නෑසෙන සවන් පත් සිත ගොළු කළේ නැත | සිළුමිණ

නෑසෙන සවන් පත් සිත ගොළු කළේ නැත

දින­පතා පාරේ යනෙන චූන්-පාන් සංගී­තය නිසාම ලෝ ප්‍රකට සංගී­ත­ඥ­යකු වන බීතෝ­වන් අපට සිහි­පත් වන්නේ නිරා­යා­ස­යෙනි. ඊට හේතුව චූන්-පාන් නාද රටා සඳහා බීතෝ­වන්ගේ මියුරු සංගීත ඛණ්ඩ­යක් යොදා­ගනු ලබන නිසාය. එහෙත් මේ මොහොතේ මට බීතෝ­වන් මත­ක­යට නැඟුණේ චූන්-පාන් නිසා නම් නොවේ. ඔහුගේ ශ්‍රව­ණා­බා­ධිත තත්ත්වය පසෙක තිබි­යදී මියුරු සංගීත රටා මව­මින් ඔහු ලොව කීර්ති­මත් සංගී­ත­ඥ­යකු වූ බැවිනි. තවත් විදි­හ­කින් පව­සන්නේ නම් බීතෝ­වන් පිළි­බඳ මට නැව­තත් කතා කිරී­මට නිමිති වූයේ ශ්‍රව­ණා­බා­ධිත තත්ත්ව­යෙන් පසු වන සුන්දර යුව­ති­යක සිය තෙළි­තු­ඬින් හැඩ වූ සිතු­වම් ගොන්නක් කර පින්නා­ගෙන පසු­ගිය දිනෙක සිය මව සමඟ අප කාර්යා­ල­යට ගොඩ වීමය.

උදෑ­සන වික­සිත මලක් තර­ම­ටම පිය­කරු සමින්ද්‍යා දේවින්දි 17 වැනි වියේ පසු වන යෞව­නි­යකි. ඇය ඇගේ චිත්‍ර ඇඳීමේ හැකි­යාව ප්‍රකට කරන විට ඇයට යාන්තම් අවු­රුදු හයක්-හතක් වන්නට ඇත. පැටි­වි­යේදී බිත්ති පුරා බලි­රූප අඳින සිඟි­ත්තිය දෙස බලා සිටි සමි­න්ද්‍යාගේ මව තම දිය­ණි­යගේ හැකි­යා­වන් වහා අව­බෝධ කර­ග­ත්තාය. ඒ හඳු­නා­ගැ­නීම නිසාම සමින්ද්‍යා දිය­ණි­යට සිය දස්කම් ඔප­ද­මා­ග­න්නට හැකි විය. සිය දිය­ණි­යගේ ගමන් මඟ පිළි­බඳ පව­සන පී.ජී සන්ධ්‍යා කුමු­දුනී:

“මගේ දූ එයාට අවු­රුදු හයක්-හතක් වන විට අතට අහු­වෙන හැම­දේම අර­ගෙන චිත්‍ර අඳින්න පටන් ගත්තා. දුව නිහඬ ළම­යෙක් නිසා මම එයාට බාධා කරන්න ගියේ නැහැ. මම කළේ දූට චිත්‍ර පොත්, පාට පැන්සල් හුනු­කූරු ගෙනැල්ලා දීලා එයාට චිත්‍ර අඳින්න අවශ්‍ය පරි­ස­රය සකස් කර දුන්නු-එක. දුවට ඕනෑම දෙයක් බලා­ගෙන ලස්ස­නට අඳින්න පුළු­වන් සහජ හැකි­යා­වක් තියෙ­නවා. ඒ නිසා මම එයාගේ ඒ ඒ හැකි­යාව දියුණු කර­ගන්න අඩි­තා­ලම දාලා දුන්නා. පියුමි චමෝදි ගුරු­තු­මිය තමයි දුවගෙ හැකි­යාව වැඩි­දි­යුණු කළේ. දැන් දුවට හරි අපූ­රු­වට අඳින්න පුළු­වන් වගේම වර්ණ ගළ­ප­න්නත් පුළු­වන්. දුව අඳින චිත්‍ර දැක්කාම මගේ හිතට සතු­ටක් දැනෙ­නවා මගේ මහ­න්සිය අපතේ ගියේ නැහැ කියලා.”

