අරංගා පොකුණ ළඟදී අරං­ගයා දුටිමි | සිළුමිණ

අරංගා පොකුණ ළඟදී අරං­ගයා දුටිමි

හාත්ප­සම රජ කරන්නේ ඇට මිදුළු දක්වාම විනි­විද යන සීත­ලකි. නමුත් එහි ඇති අමි­හිරි බව පර­ය­මින් සිතේ රජ­යන්නේ අප බලා­පො­රොත්තු වු ඒ දුලබ දැකුම මේ දැන් අප අබිමුව පාදූ­ර්භූ­ත­වේ­වායි යන පැතු­මයි. හෝර්ට­න්තැන්න කාර්ය­ම­ණ්ඩල සංචා­රක නිවා­ස­යෙන් පාන් කළු­ව­රේම එළි­යට බැස්ස අපි තැනි­ත­ලාව මත්තේ විසි­රුණු ගන මිහි­දුම් පට­ලය ඉරා­ගෙන හණි­කට අරංගා පොකුණ අබි­ය­සට පැමි­ණියේ බලා­පො­රොත්තු රාශි­යක් නොව එකක් සාක්ෂාත් කර­ගන්න අටි­යෙ­නුයි. ඒ, සිංහල නමින් සියු­රු­හන් දෙන වල් අවි­ච්චියා නැති නම් අරං­ගයා යනු­වෙන් කුරු­ලු­ලෝ­ලීන් අතරේ ප්‍රකට කුරු­ල්ලාය.

ඉංග්‍රී­සි­යෙන් Sri Lanka Whistling Thrush ලෙසත් විද්‍යා­ත්ම­කව Myophonusblighi නමින් ද හඳු­න්වන අරං­ගයා අයත් පක්ෂි පවුල (TURDIDAE) තිරා­සික කුල­යයි. ඉකුත් දිනෙක අප හෝර්ට­න්තැන්නේ ගිය රාජ­කාරි ගම­නක් අතර තුරදී පෙර සඳ­හන් කළ පක්ෂියා දැක­බ­ලා­ගන්න අව­ස්ථා­වක් ලැබුණේ අහ­ම්බෙනි.

දේශීය පක්ෂීන් අතර සීමිත ව්‍යාප්ති­යක් සහිත මේ පක්ෂියා අපේ රටට ආවේ­ණික වන අතර, ආවේ­ණික පක්ෂි ලැයි­ස්තුවේ ඉතාම කලා­තු­ර­කින් දැක­බ­ලා­ගත හැකි කුරු­ල්ලකු ලෙස ද ප්‍රක­ටය.

උගේ පැහැය කැපී පෙනන කළු වර්ණය වුවත් කුරුලු ලොව සරණ දැකු­ම්කලු පක්ෂි­යෙකු ලෙස අරං­ගයා හැඳි­න්වී­මට පුළු­වන. විශේ­ෂ­යෙන්ම එළි­යට නොව අඳු­රට කැමැති හැසි­රීම් රටාව හේතු­වෙන් මේ පක්ෂීන් නිරී­ක්ෂ­ණය කිරීම ඉතා අසීරු කාර්ය­යක් බව සඳ­හන් කළ යුතු වේ. පැහැ­යෙන් කළු මේ පක්ෂියා කළ එළි බසි­න්නෙත් කළු­ව­රේම නිසා දැක­බ­ලා­ගැ­නීම නම් හරිම අප­හ­සුයි. උදෑ­සන කළු­වර මැකී යන යාම­ය­ටත්, හැන්දෑ කළු­වර පැමි­ණෙන යාම­ය­ටත් අරං­ගයා බොහෝ ප්‍රියය.

වර්ෂ 2010 සිට 2012 දක්වා වසර තුනක කාල­යක් තුළ හෝර්ට­න්තැන්න ඇසුරේ රාජ­කාරි සිදු කළ මා ඉඩක් ලද විගස මේ අපූරු පක්ෂියා ගැන විප­රම් කර­න්නත් අම­තක කළේ නෑ. ඔහුගේ හැසි­රීම් රටා­වන් නිරී­ක්ෂ­ණය කර­මින් කුරු­ල්ලාගේ ජීවි­තයේ ළමා විය, ගැට­වර විය මෙන්ම මැදි විය ගැනත් සජීවී නිද­හස් පාරි­ස­රික තත්ත්ව තුළදී හදා­රන්න ලැබි­මත් සැබැ­වින්ම මා ලද භාග්‍ය­යක් සේ මම දකිමි.

