ACES සම්මානය කොමර්ෂල් බැංකුවේ හිටපු කළමනාකරුට | Page 2 | සිළුමිණ

ACES සම්මානය කොමර්ෂල් බැංකුවේ හිටපු කළමනාකරුට

2018 Asia Corporate Excellence & Sustainability (ACES) සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා ‘ආසියාවේ විශිෂ්ටතම නායකයෙක්’ යන සම්මානයෙන් පිදුම් ලැබීය. දුරෙයිරත්නම් මහතා කොමර්ෂල් බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මෙම සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.

කොමර්ෂල් බැංකුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට රැගෙන යෑම සඳහා දුරෙයිරත්නම් මහතා විසින් ලබා දුන් අති විශිෂ්ට නායකත්ව මඟ පෙන්වීම ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුව පිළිගත් එම සම්මානය ජෙගන් දුරෙයිරත්නම් මහතා වෙත කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා විසින් පිරිනමන ලදී.

Comments