සහස් පිය­වර ජනගත වේ | Page 2 | සිළුමිණ

සහස් පිය­වර ජනගත වේ

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය, 2019 ජනවාරි 18 සිකුරාදා දින හවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි. මෙම උත්සවයේදී ආරාධිත දේශන පවත්වන්නේ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ ය. කතුවරිය ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න්හි පුස්තකාලවේදිනියක් ලෙස සේවය කරන්නීය. දශකයකට අධික කාලයක් ලෝකයේ නූතන සාහිත්‍ය ප්‍රවණතා ප්‍රශස්ත පරිශීලනයක යෙදෙන කතුවරිය වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරන ලද කෙටි කතා රැසක් මෙම කෘතියෙහි සංගෘහිත කර තිබේ. 'සහස් පියවර' සයුර ප්‍රකාශනයකි.


 රාවණ සීතාභිලාෂය සංගීතමය නාට්‍යය

නාමෙල් වීරමුනිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත සංගීතමය “රාවණ සීතාභිලාෂය” ජනවාරි 18 වනදා සවස 3.45 ට සහ 7 ට ලයනල් වෙන්ඩට් හීදී වේදිකාගත වේ. “රාවණ සීතාභිලාෂය” මහාචාර්ය ජේ. බී. දිසානායකගේ හා නාමෙල් වීරමුනිගේ සංකලිතික රචනයකි. ජයන්ත අරවින්ද හා ලයනල් ගුණතිලක සංගීතය නිර්මාණය කර පුහුණු කළෝය. නිර්මාණාත්මක නැටුම් පුහුණුව අකිල පලිපානගෙනි. එහි රජිත හේවතන්ත්‍රිගේ, සුරංගි කෝසලාල, චමින්ද මිරිහාගල්ල, නිහාරි සෝමසිරි, නිලක්ෂි හැලපිටිය ඇතුළු අධික නළු නිළි පිරිසක් රඟපාති.


සිරි ගෞතම සම්බුදු ධාතු වර්ණනාව

කර්තෘ - පූජ්‍ය ඔකඳගල මෙත්තාරාම හිමි

නිශාන්ත තේනුවර මහතාගේ මුල්‍යමය අනුග්‍රහයෙන් කර්තෘ ප්‍රකාශනයකි.

බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා විසිරුණු ආකාරය මෙහි විස්තර කර ඇත.

එසේම ධාතු පරිනිර්වාණය සිදුවන ආකාරය, නොවිසුරුණු සප්ත ධාතූන් වහන්සේලා, ද්‍රෝණ බමුණා විසින් විසිරුණු සර්වඥ ධාතූන් වහන්සේලා බෙදා දුන් රජවරු හා බමුණන්, ආදී බොහොමයක් කරුණු ඇතුළත් ය. පිටකවරය ගෞරව ශාස්ත්‍රවේදී පූජය කිඹුල්පැටියාවේ ඉන්ද්‍රසාර හිමියන් විසින් නිර්මාණය කරන ලදී.

අදහස්