කවි මඬල | සිළුමිණ

කවි මඬල

නැවුම් උප­තක අමු­ත්තෙකි ඔබ

සොඳුර මේ ඔබ ගැනම
නීල දිය­වර සපිරි අහ­සක
නිලක් වන් දිලි­හෙන හැඩක්
හීත­ලෙක උණු­හුම ම විහි­දන...
ප්‍රභා­ස්වර වූ සළු­ප­ටක් ඔබ
දුලන තරු කැල හොරෙන් මුමු­නන
ආදරේ රතු කතා­වක්
පතුල කිමිදී රිදුම් පොපි­යන
ඒත් රස­මුසු කතා­වක් ඔබ...
ගහක කොළ­යක පාට හංගා
ගැබ්බ­රම මල් පුපු­රනා කල
ලේ බිඳිති කිරි පුසුඹ වස්සන
නැවුම් උප­තක අමු­ත්තෙකි ඔබ....

එච්.ඒ. සුනිතා ප්‍රිය­ද­ර්ශනී


සාග­රය සේ ආද­රය

සයු­රු­තෙර හඬන්නී ඇය
සාග­රය සන­ස­වන්නී
මහද උපන් ආද­රය
රැලි සේ වෙර­ළත සිප ගනි­මින්
සිහි කරමි; ඔබ හැම මොහො­තම....
ඈත ඉම නොද­කින ඔබ
සිති­ජය සිටින ඔබ
කඳු­ළක තෙත­ම­නය
නොහ­ඳු­නන ඔහු ගැන
කුමට කම්පා වී...
අනෝරා වැස්සක
මිහි­දු­මක සිසි­ලස
නොද­කිනා ඔහු
මලක - සුව­ඳක - මට සිලි­ටුව
නො වඳිනා ඔහු
ඔබ පුදන ස්නේහය
විඳි­තැයි නොද­නිමි...
සාගර පතු­ලක සඟවා
තබමි ; ඔබ
කිසි­ව­කුට නොපෙ­නෙ­න්නට...

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


අහෝ මා දරු­වෙනි

මා හද කකි­යයි අප­මණ ශෝකෙන්
දරු­වන් මේ ලොව විඳිනා ගැහැ­ටෙන්
ඔබ ගැන දකිනා කිය­වන පුව­තින්
විම­සමි කොයි­බද අපගේ දහ­මන්...
නිර්දය ලෙස වෙන්කොට දෙගු­රුන්
තනි­කොට සිර­කොට කිරි­කැටි බිලි­ඳුන්
සංක්‍ර­මණ රෙගු­ලා­සිය නාමෙන්
නිසි­දැයි විම­සමි දැවෙනා කෝපෙන්....
ඔබගේ දරු­විය උදුරා ඔබ­ගෙන්
වහ­ලුන් ලෙස වැඩ­ගෙන මැර­යන්
ඔබ යොදවා විකුණා කොකේන්
උප­යති මැරයෝ අප­මණ වස්තුන්....
සටන් වදි­න­වුන් නිද­හස නාමෙන්
ඔබගේ නිද­හස උදුරා බල­යෙන්
ඔබ දිරි­කොට අවි­බල සම­ඟින්
වනසා දරු­විය නිර්දය විල­සින්....
එනු මැන මා ඇක­යට සැණෙ­කින්
පිළි­ගමි ඔබ මා දරු­වන් සුහ­දින්
සන­සමි ඔබ මා හැකි­ලෙස අද­රින්
දෙවි­යෙනි සුර­කිනු උන් මා දරු­වන්

මිලාන් ලින්-රොඩ්රිගෝ


පේරු දානෙ

න‍ඟේ න‍ඟේ අඩු-වැඩි පොළෙන් ගෙන වරෙන්
පොඩි පුතු නාඬවා හෙමි­හිට ගිහින් වරෙන්
වත්තෙ මුතී ඉන්න­ව­දැයි බලා වරෙන්
හිටි­යොත් වී වණක් කෙටුම‍ට එක්ක වරෙන්
දර-දිය ඇද අස්-පස් කර ගැනී­මයි
කෙටූ විය පොළා පූ කර ගැනී­මයි
සක­ළ­මනා එක්-රැස් කර ගැනී­මයි
පිස­මන දෙගුරු සිහි කොට කර ගැනී­මයි
අරු­ණෝ­දයේ මුළු­තැ­න්ගෙයි අක්ක නඟයි
උණු තේ කහට උගු­රින් ඇඟ මැළි ඇර­ගයි
දෙන්න දෙමා­රුවෙ විග­හින් පොල් ලා ගයි
දිය­කිරි - මිටි­කිරි මිරිකා වෙන් කර ගයි
කමතේ යාල බිම්මල් තෙලෙන් බැදු­ම­ටයි
හේනේ බතල අල ගලවා තැම්බු­ම­ටයි
පොළොස් ඇඹුල දඩ මස පා‍ළු මැකු­ම­ටයි
නෙළා පලා කොළ සලාද මැල්ලු­ම­ටයි
ළිප උඩ වෑංජන මඳ ගින්නට ඇරිලා
දංකුඩ වළං සූරා­ග­න්නට ඇරිලා
පොල්කුඩ ලට-පට කොළ­ප­ත­කට ඇරිලා
ඉදි­කඩ පෙනේ යනෙනා අය හට ඇරිලා
පිස­මන අහ­ව­රයි නොයි­ඳු­ල්වට දානේ
ගණ්ටා හඬ නඟයි දී මත­කෙට දානේ
හීන්බබා එයි ගෙන යන්නට දානේ
සාදු­කාර දෙයි පුද දෙන්නට දානේ

සෝම­චන්ද්‍ර දූල්වල


 පිරිමි අභි­මත

රාජ මැඳුරක
සී කවු­ළු­වෙන්
හීන දැක්කට
නොයෙක් සුන්දර
සීතා දේවිය
ළඟට ගෙනැ­විත්
රාවණා ඇවු­ලු­වෙත්
ගින්දර...

