ව්‍යාපා­රයේ හද­වත කැබ­ලි­ව­ලට කපා මනුස්ස ජීවි­ත­යක් බේරා දුන් අම්පාරේ මුනි­වර මිනිසා සිළුමිණට කී කතාව | සිළුමිණ

ව්‍යාපා­රයේ හද­වත කැබ­ලි­ව­ලට කපා මනුස්ස ජීවි­ත­යක් බේරා දුන් අම්පාරේ මුනි­වර මිනිසා සිළුමිණට කී කතාව

ව්‍යාපාරික මෙත්තානන්ද මහතා

* මුලින්ම කඩ­යක් ගානෙ ගිහින් මුද්‍රණ ඇණ­වුම් එකතු කළා
* ගොවි­තැන නැවැ­ත්තුවේ අස්වැන්න හොර­කම් කරපු දවසෙ

මේ මනු­ස්ස­කම තුට්ටු­වට වැටුණු යුග­යකි. එවන් වක­වා­නු­වක මිනි­සුන් ප්‍රාර්ථනා කරන ආකා­රයේ මනු­ෂ්‍ය­ත්වයේ ආද­ර්ශ­යක් පිළි­බඳ කතා­වක් අම්පා­රෙන් ඇසුණි. ඒ අසි­රිය අපි පසු­ගිය සතියේ ලියා තැබු­වෙමු. තම ආය­ත­නයේ හද­වත වන් රුපි­යල් කෝටි­යක් වටිනා මුද්‍රණ යන්ත්‍රය තම සේව­ක­යාගේ අත වෙනු­වෙන් කෑලි කෑලි වලට කපා දැමු ඒ සිරි­මත් මනු­ෂ්‍යයා දැන් මා අභි­ය­සය.

ඔහු අම්පාර තරිඳු ප්‍රින්ටර්ස් අධි­පති මෙත්තා­නන්ද රූබ­සිං­හය. ඔහු බොඳ වූ දෑසිනි. අප අතර වච­න­ය­ක්වත් හුව­මා­රු­වන්නේ නැත. අප ඉදි­රියේ බමණ විදුලි පංකාව දෙස බලා සිටින ඔහු අව­සා­නයේ කට­හඬ අවදි කළේය.

“යකඩ නම් මොනව ද?. මුණ­සිං­හගේ අත හදා­ගන්න බැරිද කියලා මම මේ බයෙන් ඉන්නේ. පුලු­ව­න්නම් ඒකට උදව් කරන්න.” ඔහු තව­මත් ළත වෙන්නේ තම සේව­ක­යාගේ බිඳී ගිය අත වෙනු­වෙනි.

පසු­ගි­යදා අම්පාර තරිඳු ප්‍රින්ටර්ස් ආය­ත­නයේ සේවය කර­මින් සිටි­යදී එම මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා­කරු යු. මුණ­සිං­හගේ අත එම යන්ත්‍ර­යට හසු­වු­ණේය. එවෙලේ අත බේරා­ග­න්නට තම යන්ත්‍ර කෑලි­ව­ලට කැපූ මේ මිනිසා ගැන දැන් කවු­රුත් දන්නේය. මේ වන විටත් අන­තු­රට මුහුණ දුන් සේව­කයා මහ­නු­වර රෝහලේ ප්‍රති­කාර ලබා ගනි­මිනි. ඔහුගේ අත සුව­පත් කිරී­මට වෛද්‍ය­වරු මහත් පරි­ශ්‍ර­ම­යක් දර­මින් සිටිති.

මෙත්තා­නන්ද නැමැති මේ අපූරු මිනිසා තවත් මොහො­ත­කින් සිය හඬ අවදි කළේය. ඔහු අද නැගෙ­න­හිර පළාතේ ප්‍රධා­නම මුද්‍ර­ණාල හිමි­ක­රුවා බව සැබෑය. එහෙත් ඔහු ජීවිතේ බිංදු­වෙන් පට­න්ගත් මිනි­සෙකි. මනු­ෂ්‍ය­යෙ­කුගේ අතක් බේරා දෙන්නට තමන් සිය ජීවි­තයේ අප්‍ර­මාණ කැප­කි­රීම් කර ගොඩ­න­ගා­ගත් ආය­ත­නයේ හද­වත කැබලි කිරී­මට හැකි වූ මේ උතුම් මනු­ෂ්‍යයා සිය අතීත කතාව අප අභි­මුව මෙසේ කිය­මින් සිටි­යේය.

