වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජනාධිපති සම්මාන හයක් දිනයි | සිළුමිණ

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජනාධිපති සම්මාන හයක් දිනයි

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි හි අපනයන සමාගම වන එන්. ජේ. එක්ස්පෝර්ට්ස් සමාගම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කළ 2018 ජනාධිපති සම්මාන උලෙළේදී ජනාධිපති සම්මාන 6කින් පිදුම් ලැබීය.විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, විශිෂ්ටම ආභරණ අපනයනකරු, විශිෂ්ටම දියමන්ති ආභරණ අපනයනකරු, විශිෂ්ටම විදේශ විනිමය ඉපැයුම්කරු, විශිෂ්ටම ස්වර්ණාභරණ තාක්ෂණිකශිල්පියා (සශී කුමාර්මහතා), විශිෂ්ටම මෝස්තර ආභරණ තාක්ෂණ ශිල්පියා (ධර්මසිරි මහතා) ජනාධිපති සම්මාන අතර වෙයි. සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ගුණාත්මකභාවයෙන් අනූන නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ විශ්වාසයෙන් මිලදී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස ජනහද දිනූ නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය ස්වර්ණාභරණ මෝස්තර 25000කට අධික අගනා එකතුවකින් සමන්විතය. නිසි ප්‍රමිතියෙන් සපිරි ප්ලැටිනම්, රත්තරන්,සුදුරත්තරන්, දියමන්ති ආදියෙන් ආභරණ නිපදවන නිෂ්පාදනාගාරයකින් සහ දෙස්විදෙස් පුහුණුව ලැබූ විශේෂඥ දැනුමෙන් සපිරි පළපුරුදු සේවක මඬුල්ලකින් නිත්‍යකල්‍යාණි ජුවලරි සමන්විතය.

නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනය සිය ආභරණ මහා බ්‍රිතාන්‍යය, ඩුබායි, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12කට සාර්ථකව අපනයනය කරයි.

අදහස්