පලා­බ­ද්ද­ලින් ගල්පො­ත්තා­වෙ­ලට “සමන් දෙවි කර­ඬුව” මාරු වුණ හැටි | සිළුමිණ

පලා­බ­ද්ද­ලින් ගල්පො­ත්තා­වෙ­ලට “සමන් දෙවි කර­ඬුව” මාරු වුණ හැටි

බොහෝ දෙනා සිරිපා වන්දනා වාරය මාස හයක් ලෙස විශ්වාස කළ ද, සත්‍ය ලෙසම සිරිපා වාරය පව­තින්නේ වසරේ දොළොස් මසින් පස් මසක් පුරා­වට පමණි. නමුත් ඒ පස් මසෙක කාල­යට පුන් පසො­ළො­ස්වක දින හයක් ඇතු­ළත්ය. එම විස්තර කිරී­මට අනුව මෙවර සිරිපා වාරය සැල­කු­ව­හොත් එය ඇර­ඹුණේ පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 22 දාට යෙදුණු උඳු­වප් පසො­ළො­ස්වක පොහො­යෙනි. එම වන්දනා වාරය අව­සන් වීමට නිය­මි­තව ඇත්තේ මේ වසරේ මැයි මාසයේ 18 දා යෙදෙන වෙසක් පුන් පොහෝ­දාය. ඒ අනුව සිරිපා වාරය පව­තින සත්‍ය දින ගණන එක­සිය හත­ළිස් හතකි.

සිරිපා වන්දනා වාරය ඇරැ­ඹෙන්නේ සිරිපා මළු­වට බොහෝ දුරින් පිහිටි පැල්ම­ඩු­ල්ලේදී සිදු වන චාරි­ත්‍ර­වා­රිත්‍ර ගණ­නා­ව­කින් පසු­වය. සිංහල නර­ප­ති­යෙ­කු­ගෙන් ශ්‍රී පාද­ස්ථා­න­යට ලැබුණු අව­සාන සන්නස වන “කුට්ටා­පි­ටිය තඹ සන්නස”ට අනුව පැව­රුණු රාජ­කාරි අනුව, එම පර­පු­රු­වල දාය­ක­ත්ව­යෙන් එම චාරිත්‍ර වාරිත්‍ර සිදු කළ යුතු වුවද අද දවසේ ඒවා කෙරෙන්නේ වැටුප මුල් කර­ග­නි­මිනි. පත් වන ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­යන්ගේ රුචි­ක­ත්වය අනුව එම රාජ­කාරි සඳහා තෝරා ගැනෙති.

“දැන් රාජ­කා­රි­කා­රයෝ හොයන්න නෑ… මැණික් ගැරීම, ගොවි­තැන වගේ එයා­ලගේ රස්සාත් එක්ක ශ්‍රීපාදෙ වැඩ­ව­ලට එන එක මඟ­හැ­රිලා ගිහින්…. නින්ද­ගම් නම් තාමත් එහෙ­මම තියෙ­නවා… අතී­තයේ හිටි ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති ස්වාමීන් වහන්සේ තමන්ගේ පත්වී­ම්ව­ලින් පස්සේ රාජ­කාරි කරු­වන්ගේ සේවය අඛ­ණ්ඩව ලබා නොගැ­නීම වගේ හේතුත් මේ තත්ත්වය ඇති වෙන්න බල­පාලා තියෙ­නවා..”

රාජ­කා­රි­ක­රු­වන් මඟ­හැරි යෑම ගැන විමසූ විට ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති ස්වාමීන් වහ­න්සේත්, පළා­බ­ද්දල තිලක් මහ­තාත් දැක්වූ අද­හස් වල සම්පි­ණ්ඩ­නය එබ­ඳුය.

අතීත රජ දවස වන්දනා වාරය අවා­රය නොස­ලකා ශ්‍රීපා­දයේ පූජා වස්තූන් වසර පුරාම උඩ­ම­ළුවේ තැන්පත් කර තිබී ඇත. කිරි­ඇල්ලේ ඥාණ­වි­මල හිමි­යන් ලියූ සබ­ර­ගමු දර්ශන කෘතියේ සඳ­හන්ව ඇති පරිදි සීතා­වක රාජ­සිංහ රජ සම­යේදී සිදුවූ භික්ෂු සංහා­ර­යත් සමඟ ශ්‍රීපා­දයේ අයි­තිය බෞද්ධ ස්වාමීන් වහ­න්සේ­ගෙන් ගිලිහී හින්දු ආඬීන් අතට පත්ව තිබේ. මේ තත්ත්වය ගැන සප­ර­ගමු දර්ශන කෘතියේ පෙර­ව­ද­නෙහි සට­හන් තබා ඇත්තේ මෙලෙ­සය.