“අපි ගොඩක් දුක් විඳපු මිනිස්සු. අපි පදිං­චි­වෙලා හිටියෙ අම්පාරෙ ගල­පි­ට­ගල. අපේ පවුලෙ දරුවො 10 දෙනෙක් උන්නා. මම නව වැනියා. මගෙ තාත්තා නැති­වුණේ මට අවු­රුදු 10 දි. මේ හැම­දේම හින්දා මට ඉස්කෝලෙ යන්න කැමැ­ත්තක් තිබු­ණෙම නෑ. පුළු­වන් හැම වෙලා­වෙම මම කළේ කැලේ පණින එක. ඒ නිසා මං අයි­ය­ල­ගෙන් ඕන තරම් ගුටි කාලා තිය­නවා.

එත් මගෙ අම්මා කරු­ණා­වෙන් පිරුණු මනු­ස්ස­යෙක්. අයි­යලා එහෙම ගහ­න­කොට අම්මා අයි­ය­ලාට කෑ ගහ­නවා. ‘ඇති ඇති ගැහුවා… දැන් ගහලා වැඩැක් නැහැනේ. ඉස්කෝලෙ යන්න බැරි­නම් මොනවා කර­න්නද. පාඩුවේ ඉන්න දෙනවා මිසක්.’ අම්මා කිවුවෙ එහෙ­මයි. මට පුංචි කාලෙ ඉඳන් අවශ්‍ය වුණේ මගේ දෙයක් කරන්න. මම පොඩි දව­ස්වල ඉදල් සහ කොසු හදලා රුපි­යල් එකයි හැත්තැ­ප­හ­කට එකක් විකි­ණුවා. සල්ලි අඩු­පාඩු වෙන­කොට දව­සට රුපි­යල් 2ක් 3ක් වගේ මිළ­කට කුලී වැඩත් කළා.

ඔහොම අවු­රුදු දෙකක් තුනක් ඉස්කෝලෙ ගිෙය නැතිව හිටියා. ඒත් මට ආයෙත් ඉස්කෝලෙ යන්න ආසා­වක් ආවා. මං ආයෙ ඉස්කෝලෙ ගමන පටන් ගත්තා. මාව ඇතුළු කර­ගත්තේ 6 පන්ති­යට. පන්තියෙ අනෙක් ළමයි පොඩියි. මම වය­සින් වැඩියි. ඒ හින්දා ළමයි ඔක්කොම මට බයයි. දැන් මට පාසල් ගම­නට සතු­ටුයි. මම වර්ෂ 1975 දි එස්.එස්.සී විභා­ග­යට පෙනී සිටියා. ඊට පස්සෙ නැව­තත් පාසල් ගමන නැව­තුණා. නැව­තත් අපොස සාමන්‍ය පෙළ විභා­ග­යට පෙනී ඉඳලා විභා­ගෙන් සමත් වුණා. උස­ස්පෙළ විභා­ග­යට පෙනී ඉන්න හිත­න­කොට මට වයස අවු­රුදු 22 යි.

තිබුණ ප්‍රශ්නත් එක්ක උසස් පෙළ දිග­ටම කර­ගෙන යන්න අප­හ­සුයි. ඉතින් මං ඒ ගමන නව­ත්තලා ජීවිත අර­ග­ලය දිනා­ගන්න විදිහ හොයන්න පටන් ගත්තා. මම කිය­වන්න පුරුදු වුණා.

එය පුරු­ද්දක් වශ­යෙන් පවත්වා ගත්තා. පුස්ත­කා­ල­ව­ලින් යාළු­ව­න්ගෙන් පොත් ඉල්ලන් කිය­වන්න ගත්තා. ඒ නිසා මට සමා­ජය, සාහිත්‍ය කලාව ගැන යම් විචා­ර­යක් සහිත දැනු­මක් තිබුණා. මං කවි ලිව්වා. ජීව­ත්වෙන්න කුඹුරු වැඩ කළා. මම වැපු­රු­වාම හරි­ය­ටම හරි යනවා කියලා ගොඩක් දෙනෙක් කිය­නවා. ඒ නිසා මට ගොඩක් අයගේ කුඹු­රු­වල මුල්ම වී අහුර ගහන්න සිදු­වුණා. ඒ තරම්ම මගේ අත් ගුණේ හොඳයි කියලා කට්ටිය කීවා. වැඩ ඉව­ර­වු­ණාම සමා­ජ­යට ගිහින් සමිති සමා­ග­ම්වල වැඩ කළා.