මව එලෙස පව­සන විට සමින්ද්‍යා අහිං­සක සිනා­වක් මුව රඳ­වා­ගෙන නිහ­ඬව අප දෙස බලා සිටියේ අප කතා කළ කිසි­වක් ඇයට නෑසුණු නිසාය. ඇයට ලොව කිසිම හඬක් ඇසෙන්නේ නැත. ඇයට කිසි­වකු සමඟ කතා කර­න්න­ටද බැරිය. ඒ ඈ උප­තින්ම ශ්‍රව­ණා­බා­ධිත තත්ත්ව­යෙන් පසු වන බැවිනි. එන­මුදු ඇය සිය හැකි­යා­වන් මැනැ­වින් ප්‍රගුණ කර­ගත්තී, තම දෙනෙ­තින් ලෝකය හොඳ-හැටි දකි­න්නීය; තමා දකින ලෝකයේ හොඳ-නරක හඳු­නා­ග­න්නීය; ඒ දකින ලෝකය කැන්ව­සය මත සිත්තම් කර­න්නීය. වස­රක කාලය තුළ ඈ ඇඳි සිතු­වම් සංඛ්‍යාව 164කි.

“දෙද­හස් දාහත වසරේ දුව අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දුන්නා. දෙද­හස් දහ­අටේ ජන­වාරි මාසේ ඉඳලා මේ දක්වා දුව කාලය කැප කළේ චිත්‍ර අඳින්න. දුව පාන්දර 4ට අවදි වෙනවා. උදේම මුහුණ-කට හෝදලා බුදුන් වැඳලා උදේ 6 වන විට චිත්‍ර අඳින්න පටන් ගන්නවා. සවස 5-6 වන තුරු දුව එක­දි­ගට චිත්‍ර අඳි­නවා. දුවගේ කන් ඇහෙන්නේ නැති නිසා කතා කරන්න බැරි නිසා අපට එයාට යමක් වට­හලා දීලා අන්ද­වන්න අමා­රුයි. එයා එයාගේ සිත් ගත් දර්ශ­න­යක් හෝ ඡායා­රූ­ප­යක් තෝරා­ගෙන එය සිතු­ව­මට නඟ­නවා. ඒ විදි­හට තමයි දුව චිත්‍ර 164ක්ම ඇන්දේ.”

සමි­න්ද්‍යාගේ මව කුමු­දුනී අප හා පව­සන්නේ සිය දිය­ණි­යගේ චිත්‍ර එකින් එක අපට පෙන්ව­මිනි.

සමි­න්ද්‍යාගේ කාම­රය පුංචි කලා­ගා­ර­යකි. එහි හැම තැනම විසිර ඇත්තේ කඩ­දාසි, තෙල් සායම්, දිය සායම්, පැස්ටල්, පාට පැන්සල් හුනු­කූරු බඳු චිත්‍ර ඇඳී­මට ගන්නා ආම්ප­න්නය. එහෙත් සමින්ද්‍යා චිත්‍ර ඇඳී­මට වැඩි කැමැ­ත්තක් දක්වන්නේ කුමන මාධ්‍ය­යෙ­න්දැයි අසා දැන­ගැ­නී­මට අපට නෙහැ­කිය. අප කියන කිසි­වක් නොතේ­රු­ණද සමින්ද්‍යා අප හා සිනා සෙන්නීය. ඈ දකින කව­රකු වත් ඇය ශ්‍රව­ණා­බා­ධිත යෞව­නි­ය­කැයි කිසි­වි­ටෙක නොසි­තනු ඇත.

සමින්ද්‍යා ශ්‍රව­ණා­බා­ධිත තත්ත්ව­යෙන් පෙළෙන බව දැන­ගන්නේ ඇයට වයස අවු­රුදු එක­හ­මා­රක් පමණ වෙද්දීය. බහ තෝරන වියේදි ඈ නිස­ලව සිටීම අගේ පවුලේ අයට විම­ති­යක් විය. එහෙත් ඇය ආබා­ධිත දැරි­ය­කැයි කිසි­වෙක් නොසි­තූහ. වෛද්‍ය­ව­රුන් දිය­ණි­යගේ සැබෑ තත්ත්වය පැවැසූ විට ඇගේ මවු­පි­යන්ගේ සියලු බලා­පො­රොත්තු සුනු­වි­සුනු වී ගියේය.

