“යසස්... මේ කෝල් එකට මම නැහැ කියන්න” | සිළුමිණ

“යසස්... මේ කෝල් එකට මම නැහැ කියන්න”

රාම් මෝහන් බලා සිටියේ මනෝජ් සිංගෙන් පිළිතුරක් ලැබෙන තෙක්ය. තම දුව නිකම්ම නිකම් ගැහැනියක් නොවන බැව් මෙම තැනැත්තා දැන ගත යුතුය. ශ්‍රී ලාංකිකයන්ට හැම දෙයක්ම ලැබී ඇත්තේ ඉන්දියාවෙනි. යක්ෂ, නාග වශයෙන් වනචාරී ගෝත්‍රිකයන් සිරි ලංකාව රාජ්‍යපාලනය, කෘෂිකර්මය බුදු දහම සාහිත්‍ය කලාව ලැබුණේ ඉන්දියාවෙනි. බුදු දහමට අදාළ කලා ශිල්ප කෙරෙහිද ඉන්දියාව බලපෑවේය. ආන්ධ්‍රා දේශයේ අමරාවතී සම්ප්‍රදාය බුදු පිළිම නිර්මාණය කිරීම කෙරෙහිද බල පෑවේය.

“ඩොක්ට අපි මහාරාජාවරුන්ගෙන් පැවැතෙන රාජ වංශවල අය”

“විජය කුමාරයා ආවේ ඉන්දියාවෙන් ඒ අය එක්ක ආපු කුමාරවරු ගංගාශ්‍රීතව ජනපද පිහිටුවා ගෙන භද්ධකච්චායනා වගෙ කුමාරියො ලංකාවට ගෙන්නාගෙන තියෙනවා.”

“හරි , හරි, මම දන්නවා. ඔය කොල්ලගෙ කුලය මොකක්ද?

“සර් අපේ රටේ තවම කුල භේදය ක්‍රියාත්මක වෙනවා. රැවුල් කපන, රෙදි හෝදන, රා මදින පහත් කුල මෙහෙ ක්‍රියාත්මක නෑ. දෙමළ මිනිස්සු ඉන්න යාපනේ නම් වෘත්තිය අනුව කුල තියෙනවා.”

උසස් කුලයෙ කෙනෙක් පහත් කුලයකට විවාහ වෙන්ට බැරි බව දන්නවා නේද? කවුරු වුණත් සිංහල කෙල්ලෙකුට අපේ කුමාරි ගැළපෙන්නෙ නෑ.”

“සර් හදිසි වැඩකට මට ඉන්දියාවට යන්ට වෙලා තියෙනවා. ආවහම ඔක්කොම විස්තර කියන්නම්.”

“මුකුත් ගෙවීමේ අඩුවක් තියෙද?

නෑ නෑ සර් එහෙම අඩුවක් වුණේ නෑ”

“කවුරු හිටියත් නැතත් මගේ වැඩ මම කර ගන්නවා. “මහරාජා කතා කළේ තරමක කේන්තියෙනි.

ඔහු මොහොතක් කල්පනා කළේය.

මෝහන් සිං තුමා මෙම තරුණයා පිළිබඳව අඩු තක්සේරුවක් තබා ඇත. නීලක මහා රාජා කෙනකුගේ වංශවත් පුතෙක් නොවුවත් ‍හොඳ පෞරුෂයක් ඇති තරුණයෙකි. පැහැදිලිව ශ්‍රී ලංකාව රමණීය දිවයිනක් බව ලොවම පිළිගනී. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි වැනි ආගම්වලින් හික්මුණු පිරිසක් ඇත. ඔවුහු වෙනත් රටවල මෙන් නොව මිනී මරා ගන්නා මූල ධර්මවාදීහු නොවෙති. ආගන්තුක සත්කාර දන්නා හොඳ මිනිසුන්ය.

“මම සර්ට අවවාදයක් දෙන්නම්”.