තම තමන්ගේ ශක්ති ප්‍රමා­ණ­යෙන් සිරිපා මළුව සැර­සී­මත් , රන් - රිදී- මුතු - මැණික් ආදි­යෙන් පාද පද්මය පිදී­මත්, කෝඩු­කා­ර­යන් අද මෙන්ම එදාත් සිරි පතු­ලට නළල තබා වැඳී­මත් ස්වදේ­ශික - විදේ­ශික වන්ද­නා­ක­රු­වන් අතර චාරි­ත්‍ර­යක් වශ­යෙන් පැවති බව සිරි­ස­ඟබෝ විජ­යබා- කීර්ති ශ්‍රී නිශ්ශංක දෙ රජුන්ගේ ශිලා ලිපි­ව­ලින් හා රන් කලන් දහස ( රාත්තල් 17 ) ක් හා රිදී කලන් පන් දහස ( රාත්තල් 55 ) ක් පාද පද්ම­යට පූජා කිරීම විස්තර වන චීන ශිලා ලිපි­යෙ­නුත් පෙනේ. ශ්‍රී පාද­ස්ථා­නය සතුව පැවති මේ වස්තු සම්භා­රය සීතා­වක රාජ සිංහ රජු ( 1581-1593 අතර දී )මෙම සිද්ධ­ස්ථා­නය ආඬි පකී­ර්ලාට පැව­රී­මෙන් පසු දෙම­ළුන් අතට පත්ව­න්නට ඇත. ඊට අවු­රුදු 171කට පසුව කීර්ති ශ්‍රී රාජ­සිංහ රජු ස්වකීය රාජෝ­ද්‍ය­යෙන් සවැ­න්නෙහි ( 1752 ) නැව­තත් ශ්‍රී පාද­ස්ථා­නය සප­ර­ග­මුවේ වේහැල්ලේ සඟ පර­පු­රට පූජා කරණ විට පර්ව­ත­යත්, පා සට­හන හැර කිසි­වක් ඉති­රිව තිබුන බවක් නොපෙනේ.

1752න් පසු සම­යේදී සිරිපා වාරයේ උඩ­ම­ළුවේ පුද පෙත් ලබන දෙවි පිළි­රුව ඇතුළු පූජා භාණ්ඩ අවා­ර­යේදී ශ්‍රී පලා­බ­ද්දල ශ්‍රීපාද විහා­රයේ තැන්පත් කර තිබේ. ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති ධුර­යෙන් පිදුම් ලබන ස්වාමීන් වහන්සේ නිසැ­ක­වම ශ්‍රී පලා­බ­ද්දල ශ්‍රීපාද විහා­ර­යේත්, පැල්ම­ඩුලු රජ­මහා විහා­ර­යේත්, ගල්පො­ත්තා­වෙල රජ­මහා විහා­ර­යේත් විහා­රා­ධි­පති ධුර­යට පත් වීම සම්ප්‍ර­දා­යකි. සිරිපා වාර­යේදී පලා­බ­ද්දල විහා­රයේ දී ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­යන්ගේ තාව­කා­ලික වාස­ස්ථා­නය වන්නේ පලා­බ­ද්ගල රජ­මහා විහා­ර­යයි. නිල ආරා­මය වන්නේ ගල්පො­ත්තා­වල පන්ස­ලයි.

එනිසා උඩ­ම­ළුවේ පව­තින පූජා භාණ්ඩ පලා­බ­ද්දල විහා­රයේ තැන්පත් කිරීමේ දී ආර­ක්ෂාව ගැන කිසිදු ගැට­ලු­වක් මතු නොවිණි. එහෙත් ගැට­ලුව මතු වූයේ 1935 දීය. 1913 දී ශ්‍රීපා­ද­ස්ථා­නයේ අධි­පති ධුර­යට පත් වෙන රඹු­ක්පොත ශ්‍රී පඤ්ඤා­සාර හිමි­යන් 1934 දී අප­වත් වීමෙන් පසුව වේහැල්ලේ සඟ පර­පුර විසින් මොරො­න්තු­ඩුවේ ධම්මා­නන්ද හිමි­යන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති ධුරය සඳහා නම් කරන ලදි. එහෙත් වේහැල්ලේ සඟ පර­ම්ප­රා­වේම ශිෂ්‍යා­නු­ශිෂ්‍ය පර­ම්ප­රා­ව­කට අයි­ති­වා­සි­කම් කියන ඌරා­පොළ රත­න­ජෝති හිමි­යන් එම පත් කිරී­මට එරෙ­හිව නඩු මඟට බැසීම නිසා 1954 දක්වාම ශ්‍රීපා­දය ගිහි භාර­ක­රු­වෙකු යටතේ පාල­නය විය.