එස්. සුජාත හිමි
රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය, මාතර


දව­සග මොහො­තක්

විදුලි මිණි දිලෙන
සැඳෑ­වකි දොඩ­මලු­වන
තර­මක් තෙහෙට්ටු දවසේ අගිස්ස
සියලු ප්‍රශ්න ගෙන
හෙට උදේ වන තෙක් එළවා තබමි
අහසේ කොනක ගැසූ ඇණ­යක
හුරු­බු­හුටි මේස පුටු
දුම් දමන දීසි
කොත­රම් හොඳද
දුවන සිත නත­ර­වන වෙලා­වට
ඔබ ළඟ ඉන්න එක
කාන්සිය නිවන
පොඩි එකෙක් වගේ කිය­වන කිය­විල්ල
බොරු­වට තර­හෙන් පුම්බන
මොහො­ත­කින් හිනා­වක් පුපු­රන්න බලා­ගෙන
ප්‍රශ්න­යක් වෙලාම නැද්ද
කව­දා­වත්ම
මුනෙන් පෙනෙන එක මුළු හද­ව­තම
කාල­ත්‍රයේ එක් මොහො­තකි
අතී­ත­යක් හෝ අනා­ග­ත­යක් නොප­ව­තින
මේ මොහොත නිසාම පව­තින
ආද­රය කියන්නේ මට නම් ඒකයි
ආ තැනක් යන තැනක් ගැන නොසිතා
අත­ර­මං වන එක මොහො­තක
ටිකක් හිතු­වොත්
හැන්දෑ­වක් පවා
ජීවිත කාල­යක් තරම් දික් කරගත හැකිය.

තරින්ද්‍ර ගල­හේන


අව­වා­ද­යයි!

හෙල්මට් එක අරන් වැල­මි­ටෙහි එල්ලා
අජා­නීය ස්කූට­ර­යට නැඟලා
නැති­ලෙස මෙලෝ සිහි­යක් ඉක්මන් වීලා
යනවා කැමති පත්‍රය මරු­වට ලියලා
පොලි­සියෙ ට්‍රැෆික් මහ­තා­ගෙන් ගැල­වෙන්ට
නොවෙයි හිස් වැසුම දී ඇත්තේ අපට
මොළ­යක් තිබෙන බව නොම වැට­හෙන අයට
අන­තු­ර­කදී එ් ඉන්ද්‍රිය රැක ගන්ට
මිල කළ නොහැකි ඔබෙ අගනා ජීවි­තය
අහි­මිව ගියොත් අඹු ­ද­රු­වන් අස­ර­ණය
නිර­තුරු සිතා එය වටහා ගත යුතුය
සැමි­යකු පියකු ලෙස මෙය වග­කී­මක්ය
හෙට දින­යෙ­දිත් යන්නට වෙයි මෙහි නැංගා
එන­මුත් නොයනු මැන ඊයේ වගෙ පිඹලා
බිරි­යගෙ දරු­වන්ගෙ හෙට දින ගැන සිතලා
ආපසු එන්න ගෙද­රට තුන්කල් බලලා

ඒ.පී.ජී. විජේ­තුංග


අම්මා රැජනක්ය
මා හද මඬල තුළ

දෙක­කුල් දිගයි බිම සිප ගන්නා තරම
ටක ටක නදින් ඇහෙ­නව දණ ඇට කැඩුම
ලෙඩ වුණ දියණි කර පින්නා පිය මැනම
ඒ දණ්ඩෙන් එගොඩ වනු මත­කයි තවම
අම්මා නුග ගසකි එහි පොඩි ඵලය මම
අම්මා පුන් සඳකි අස­ලැති තරුව මම
අම්මා දින­ක­රයි සුපි­පුණු නෙළුම මම
අම්මා පිඩ පිඬකි සෙනෙ­හස පිරුණු ළැම
සීතල පාන්දර අරු­ණලු අතින් ගෙන
ගේ තුළ සියලු වැඩ නිම කර­ලයි සොඳින
කුඹු­රට කොටු­ව­ටත් ඇගෙ සිත යයි නිතින
අම්මගෙ දිරිය දරු­වන් ගැන නොව ඉතින
සාර කෙතේ යල මහ රත් පැහැ ගන්නේ
දිරිය මවුන්ගේ අටු කොටු පිර­වෙන්නේ
උන් දරු පැටව් නිති යහ මඟ සර­සන්නේ
මගෙ හද මඬලෙ අම්මා රැජනක් වන්නේ

විමාලි වික්‍ර­මගේ

අදහස්