අරං­ගයා පිළි­බඳ පුළුල්ව අධ්‍ය­ය­නය කිරී­මට ලැබුණේ මීට වසර පහ හය­කට පමණ පෙරය. ඉන්පසු යළිත් වතා­වක් අහ­ම්බෙන් මෙන් හෝර්ටන් තැන්නේදී අරං­ගයා ගැන නිරී­ක්ෂ­ණය කිරී­මට ලැබීම සතු­ටකි. හෝර්ටන් තැන්නේදී මේ කුරුල්ලා උදේ 5.45ත් – 6. 00ත් අතරේ අරංගා පොකුණ ළග තණ බිස්සේ කෑම හොය­මින් පැය බාගෙ­කට කිට්ටු කාල­යක් ගත කරයි. ඊට කලින් ඌ රාත්‍රි­යට ලගින, ඒ කියන්නේ තමන්ගේ වසම තුළ සිට මේ කියන ආහාර බිමට (ගොදුරු බිමට) එන්න කලින් හරිම අපූරු සියු­රු­හන් බෑමක් නඟයි.

එහි අර­මුණ වසමේ අයි­ති­යත්, තමන්ගේ පැමි­ණී­මත් තම­න්ගේම වර්ගයේ සෙසු පක්ෂීන්ට දැනු­ම්දී­මයි. පළ­මු­වෙන්ම කුරුල්ලා ඇවිත් ගහක් මුදු­නක ටික වේලා­වක් ඉන්නවා, අවට පිළි­බඳ විප­රමේ. අමු­ත්තක් නැති නම් යළිත් සියු­රුහන් බෑමක් කරයි. ඒ කිරි­ල්ලි­යට එන ලෙසට කරන ඇරි­යු­මකි. අන­තු­රුව ඇගේ පැමි­ණීම අපේ­ක්ෂා­වෙන් බලා සිට ඇය ආ විග­සම දෙදෙනා එක්ව තණ බිමේ ආහාර සෙවීමේ කාර්යයේ යුහු­සු­ලුව නිරත වෙති. අපි කුරු­ල්ලාගේ හැසි­රීම් රටාව දෙස බලා සිටි­න්නට විමු.

“ආන්න කළු පාට කුරු­ල්ලෙකු සුළං කපා­ගෙන ආන්න අර අත්තේ වැහුවා.”

සග­යෙක් හිමින් සීරුවේ කනට මුමු­නයි. මම ඒ දෙස බලා සිටි­යෙමි. නමුත් පාන් කළු­වරේ අවට පැති­රුණ මිදුම නිසා කිසි­වක් නොපෙනේ. ඒ ඉසව්ව දෙසම ටික වේලා­වක් බලා සිටින විටදී පෙර සඳ­හන් කළ අරං­ග­යාගේ අනන්‍ය වූ සියු­රු­හන් නාදය කන වැකෙත්ම මේ නම් ඒකා­න්ත­යෙන්ම අපේ නොදුටු විහඟ මිතුරා වන අරං­ග­යාගේ පැමි­ණීම බැව් අපි අනු­මාන කළෙමු. එනිසා නිහ­ඬ­වම හඬ ආ දෙස බලා සිටි­න්නට වීමූ. ගත වුයේ තත්පර කිහි­ප­යකි.

තවත් කුරු­ල්ලෙ­කුගේ පියා­පත් සුළඟ සමග පොර බදි­මින් පෙර හඬ ආ දෙස­ටම පාත් වන සැටි නෙත ගැටිණි. ඒ පැමිණි කුරුල්ලා කෙළින්ම නතර වූයේ තණ බිස්ස මතයි. ඒ සම­ඟම කොහේදෝ සිට පැමිණි එබ­ඳුම තවත් කුරු­ල්ලෙක් තණ බිස්ස මතට පාත් විය. මේ නියත ලෙසම අරං­ග­යාම බවට අප සිය­ල්ලන්ම ඒක­ම­ති­කව හඳුනා ගත් අතර මෙතැන් සිට ඔවුන්ගේ හැසි­රීම් රටාව අධ්‍ය­න­ය­නය කිරීම මූලි­කම කාර්යය වු බැවින් ඒ සදහා සිය­ල්ලන් විසින්ම තම තමන්ගේ අව­ධා­නය යොමු කරන ලදී.