එවිට අවා­ර­යේදී උඩ­ම­ළුවේ පව­තින පූජා භාණ්ඩ මොරො­න්තු­ඩුවේ හිමි­යන් වැඩ වාසය කළ පලා­බ­ද්දල විහා­රයේ තැන්පත් කිරීම ගැටලු සහ­ගත දෙයක් වන බැවින් ගිහි භාර­කා­ර­ත්ව­යට පත් වූ සිඩ්නි එල්ලා­වල මහතා විසින් එම පූජා භාණ්ඩ වේහැල්ලේ සඟ පර­පු­ර­ටම අයත් ගල්පො­ත්තා­වෙල කීර්ති ශ්‍රී රාජ­සිංහ රජ­මහා විහා­රයේ තැන්පත් කරන ලදි.

කීර්ති ශ්‍රී රාජ­සිංහ රජු විසින් කරවූ ගල්පො­ත්තා­වෙල විහා­රය පිහි­ටියේ කුට්ටා­පි­ටිය නින්ද­ගමේ බස්නා­හිර කාර්තුවේ කෙළ­ව­ර­කය. වත්මන් සීමා මායිම් අනුව නම් පැල්ම­ඩුල්ල ගන්කන්ද ජාතික පාසල ආස­න්න­යේය. විහා­ර­ස්ථා­නය සෑදී­මට පෙර රාජ්‍ය භාණ්ඩා­ගා­ර­යට ගෙන යනු පිණිස නින්ද­ගමේ ආදා­යම් ගබඩා කර­න්නට ඇත්තේ මෙම ස්ථානයේ බවට විශ්වාස කෙරේ.

අද ‘ශ්‍රී පාද පන්සල’ නමින්, එසේත් නැති නම් ‘ගල්පො­ත්තා­වෙල’ විහා­රය නමින් භාවි­ත­යට පැමිණ ඇත්තේ එකල කීර්ති ශ්‍රී රාජ­සිංහ රජු විසින් කර­වන ලද එම ‘කීර්ති ශ්‍රී රාජ­සිංහ රාජ­මහා විහා­ර­ස්ථා­නය’ යි.

නඩු කට­යුතු අව­සන් වීමෙන් පසු­වද වසර විස්සක් තිස්සේ නිර්මා­ණය වූ සම්ප්‍ර­දාය වෙනස් නොවී අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන එන්නට කට­යුතු යෙදුණු අතර ඉන් පසු අද දක්වාම සිරිපා වන්දනා වාරය ඇරැ­ඹෙන්නේ ගල්පො­ත්තා­වෙල සිට සිදු කෙරෙන “දෙවි හාමු­දු­රු­වන් වැඩම වීමේ” පෙර­හ­රිනි.

මුල් යුග­යේදී පෙට්ට­ග­මක බහා තිබූ පූජා භාණ්ඩ සුදු ඇඳු­මෙන් සැර­සුණු තේවා­ක­රු­වන් විසින් හිස මත තබා­ගෙන පලා­බ­ද්දල හරහා සිරි­පා­ද­යට වැඩ­මවා තිබූ අතර පසු­කා­ලී­නව ගමන් පහ­සුව අර­මුණු කර­ගෙන එම පූජා භාණ්ඩ රැගෙන ගොස් ඇත්තේ හැටන් පාරෙනි. 1980 දශ­කයේ අග භාගයේ රටේ පැවැති අවි­නි­ශ්චිත තත්ත්ව­යන් සහ වෙනත් හේතු එයට බල­පා­න්නට ඇතැයි අනු­මාන කළ හැකි අතර 2011දී පත්වූ නව ශ්‍රීපා­දා­ස්ථා­නා­ධි­පති හිමි­යන් ශ්‍රීපාද වාරය ආරම්භ කිරීම සමස්ත සබ­ර­ග­මු­ව­ටම දැනෙන මහා උත්ස­ව­යක් ලෙස සංවි­ධා­නය කිරිම නිසා 2013 සිට හැටන් පාරෙන් පම­ණක් නොව, පලා­බ­ද්දල සහ බළං­ගොඩ පාරෙන්ද පූජා භාණ්ඩ උඩ­ම­ළු­වට වැඩම කිරීම සිදු­කෙරේ.

