කෘෂි උප­දේ­ශ­ක­ව­රුන් එපා කියද්දී වියළි පොළොවේ ගම්මි­රිස් වවා සල්ලි ගස් හොල්ලන බණ්ඩාර | සිළුමිණ

කෘෂි උප­දේ­ශ­ක­ව­රුන් එපා කියද්දී වියළි පොළොවේ ගම්මි­රිස් වවා සල්ලි ගස් හොල්ලන බණ්ඩාර

ගොවියෝ හැම විට මැසි­විලි නඟති. ඒ එක්කෝ වැස්ස නැතැයි කියාය. එක්කෝ වැස්ස වැඩියි කියාය. එහෙ­මත් නැති නම් පොහොර ගැනය. වෙළෙද පොළක් නැතැයි කියාය. තවත් විවි­ධා­කර හේතු ද මේ අත­රට එක් වේ. එහෙත් තමන්ට ඇති හැකි අයු­රින්, ලද දැනුම ප්‍රයෝ­ජ­න­යට ගෙන අභි­යෝග ජය­ගන්නා ගොවි­යෝද මේ අතර අපට හමුවේ. පසු­ගිය දිනෙක අපට හමු වූ ටී. එම්. ඩී බණ්ඩාර ද එවැ­න්නෙකි.

කුරු­ණෑ­ගල පුත්ත­ලම් මාර්ගයේ නික­වැ­ර­ටිය මාගාල්ල ජලා­ශය අස­ලින් ඇති මාර්ගයේ ගිය විට බණ්ඩා­රගේ ගොවි බිම අපට හමු­වෙයි. අක්කර දෙක­හා­මා­රක් පමණ වන එම වගා බිමේ සරු­සාර ගම්මි­රිස් වගා­වට අම­ත­රව කෙසෙල්, අලි­පේර, ජම්බු, ලෙමන්, කටු අනෝදා, නාරං දෙළුම් දොඩම් මෙන්ම රතු ඇපල් හා කොළ ඇපල්ද කොස් දෙල් ආදිය ද වේ.

ගම්මි­රිස් වගා­වට මුල් තැන දුන් මේ වගා­බිමේ ගම්මි­රිස් පැළ තවාන් දැමීම ද සිදු කැරේ. වියළි කාල­ගු­ණ­යක් පව­තින ප්‍රදේ­ශ­යක ගම්මි­රිස් වගාව සරු සාර නැත. ගොවි පුහු­ණු­වේදි උප­දේ­ශ­ක­ව­රුන් කියා දෙන්නේ එලෙ­සිනි. වගාව ගැන දැනුම ලබා ගැනී­මෙන් පසු බණ්ඩාර නව ගම්මි­රිස් වගා­වක් ආරම්භ කළේය.

2008 වස­රේදී බිත්තර වී වගා කොට කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ප්‍රථම ස්ථානය ලබා­ගෙන ඇති බණ්ඩා­රගේ විශේ­ෂ­ත්වය වුයේ, අක්ක­ර­යට බුසල් දෙසි­යක් ලබා­ගැ­නී­මය. තම ගොවි බිමට රසා­ය­නික පොහොර භාවිත නොකර කාබ­නික පොහොර යෙදී­මට බණ්ඩාර කට­යුතු කරයි.

තම වගාවේ සාර්ථ­ක­ත්වය පිළි­බඳ කතා කරන බණ්ඩාර.

“ මම ගම්මි­රිස් වගාව පිළි­බඳ පුහු­ණුව ලැබුවා. නමුත් අපට ඒ උප­දේ­ශ­ක­ව­රු­න්ගෙන් ලැබුණ උප­දේ­ශය තමයි වියළි කාල­ගු­ණ­යක් යටතේ ගම්මි­රිස් වවන්න එපා කියලා. නමුත් මම හිතුවා ඒ අභි­යෝ­ගය ජය ගන්න ඕන කියලා. මම මගේ හිතු­ව­ක්කා­ර­ක­ම­ටයි ගම්මි­රිස් වගාව ආරම්භ කළේ. ඒත් මගේ වගාව සාර්ථක වුණා. උත්සා­හය උන­න්දුව තියෙ­නවා නම් අපට කරන්න බැර දෙයක් නැහැ. දැන් ගම්මි­රිස් කිලෝ එකක් රුපි­යල් දාහක් වෙනවා. ඒ වගේම මම අත්හදා බැලී­මක් ලෙස කොළ සහ රතු ඇපල් වගා කර තිබෙ­නවා. මේ වගා­බිම මට හොඳ ආදා­යම් මාර්ග­යක් මෙන්ම මාන­සික සතු­ටක්.”

බණ්ඩාර පව­සන්නේ සරු­වට වැඩුණු ගම්මි­රිස් පඳුරු පෙන්ව­මිනි.

ඡායාරූප - වාරි­ය­පොළ මධ්‍යම සමුහ
එච්. එම්. නන්දාවතී පතිරාජ

අදහස්