“නෑ අවශ්‍ය නෑ අපි කාගෙවත් උපදෙස් අරන් කටයුතු කරණ අය නෙමේ. මට ඕනැ මගේ දුව මේ මර උගුලෙන් බේරා ගන්නයි.

ඔහු ඊට වඩා යමක් කියන්නට ගියේ නැත. මොවුන් පැහැදිලිවම අදමිටු මිනිසුන්ය. මනුෂ්‍යයෙකුගේ ප්‍රාණයක් ඔවුනට වටින්නේ නැත. ඔහු සිතා හදා ගැනීමට නිහඬව සිටියේය.

ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් නීලකගේ ජීවිතයට හානියක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ ආදරය වර්තමානයේ සිදු වූවක් නොවේ. මෝහන විද්‍යාව පිළිබඳව කෙරෙන පරීක්ෂණය පිළිබඳව අවසාන අවස්ථාව දැකීමට සිටිය යුතුය. නිබන්ධනය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ හැකි වන්නේ ඉන් පසුවය. ඔහු ඉන්දියාවේ සිට මැර කණ්ඩායමක් එවන්නට පසු බසින්නේ නැත. එසේත් නැතිනම් ලංකාවේ සිටින පාතාලයේ කණ්ඩායමකට මෙය බාර දීමට බැරි නැත.

“යසස් නොදන්නා කෝල් එකක් තියෙනවා. කතා කරල මාව නැහැයි කියල විස්තර අහගන්න” නීලක දුරකතනය යසස් අතට දෙමින් කීවේය.

“හ‍‍ලෝ..... ඔය නීලකද?

“නීලක ෆෝන් එක දමලා ගමනක් ගිහින් කවුද ඔයා.”

“සමහර විට මාව දන්නවත් ඇති”.

මම ඉන්දියාවේ ඉඳල ආපු මනෝ වෛද්‍යවරයෙක්.”

යසස් මෙම තැනැත්තා ශ්‍රී ලංකිකයකු නොවන බව පැහැදිලිව තේරුම් ගත්තේය. ඉන්දීය ජාතිකයන් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්නේ වෙනස්ම අයුරකිනි. යුරෝපීයන්ගේ ශෛලිය වෙනස්ය.

“කියන්න මිස්ට ම‍නෝජ් සිං අපෙන් මොකක්ද ඔබ තුමාට කරන්න තියෙන්නේ.”

“නීලක හේරත් තමුන්ගේ හොඳ මිත්‍රයෙක් නේද”?

“ඔව් සර් අපි මිත්‍රයො. අපි එක කැම්පස් එකක ඉගෙන ගන්න ශිෂ්‍යයෝ.”

“මම ලංකාවේ ඉන්දෙද්දි නීලකගේ ගෙදරට ඇවිදින් තියෙනවා. නීලක පවුල් පසු බිම, ආගම, කුලය වගේ දේවල් බැලුවා”.

“අපි සිංහල බෞද්ධයෝ. ඒ හැර හින්දු, කතෝලික මහමත් තුමා අදහන පිරිස ඉන්නවා. ඉන්දියාවේ වගෙ කුලභේද අපේ රටේ නෑ. පහත් නීච කියල කොටසක් නෑ.”

“ඔව් මම තේරුම් ගත්තා. ඔයාගෙ මිත්‍රයාගෙ පෙම්වතිය ගිය ආත්මෙ කොහොම හිටියත් දැන් ඉපදිලා ඉන්නෙ බටහිර බෙංගාලයේ මහාරාජා කෙනෙකුගේ දුවක් විදිහටයි.”

“ඔව්, ඒක අපටත් ආරංචි වුණා.”

“ඉන්දියාවෙ පහත් කුලයක ඉපදුණු මම මගේ දක්ෂකම නිසා ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලයට ගිහින් සමත් වෙලා වෛද්‍යවරයෙක් වුණා.”

“අහන්නත් සන්තෝසයි.”