මේ අතරෙ එක පොඩි සිදු­වී­මක් වුනා මගෙ ජීවි­තේට තදින්ම දැනුණ. මේ වක­වා­නුවෙ අපිට හරක් ටිකක් හිටියා. ඒ වැස්සි­යෙක් දව­සක් පැටි­යෙක් දැම්මා. මම උදේට නොකා ගිහින් තණ කොළ කපලා වැස්සිට කන්න දෙන්න අරන් ආවා. තණ ­කො­ළ­ ටික පැත්ත­කින් දාලා අම්මේ මට බඩ­ගි­නියි කියලා මම අම්මා ළඟට දිව්වා. අම්මා මගෙ දිහා බලා­ගෙන ඉඳලා මට මෙහෙම කිව්වා. ‘ පුතේ උඹට කටක් තියෙ­නවා බඩ­ගිනි උනාම ඉල්ල­ගෙන කන්න. ඒත් අර සතාට එහෙම ඉල්ල­ගෙන කන්න බැහැ. ඒ නිසා මම බත් බෙද­න­කම් පුතා ඒ තණ­කොළ ටික වැස්සිට ගිහින් දාන්න. ඒ සතා හරි බඩ­ගින්නේ ඉන්නේ.’ අම්මා මට එදා කියලා දුන්නෙ ලොකු පාඩ­මක්. මගේ අම්මා ගොඩක් කරු­ණාව පිරුණු කෙනෙක්.

ඒ මනු­ෂ්‍ය­ත්වය විඳි­මි­නුයි අපි ඇති­දැඩි උනේ. ඒත් සමා­ජ­යෙන් ලොකු වැරදි මට සිද්ධ උනා. මොන­ත­රම් දුක හිතු­නත් ඒ පිළි­බඳ වෛර­යක් ඇති­ක­ර­ගන්න අපේ අම්මා ඉඩ දුන්නෙ නෑ. එක කතා­වක් කිය­න්නම්. ඒ කාලෙ මට වැට­හුණ දෙයක් තිබුණා. මම ගොවි­තැ­නට දක්ෂයි. කම්මැලි කමක් කව­දා­වත් තිබුණෙ නෑ. මම හොඳ කෙහෙල් වගා­වක් දැම්මා. තව කහ වගා­වක් කළා. සරු­වට හැදුන කහ ටික ගල­වලා තම්බලා වේලෙන්න තිබ්බා. පසු­වදා බලද්දි කවුද ඒවා හොර­කම් කරලා. මට වගාව එපා වුණා.

මගෙ ඔළුව එක එක දේව­ල්ව­ලට යොමු වෙමින් තිබුණෙ. මගෙ එක මල්ලි­කෙ­නෙක් දුමින්ද එරංග. ඔහු ඒ කාලෙ රස්සාව කළේ දැවැන්ත මුද්‍රණ ආය­ත­න­යක. දව­සක් මම ඔහුව හම්බ­වෙන්න ඒ ආය­ත­න­යට ගියා. එතන වැඩ දැක්කම ලොකු ආශා­වක් ඇති­වුනා මට ඒ වගේ කර්මා­න්ත­යක් පටන් ගන්න. අපිත් මෙහෙම මැෂින් එකක් අරන් වැඩ කරන්න පටන් ගනි­මුද කියලා මං මල්ලි­ගෙන් ඇහුවා. මල්ලි මට මහා හයි­යෙන් හිනා­වුණා. ‘පිස්සුද ඔයාට.. මේ මැෂින් එකක් ගන්න නම් අපේ ගමත් එක්ක තව ගම්දෙක තුන­ක්වත් විකු­ණන්න වෙනවා’ මල්ලි එදා කිවුවෙ එහෙම. ඒ විත­රක් නෙමෙයි. මේ කතාව මතක් වෙන ගානෙ එයා මට විහිළු කළා.

මගෙ හිතේ වැඩේ තිබුණා. කොතැ­න­කින් හරි පටන් ගන්න එපායැ. මම මුලින්ම කළේ මුද්‍රණ ආය­ත­න­ය­කට කැලැ­න්ඩර් ඇන­වුම් අරන් ගිහින් දෙන එක. මුලින්ම නග­ර­යෙන් නග­ර­යට ඇන­වුම් ගන්න ගියා. වැඩේ සාර්ථක වුණේ නැහැ. නමුත් මම උත්සා­හය අත්හැ­රියේ නැහැ. එහෙම යද්දි වැඩේ ටිකක් හරි ගියා. පස්සේ මම ඒ ආය­ත­නයේ වැඩිම ඇන­වුම් අරන් දෙන පුද්ග­ලයා බවට පත්වුණා.

