දරුවන් සඳහා පොත් බෙදා දීමේ උළෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රබුද්ධි රණසිංහ සිය මුහුණු පොතේ කළ හෙළිදරව්වක් සම්බන්ධව උරණවී සැකකාර මන්ත්‍රීවරයා විසින් ප්‍රබුද්ධි රණසිංහගේ බිරිද සතු වෙළෙඳ සලකට කඩා වැදී අසැබිවචනයෙන් බැන වැදී ඔහු මරා දමන බවට තර්ජනය කර තිබිණි.

Comments