“ඉන්දියාවේ අම්බානි වගේ කෝටිපතියෝ ඉන්න අතර ගෙයක් දොරක් නැතිව එදා වේල කන්න නැතිව කුසගින්නේ මිය යන මිනිසුන් ඉන්නවා.”

“ඔව් අහල තියෙනවා.”

“විවිධ ජාවාරම් කාරයො ඉන්නවා පාතාලයට නම් වැඩ කුලියට මිනීමරණ අය ඉන්නවා.”

“පක්ෂ භේදය, කුල භේදය තදබල විදිහට තියෙන නිසා විවාහ කටයුතුවලදී ඒවා තදබල ලෙස බලපානවා.”

“බෞද්ධ සාහිත්‍යයේ පටාචාරාවටත් ඒ දේ වුණා.”

“මම මේ දීර්ඝ පෙරවදනක් කීවේ එක දෙයක් කියන්න. චම්පා චට්ටෝපාධ්‍ය කුමරිය එක්ක තියෙන සම්බන්ධය නතර නොකොළොත් නීලකට ජීවිතයෙන් වන්දි ගෙවන්ට සිදුවෙයි.”

“මොනවා. මේ ලංකාවට ඇවිදින්.”

“මට හිතෙන විදිහට මෙ වගෙ මනුෂ්‍ය ඝාතනයක් කරන්න ඉන්දියාවේ කට්ටියක් ලංකාවට එන්න ඕනෑ නෑ. ලංකාවේ පාතාල කල්ලියකට බාර දෙයි.”

“යසස් පුදුමයට පත් වුණේ එම කතාව ඇසීමෙනි. අද මෙවැනි දේවල් සිදුවන්නේ කුමන්ත්‍රණ ලෙසිනි.

නාන කාමරයේ එන මිතුරා දෙස යසස් බලා සිටියේය

“‍මොකද්ද හෑල්ලක් කියවනවා ඇහුණේ”

“ඒ කතාව අහල මගේ ඇ‍ඟේ ලේ වතුර වුණා.”

“ඒ ඇයි?”

“මචං උඹව මරන්න ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවලු”.

“මේ මාව. මාව මරන්න කාටද ඕනෑ. අනික මම කවුද?”

“මේක ඉන්දීය කුමන්ත්‍රණයක් ලූ”

“කාටද මචං මාව මරන්න ඕන” නීලක ඇසුවේ සිනාසෙමිනි.”

“මේවා සැහැල්ලු විදියට ගන්න එපා. මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ඩොක්ට කිව්වෙ බොරුවට නෙමේ.”

සාකච්ඡාව පවතිද්දී නිලක වෙත ඇමතුමක් ලැබිණි.

ඔහු එකවරම කුමරියගේ ඇමතුම හඳුනා ගත්තේය.

“අපි දැන් කුමාරි ගැන මතක් කළා විතරයි.”

“බොරු නේද ? මාව දැකලවත් නැතිව”.

“ගැහැනු, ලෝකෙ කොහෙ හිටියත් එකයි. කුමාරියක් වුණත් සේවිකාවක් වුණත්.

“ඔන්න ඕකයි මම ඔයාට කැමැති.” කුමරියගේ රිදී සිනා හඬ ඇසිණි.

“ඔයත් හරි කපටියි.”

“කපටි අය එක්ක කතා ඕන්නෑ අපි තියනවා.”

“මාත් කැමැති මේ වගෙ තරහ යන කෙල්ලෙක්ටයි.”

ඔවුහු එකවර සිනා වුණා.”

“මට ඔයාව මතක් නොවන වෙලාවක් නෑ”

“මටත් එහෙමයි නීලක”

“දෙයක් කියන්නම්. ඒක අහල කලබල වෙන්න එපා.

“නෑ කියන්න”.

“මාව කවුරු හරි ඝාතනය කරන්නට යනවා කියල ආරංචියක් තියෙනවා.”

“දෙවියනේ! ඒවගෙ වචනයක් කියන්න එපා.”

ලබන සතියට

අදහස්