ජීවත් වෙන්න ඒක විත­රක් මදි. මා ඒ වෙද්දි උහන නග­රයේ රෙදි කඩ­යක් ආරම්භ කර­ලයි තිබුණෙ. ඒ අත­රේම කැලැ­න්ඩර් කරේ තියන් කඩ­යෙන් කඩ­යට ගියා. මම මුද්‍රණ කර්මා­න්ත­යට ආවෙ එහෙම. ඒ වෙන­කොට මම මුද්‍රණ අංශය ගැන දැනු­මක් ලබා ගෙන තිබුණා ප්‍රායෝ­ගි­ක­වම. මුද්‍රණ යන්ත්‍ර ගැන යම් අව­බෝ­ධ­යක් තිබුණා. අව­සා­නයේ 2006දි මම මගේ හීනය හැබෑ කර­ගත්තා. ඒ උහන නග­ර­යේදි මගේම මුද්‍රණ ආය­ත­න­යක් පටන් ගිනි­මින්. ආපු කර­දර එම­ට‍යි. එත් සියල්ල දරා­ගෙන මං අවු­රුදු ගානක් වැඩ කළා. මොන ගැටලු තිබු­ණත් මම හරි­යට වැඩේ කළා. මහන්සි වුණා. නිය­මිත වෙලා­වට වග­කී­ම­කින් හා ප්‍රමි­ති­ය­කින් යුතුව වැඩ කරලා දෙන්න හැකි උප­රිම ආකා­ර­යෙන් කට­යුතු කළා.

අම්පාරේ මගේ ව්‍යාපා­රය ආරම්භ කළේ 2012 දි. මම අවු­රු­ද්දට වතා­වක් කොහොම හරි මගේ ව්‍යාපා­ර­යට අලු­තින් යමක් එකතු කර­ගත්තා. එක මගේ ආශා­වක්. මම අභි­යෝග වලට බය නැහැ. මට සම්මාන ගොඩක් හම්බ වුණා. නැඟෙ­න­හිර පළාතේ හොඳම ව්‍යව­සා­ය­කයා ලෙස අවස්ථා කිහි­ප­යක් සම්මාන ගත්තා. නැඟෙ­න­හිර පළාතේ හොඳම සේවා සප­යන්නා ලෙස සම්මාන ගත්තා. හොඳම ව්‍යවා­සා­ය­කයා බවට පත්වෙලා ජාතික මට්ට­මෙන් රිදී සම්මා­නය ගත්තා.

එය තමයි එවර ලබා­දුන් ඉහ­ළම සම්මා­නය. කොළඹ හැරුණු විට හොඳම දින දර්ශ­නය මුද්‍ර­ණය කරලා හැම දිස්ත්‍රි­ක්ක­යෙන්ම පළමු වෙනියා උණා. ඒ විදි­හට මට සම්මාන 20කට ආසන්න ප්‍රමා­ණ­යක් සහ­තික පත් 25කට වඩා ලැබුණා. බිරිඳ කමලා සහ දරු­වන් දෙන්නා මාගේ මේ වැඩ කට­යු­ත්තට විශාල සහ­යෝ­ග­යක් දුන්නා.

මගේ හද­වත වගේ වටිනා කමෙන් යුක්ත අධි තාක්ෂ­ණික නවීණ මුද්‍රණ යන්ත්‍රය ගත්තෙ පූර්ණ බැංකු ණය­කින්. රුපි­යල් කෝටි­යක් පමණ මිලක් වුණා යන්ත්‍ර­යට. මේ යන්ත්‍රය නිසා ඵල­දා­යී­තාව වැඩි වුණා. මුද්‍රණ ප්‍රමි­තිය වැඩි වුණා. ඒ හින්දා විශාල පාරි­භෝ­ගික පිරි­සක් එකතු වුණා. මගේ ව්‍යාපා­රය තවත් දියුණු වුණා. මම සම්මාන පිට සම්මාන ගත්තේ ඒ යන්ත්‍ර­යට පින් සිදු වෙන්න. මුද්‍රණ වැඩ­ව­ලට කියාපු මැෂිම. එක තමයි මගේ හද­වත. මාස කිහි­ප­ය­කට කලින් මම ලක්ෂ 12 ක් විය­දම් කරලා එකේ සේවා කට­යුතු සිදු­කළා. ඒ අතරෙ මුද්‍රණ යන්ත්‍ර­යට රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් මාස­ය­කට ලීසිං වාරි­ක­යක් ගෙව­මින් හිටියා.