හිරු තැනි­තලා බිම මතට එබි­කම් කරද්දි කෙමෙන් කෙමෙන් පහව යන අඳුර සහ අතු­රු­දන් වන මිහි­දුම් සෙව­ණැලි නිසා පැහැ­දිලි දසු­නක් අරංගා විල අවට පැළ­ප­දි­යම් වෙන්න පටන් ගැනීම අපගේ කාර්යය පහසු කර­ව­න්නක් විය.

මයි­නෙ­කුට වඩා තර­මක් කුඩා (සෙ.මී. 18 – 21 ත් අතර) වන අතර හොට, පාද කළු වර්ණ­යෙන් යුක්තය. අත්තටු මුලට වන්නට දිලෙන නිල් පාට පැල්ල­මකි. එය වෙනත් කළු වර්ණ­යෙන් සම­න්විත පක්ෂීන් හා සමඟ වෙන් කර අරං­ගයා හදු­නා­ගත හැකි අන­න්‍ය­තා­වක් ලෙසද හැඳි­න්විය හැකියි. එම පැල්ලම පියා­ස­රන විට­දීත් පියා­පත් විහි­දන විට­දීත් හොඳින් දැක­බ­ලා­ගත හැකියි. පියා­පත් හකු­ළා­ගත් කල මේ නීල වර්ණය පිහාටු ගොමුව, උර­පත් පිහාටු සහ ළයෙහි පිහාටුවලින් වැසි ඇති බැවින් නීරි­ක්ෂ­ණය කිරීම අප­හසු වේ. ගෙල පිටු පස සිට පිට මැද ප්‍රදේ­ශය තෙක් දිළි­සෙන තද නිල් මිශ්‍ර කළු වර්ණය දරයි.

පිරිමි පක්ෂියා තද කළු පාටය. ඔහුට සාපේ­ක්ෂව කිරි­ල්ලිය දුඹුරු පාටකි. එසේ වුවත් දෙදෙ­නා­ගේම පියා­ප­ත්වල අඩු - වැඩි වශ­යෙන් නිල් පැහැති පැල්ලම වැටී ඇත. වනා­න්තර ඇසුරේ සැඟවී ජිවත් වීමට ප්‍රිය­තා­වක් දක්වයි. එසේම ලජ්ජා­ශීලී පක්ෂි­යෙකි. දහ­වල් කාලය තුළදී සැඟවී සිටි­යත් පරි­ස­රය සිහිල් වන සෑම අව­ස්ථා­ව­ක­දීම උදෑ­සන සහ සවස් යාමයේ (ගොම්මන් අඳුරේ) ක්‍රියා­ශි­ලිව හැසි­රෙයි. සන්ධ්‍යා සමය අව­සන් වත්ම පිරිමි කුරු­ල්ලන් සි... ඊ... සි... ඊ... නදින් තීව්ර සරින් සියු­රු­වම් නාද­යක් නඟන අත­රම එම නාදය මොවුන් සරනා වනා­න්තර ඇසුරේ දී නිර­න්ත­ර­වම ඇසිය හැකිය.

අරං­ග­යාගේ ජීවි­තය ගැන කිව යුතු කරුණු කාරණා අප­ම­ණය. දිය පාරක් අයිනේ හෝ දිය කඩිති , කුඩා දිය ඇලි අසල පිහිටි විව­ර­යක් තුළ වුවද කැදිලි තනයි. ගසක මුල් ගොමු­වක් තුළ වුවත් ඒ සඳහා සුදු­සුයි. මේ පක්ෂීන්ගේ කැදිලි එවැනි තැන් අස­ලදී වුවත් දැක­ගත හැකිය. කැදැල්ල වටේ­ටම කොළ රොඩු පර­ඬැල් ආදිය එකතු කර සාදා­ගත් කව­යක් තුළ මෘදු පෙඳ පාසි­ව­ලින් තනා­ගන්නා සුව පහසු කැදැල්ලේ වර­කට බිත්තර 01 – 02 ත් අතර සංඛ්‍යා­වක් දමයි. අන­තු­රුව කුරුලු අම්මාත් - තාත්තාත් සහ­යෝ­ගි­ත්ව­යෙන් බිත්තර ගොනුව රකිති. බිත්තර බිඳ එළිය දකින් පැට­වුන් පෝෂ­ණය කරති. පැට­වුන් උස් මහත් වී කැදැල්ල අතැර ස්වාධීන වන්නේ කව­දාද එතෙක් මවු­පියෝ තම දරු පැට­වුන් පෝෂ­ණය සහ අවශ්‍ය රැක­ව­ර­ණය ලබා දෙති.

