මන්ත්‍රී රාධක්‍රිෂ්නන්ට කැබිනට් නොවන ඇමැති ධුරයක් | Page 3 | සිළුමිණ

මන්ත්‍රී රාධක්‍රිෂ්නන්ට කැබිනට් නොවන ඇමැති ධුරයක්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්නන් කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. 
 
ජනාධිපති නිල නිවසේ දී අද  ඔහු එම ධුරයේ දිවුරුම් දී ඇත.
 
වර්ෂ 1991 දී නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රාධක්‍රිෂ්නන් මහතා එහි සභාපති ලෙස පත්විණි.අනතුරුව 1999 පළාත් සභා මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රිකකයෙන් තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.
 
2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු  2010 ඔක්තෝබර් 7 වැනි දින සිට උඩරට මහජන පෙරමුණේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළේය. 
 
පසුගිය ජනාධිපතිවරණයේ දී  විපක්ෂයේ පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වූ හෙතෙම එම ආණ්ඩුව යටතේ රාජ්‍ය අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
 
2015 සැප්තැම්බර් 6 වන දින යූසීපීඑෆ් හි නායකයා ලෙස ද රාධක්‍රිෂ්නන් මහතා පත්විණි.

Comments