එහෙත් සමි­න්ද්‍යාගේ මව තම දිය­ණි­යගේ ජීවි­තය සවි­මත් කර­න්නෙ­මැයි යන අදි­ට­නින් සිතට දිරි ගත්තාය. ඇය දිය­ණි­යගේ සෙව­ණැල්ල වූවාය. කුමු­දුනී සිය දිය­ණිය සමඟ කැල­ණිය ශ්‍රවණ ඌනතා මධ්‍ය­ස්ථා­න­යට ගියේ දිය­ණි­යගේ කථ­නය සහ පව­සන දේ තේරුම් ගැනීමේ හැකි­යාව වර්ධ­නය කර­ගැ­නී­ම­ටය. ඉන් අන­තු­රුව සමින්ද්‍යා කැල­ණිය වෙද­මුල්ල මහ විදු­හ­ලට ඇතු­ළත් කෙරිණි. අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටි සමින්ද්‍යා චිත්‍ර විෂ­ය­යට A සාම­ර්ථ්‍ය­යක් හිමි කර­ගත්තේ සිය නිසග හැකි­යා­වට වටි­නා­ක­මක් එකතු කර­මිනි.

“දුව මට කිව්වා එයාට චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් කරන්න ඕනෑ කියලා. එත් ඒ සඳහා අවශ්‍ය මුදල් අපට නැහැ. මම රැකි­යා­වක් කර­න්නෙත් නැහැ. මගේ පවුලේ අය අපට උදවු කළත් චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් පව­ත්වන්න තරම් අපට හයි­යක් නැහැ. ඒ නිසාම මම දුව ගැන කියලා, ඇගේ අව­ශ්‍ය­තාව ගැන කියලා ආය­තන කිහි­ප­ය­ක­ටම කතා කළා, අපට අනු­ග්‍ර­හ­යක් දෙන්න කියලා. ඔය අත­ර­වා­රයේ තමයි අඹ­තලේ ප්‍රදේ­ශයේ ඉංජි­නේරු සහ කොන්ත්‍රාත් ආය­ත­න­ය­කින් අපට උදවු කරන්න ඉදි­රි­පත් වුණේ. මම ඒ අය­ගෙන් මුදල් ඉල්ලුවේ නැහැ. චිත්‍ර අඳින්න අවශ්‍ය අමු­ද්‍රව්‍ය මිල දී ගැනීම, ශාලා වෙන් කිරීම වැනි කට­යුතු කරලා දෙන්න කියලා තමයි ඉල්ලුවේ. මට ඕනෑ මගේ දුවගේ කුලු­ඳුල් චිත්‍ර ප්‍රද­ර්ශ­නය සාර්ථක කර­ගන්න.”

කුමු­දුනී පව­සන්නේ දෑසේ නැඟි කඳු­ළක් පිස­ල­මිනි.

සමින්ද්‍යා දේවි­න්දිගේ කුලු­දුල් චිත්‍ර ප්‍රද­ර්ශ­නය මේ මස 20 සහ 21 දෙදින කොළඹ 07 සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලා­ගා­ර­යේදී පැවැත්වේ.

සමින්ද්‍යා... ඇය සැබැ­වින්ම හැඩ­කා­රය. ඇගේ හිතද සොඳු­රුය. ඒ සොඳුරු සිතේ මැවුණු කියා­ගන්න බැරිව ළත­වන දහ­සක් සිති­විලි ඇය ලොවට කියා ඇත්තේ කැන්ව­සය මත සිත්තම් කිරී­මෙනි. ඇය කිය­න්නට උත්සාහ කරන දේ හඳු­නා­ග­න්නට ඔබත් එන්න සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ කලා­ගා­ර­යට. ඇගේ දක්ෂතා දකින්ට... දෙප­යින් නැඟී සිටින්න වැර දරන දිය­ණි­ය­කට දිරි­යක් වන්නට...

හර්ෂා සුගතදාස
ඡායා­රූප - සරත් පීරිස්

අදහස්