“1970 ගණන් වල නාය­ක­ත්ව­යට පත්වෙච්ච බටු­ගෙ­දර හාමු­දු­රු­වන්ගේ කාලෙදි, පිරු­ව­ට­යෙන් ඔතපු පූජා භාණ්ඩදාය­ක­ය­න්ගෙන් ලැබෙන 404 කාර් එකක හරි මයි­නර් කාර් එකක පට­ව­ගෙන රත්න­පුරේ ඉඳන් යන හැටි අපි දැකලා තියෙ­නවා…” අපත් සමඟ එසේ පැවැ­සූයේ ප්‍රාදේ­ශිය සභා මන්ත්‍රී­ව­ර­යෙකු වන පලා­බ­ද්දල පදිංචි තිලක් මහ­තාය.

මහ සමන් දේවා­ලය තරම් ඉපැ­රැණි දේවා­ල­යක් නොවූ­වද, ගල්පො­ත්තා­වෙල පන්සලේ සමන් දේවා­ල­යක් තිබේ. උඩ­ම­ළු­වෙන් රැගෙන එන පූජා භාණ්ඩ තැන්පත් කර තබන්නේ එහි ඇතුළු කුටි­ය­කය. වාර­ව­සා­න­යේදී රැගෙන විත් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­යන්ගේ සහ ගිහි භාර­කා­ර­ත්වයේ අධී­ක්ෂ­ණ­යෙන් එහි තැන්පත් කෙරෙන පූජා භාණ්ඩ යළි එළි පහ­ළි­යට ගනු ලබන්නේ එම වසරේ උඳු­වප් පස­ළො­ස්වක දිනට දෙදි­න­කට පෙර­දීය.

බොහෝ දුරට එදින සව­ස්ව­රුවේ මෙම නැකැත උදා වන අතර, එම අව­ස්ථා­වට වේහැල්ලේ සඟ පර­පු­රට අයත් භික්ෂුන් වහන්සේ ද, සබ­ර­ග­මුවේ සහ සෙසු ප්‍රදේ­ශ­වල පිහිටි මල්වතු පාර්ශ්වීය විහා­ර­ස්ථා­න­වල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ­ර­ත්න­යද, රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු ප්‍රභූ­වරු ද සහ­භාගී වෙති. එම අව­ස්ථා­වට සහ­භාගී වන්නට පුරාණ චාරි­ත්‍රා­නු­කූ­ලව සම්බන්ධ වන තවත් එක් ප්‍රභූ­ව­ර­යෙක්ද වෙයි. ඒ සමන් දෙවි­ය­න්ටත්, සම­නොළ ගිර­ටත් පව­තින තමන්ගේ වර්ග­යාට ඇති අයි­ති­වා­සි­කම සිහි­පත් කරනු පිණිස විලඳ මීපැණි පූජා රැගෙන එන දඹානේ වැදි නාය­ක­යාය.

පළ­මුව ගල්පො­ත්තා­වෙල විහා­රයේ ත්‍රිවිධ චෛත්‍යය භේරී නාදය, සබ­ර­ගමු නැටුම්, ප්‍රාදේ­ශිය කොඩි පෙරටු කොට­ගත් පෙර­හ­ර­කින් පැද­කුණු කොට තෙරු­වන් වැඳ පූජා ගන්නා රාජ­කා­රී­කරු සහ තේවාව භාර කපු මහ­ත්වරු පූජා­ව­ස්තු­වල පැවිදි භාර­ක­රු­වන්ද සමඟ දේවා­ලය ඉදි­රි­පි­ටට පැමි­ණෙති. ඒ සඳහා අඩ හෝරා­ව­කට ආසන්න කාල­යක් ගතවේ.