අභි­ජ­නන සමය වසර මුල දී එනම් මාර්තු අග සිට - සැප්තැ­ම්බර් අග දක්වා සිදු වේය යන්න පිළි­ගත් මතය වුවත් යහ­පත් වු පාරි­ස­රික හා කාල­ගු­ණික හේතු සාධක මත අභි­ජ­නන සමය ජන­වාරි ආරම්භ වී මැයි - අගෝස්තු - සැප්තැ­ම්බර් යන මාස අතර වුවත් සිදු විය හැකිය. බිත්තර ළා+ කොළ පාටකි. පසු බිමෙහි රතට හුරු දුඹුරු තිත් රටා සහි­තය. ප්‍රමා­ණ­යෙන් සෙ.මී. 02 – 03 ත් අත­රය. ප්‍රධාන වශ­යෙන් කෘමී භක්ෂක පක්ෂි­යෙකු වුවත් කුඩා මැඩි­යන්, හූනන්, පණු­වන් ආදීන්ද ගොදුරු කර­ගැ­නී­මට පසු බට නොවේ.

ගලා යන දිය දහරා සමී­පයේ ගල් මත ගමන් කර­මින් ඔබ - මොබ පිරි­ක්ස­මින් සහ වතුර කඩිති අබි­යස ගැවෙ­සෙ­මින් නිර­න්ත­ර­වම ආහාර සොයයි. දිය­වැල් නිර­න්ත­ර­යෙන් ගලා බසිනා සිසිල් පරි­සර පද්ධති තුළ ජීවත් වීමට ප්‍රියයි. එනම් කඳු­ක­රයේ මිටර් 1000 - මීටර් 3000 අතර කලා­පය තුළ ස්වකිය පැවැත්ම තහ­වුරු කර­ගෙන සිටියි. අරං­ගයා දැක­ගත හැකි කදිම ස්ථාන වන්නේ සම­නල වන­පෙතේ ඉහ­ළට වන්න­ටය. හෝර්ට­න්තැන්න ඔහිය, පට්ටි­පොළ අරංගා විල, නකල්ස් කඳු­වැ­ටිය ආශ්‍රිත සුර­ක්ෂිත වන බිම්ය.

බර­ප­ත­ළම තර්ජ­නය වි ඇත්තේ කළ­ම­නා­කා­රී­ත්ව­ය­කින් තොරව සිදු වන වනා­න්තර විනා­ශ­යයි. ඉහළ කඳු­කර පාරි­ස­රික සංර­ක්ෂණ විෂ­යෙ­හිලා සුර­ක්ෂිත වුවත් එකී පාරි­ස­රික කලා­ප­යන් ආශ්‍රිත සිදු වන සංචා­රක ව්‍යාපා­රය විධි­මත්ව පව­ත්වා­ගෙන යෑමේ නිසි වැඩ පිළි­වෙ­ළක් මගින් මේ සත්ත්ව­යන්ගේ ජිවත් විමේ නිද­හස් අයි­තිය ආරක්ෂා කිරී­මට හැකි වනු ඇත. එවැනි ප්‍රදේශ ආශ්‍රිත සංචා­ර­යන්හි නිරත වන ඔබත් ස්වාභා­වික පරි­ස­රයේ ශාක හා සත්ත්ව පැවැ­ත්මට බාධා වන කිසි­වක් හෝ සිදු නොක­රන්න. මේ අහිං­සක වන ජිවිත නිබඳ යදින්නේ ජිවත් විමේ අයි­ති­යයි.

සේයාරූ

• හොර්ට­න්තැන්නේ පාරි­ස­රික වට­පි­ටාව
-රෝහිත ගුණ­ව­ර්ධන

• අරං­ග­යාගේ සේයාරුව
-චම්මික දිසා­නා­යක

අදහස්