NBQSA රිදී සම්මානය ඇක්සියෙන්ටා සමාගමට | Page 2 | සිළුමිණ

NBQSA රිදී සම්මානය ඇක්සියෙන්ටා සමාගමට

අලෙවි අංශ ස්වයංක්‍රීය කිරීමේ මෘදුකාංග විසඳුම් නිර්මාණයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සීමාසහිත ඇක්සියෙන්ටා පෞද්ගලික සමාගම NBQSA 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී රීදී සම්මානයෙන් පිදුම් ලැබීය.

නවතම මෘදුකාංග සංවර්ධනය කරන ප්‍රමුඛ සමාගමක් වන ඇක්සියෙන්ටා ජංගම ව්‍යාපාර විසඳුම් කඩිනමින් සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වයි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, කාගිල්ස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, මැලිබන් බිස්කට්, හේමාස් ෆාමසියුටිකල්ස් සහ ඇට්ලස් ඇක්සිලියා ආදී සමාගම්වලට මෘදුකාංග විසඳුම් සපයන්නේ ඇක්සියෙන්ටා සමාගමයි.

ඔවුන්ගේ නිපැයුම් අතර VANTAGE SFA Enterprise, ඖෂධ අලෙවි නියෝජිතයන් සඳහා වන VANTAGE MRIS සහ VANTAGE Telco ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර තමන්ට ප්‍රමුඛ ස්ථානයක් පවතින බව ඇක්සියෙන්ටා සමාගම හඳුනා ගෙන සිටී. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය විශාල වශයෙන් විසිරී ඇති අතර අලෙවි අංශ ස්වයංක්‍රීය කිරීමේ තාක්ෂණය ඉතා අඩුය. මේ තත්ත්වය ඇක්සියෙන්ටා සමාගමට සම්මානලාභී VANTAGE LITE බිහි කිරීමට හේතු විය.

VANTAGE LITE යනු අලෙවි බළකාය ස්වයංක්‍රීය කිරීමේ විසැඳුමක් වන අතර එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ක්ෂණිකව ගනුදෙනු සැකසීමට හා බෙදා හැරීමට සලසයි. මේ විසැඳුම මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවාසයකන්ට ස්වකීය විකුණුම් හා බෙදා හැරීම් ක්‍රියාවලිය සහ පවතින ගනුදෙනුකාර පදනම ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකිය. මෙවැනි සේවාවක් සපයන්නට ඇක්සියෙන්ටා සමාගමට හැකි වන්නේ ඔවුන් සතු අත්දැකීම් සම්භාරය, පවතින සේවාදායක පදනම හා මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇති පිළිගැනීම හේතුවෙනි.

Comments