නිය­මිත වේලා­වට ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති ස්වාමී­න්ව­හන්සේ විසින් දේවා­ලයේ ප්‍රධාන දොර­ටුව විවෘත කරයි. ඉන් පසු පෙර­හර දේවාල පරි­ශ්‍ර­යට ඇතුළු වේ. පෙර­හරේ පැමිණි ශිල්පීන් සහ කොඩි­ක­රු­වන් ශාලාවේ සිය ශිල්ප ඉදි­රි­පත් කරද්දී සුව­ඳ­පැන්, සුවඳ දුම්, ආලෝක පූජා රැගත් රාජ­කා­රී­ක­රුවෝ ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­යන්ගේ මඟ පෙන්වී­මෙන් දේවා­ලයේ ඇතුළු කුටි­යට පිවි­සෙති.

අන­තු­රුව ඇතුළු කුටි­යට පිවි­සෙන වැදි නාය­කයා සමන් දෙවි පිළි­රු­වට විලඳ මීපැණි ඇතුළු පූජා සිදු කරයි. ඉන්ප­සුව දේවා­ලයේ ඉදි­රියේ ඇති ඵල­ක­යක් මත උඩ­ම­ළු­වට රැගෙන යනු ලබන පූජා භාණ්ඩ නිසි ගෞර­වය ලැබෙන පරිදි තැන්පත් කෙරේ. සෙසු ප්‍රභූන්ට වන්ද­නාව සඳහා අව­සර ලැබෙන්නේ ඉන්ප­සු­වය.

එම වතා­වත් අව­සන් වීමෙන් පසුව රාත්‍රී හතට පමණ සර්ව­රා­ත්‍රික පිරිත් දේශ­නය ඇරැඹේ. එය අව­සන් වන්නේ පසු දින අලු­යම නැකැත් වේලා­වට ආස­න්න­වය. මේ අත­ර­තුර කාල­යේදී සමන් දේව පිළි­රුව දැක, වැඳ­ගැ­නීමේ අව­ස්ථාව බැති­ම­තුන්ට උදාවේ. සිරිපා නැඟ­ග­න්නට අප­හසු රෝගියෝ, වැඩි­හි­ටියෝ, ආබා­ධි­තවෝ තමන්ට ලැබුණු ස්වර්ණ­මය අව­ස්ථා­වක් සේ සලකා සමන් දෙවි­යන් වැඳ ගන්නට මේ ස්ථාන­යට පැමි­ණෙති. ඔවුන් වෙනු­වෙන් තාව­කා­ලික වෙළඳ සල්ද, දන්සල්ද, සල්පිල්ද සැකසී පැල්ම­ඩුල්ල නග­ර­යම එදින උත්ස­ව­ශ්‍රී­යක් ගනී.

සෙත් පිරිත් දෙසු­මෙන් පසු අලු­යම් කාල­යේදී භික්ෂූන් වහන්සේ සමන් දෙවි­ඳුන්ට පුණ්‍යා­නු­මෝ­දනා කරති. ඉන් අන­තු­රුව ශ්‍රීපා­ද­ස්ථා­නයේ භාර­කාර කපු මහතා විසින් කෙරෙන විශේෂ පූජා­වක් හා යාති­කා­වකි. එහිදී, ශ්‍රී පාද වන්දනා සමය ඇරැ­ඹිය යුතු කාලය පැමිණ ඇති බවත්, ඒ සඳහා සුමන සමන් දිව්‍ය රාජෝ­ත්ත­ම­යන් සමන් ගිරට වැඩම විය යුතු බව­ටත් ගෞරව බුහු­ම­නින් යුතුව ආරා­ධනා කෙරේ.

එම ආරා­ධ­නා­වෙන් පසු සමන් සුරි­ඳු­ගෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී සම්බු­ද්ධත්ව ශාස­න­යත්, රටත්, ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති නායක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ ප්‍රමුඛ සියලු කාර්ය මණ්ඩ­ල­යත්, වන්ද­නාව සඳහා පැමි­ණෙන ජන­තා­වත් සියලු අතුරු අන්ත­රා­ව­ලින් ආරක්ෂා කර දෙන ලෙසය. එම කට­යුතු අව­සන් වීමෙන් පසු දෙවි හාමු­දු­රු­වන් වැඩම කරන පෙර­හර ගල්පො­ත්තා­වෙල රජ­මහා විහා­ර­යෙන් ගමන් ආරම්භ කෙරේ.

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(මෙම ගවේ­ෂ­ණය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­පා­ණන්ට සහ සියලු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධි­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට)

දෙවි හාමු­දු­රු­වන් වැඩ­ම­වන පෙර­හරේ වග­තුග - ලබන සතියේ

අදහස්