එදා ඒ අව­සා­න­වන්ත දේ වෙද්දි මම හිටියේ කාර්යා­ලයේ. මම එතෙන්ට යද්දි මුණ­සිංහ වේද­නා­වෙන් ඇඹ­රෙ­නවා. කෑ ගහ­නවා. මැෂිම නතර වෙලා. ඒ ආර­ක්ෂක උප­ක­රණ වල ගැටීම නිසා. කොහොම හරි සහා­ය­ක­යත් ඒ මොහො­තේම වගේ මැෂිම නතර කරලා තියෙ­නවා. ඒ වෙලාවෙ අතෙන් ලේ ගලා­ගෙන යනවා.

මම වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහ­තාට කියපු සැනින් ඔහු යන ගමන නතර කරලා ආවා. ඒ විත­රක් නොවෙයි සුළු මොහො­ත­කින් වෛද්‍ය ප්‍රමිත මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ල­යත් ආවා. ගත­වුණේ විනාඩි 15ක් 20ක් විත­රයි. අපි කල­බල වෙලා හිටියේ. ඔවුන් අප­වත් සන්සුන් කර­මින් රෝගි­යාගේ ජිවි­තය බේර­ගන්න කට­යුතු කරා.

අවු­රුද්දෙ අන්තිම. භාර­ගත්ත වැඩ ගොඩක්. මේ වෙද්දි හැමෝම කීවේ මැෂීම ආප­ස්සට කර­ක­වමු කියලා. තුවාල කරු මුණ­සිංහ මහා හයි­යෙන් විලාප දෙනවා. මැෂීම ආප­ස්සට දාන්න කියලා. කට්ටිය එකට ලෑස්ති උනා. මම කෑග­හලා බොහෝම අමා­රු­වෙන් තමයි කට්ටිය පාල­නය කර ගත්තේ මැෂිම ආප­ස්සට දාන්න එපා කියලා. එහෙම වුනා නම් අත අනි­වා­ර්යෙන්ම දෙකට කැපෙ­නවා කියලා මම දන්නවා. කොළ­යක් යන්න තියෙන ඉඩ­කින් අතක් ගියාම කොහ­මෙද? අපි අල­වං­ගු­වක් දාල ඒ රෝලර් එක උස්සන්න බැලූවා. ඒක හෙල­වු­නේ­වත් නැහැ. අල­වං­ගු­ව­නැ­මිලා කැඩිලා ගියා.

පස්සේ අවට ආය­ත­න­වල කාර්මික ශීල්පින් ගෙන්නලා තමයි මැෂිම කපන්න කිව්වා. මාව ගොඩ­ගත්තු යන්ත්‍රය තමයි. ඒත් එක් කෑලි­ව­ලට කපද්දි මට දුකක් ඇති­වුණේ නෑ. කපන හැම යකඩ කෑල්ලක් එක්කම පණ අදින මිනි­හෙ­කුට ජීවිත බලා­පො­රො­ත්තු­වක් එනවා කියලා මා දැන­ගෙන හිටියා.

මැෂිම කපද්දි ගිනි ගනී කියන අව­දා­නම ආවා. මගේ නෝනයි ගෙදර අයයි කිවේ මැෂිම කපලා හරි අත බේර­ගන්න කියලා. යන්ත්‍රය කැපුවා. මුණ­සිංහ බේර­ගත්තා.

පහු­වදා ඉඳලා අනෙක් පොඩි යන්ත්‍ර දෙක­කින් වැඩ පටන් ගත්තා.

එත් ඇන­වුම් 60කටත් වැඩිය අව­ලංගු කළා. මට තේරේ­නවා. පෙර ආකා­ර­යෙන් කාර්ය­ක්ෂ­මව කට­යුතු වෙන්නේ නැහැ. සේව­කයෝ කම්ප­න­යට පත් වෙලයි ඉන්නේ. මේ තත්වය ටික දව­ස­කින් හරි­යාවි. මේ ගමන කොහො­ම­හරි ඉදි­රි­යට යා යුතුයි.

මේ වෙලා­වෙදි මනු­ෂ්‍ය­ත්ව­යත් අර­ගෙන උදව්ට ආපු සම්පත් , සුසන්ත ලේත් වර්ක් ආය­ත­නයේ සුසන්ත ඇතුළු පිරිස, ආසිරි හොල්ඩින් ආය­ත­නයේ කළ­ම­නා­කරු ඇතුළු සියලු දෙනාට ස්තුතියි පුද කර­නවා. ඔහු කතාව නිමා කළේය.

මම යලිත් වරක් ඔහුව විම­සු­වෙමි. “ඇත්ත­ටම රූප­සිංහ මහ­ත්තයා. වෙච්චි ආර්ථික අලා­භය ගැන පොඩි දුක­ක්වත් නැද්ද?”

අපි මිනිස්සු. ලොකු කම්ප­න­යක් තිය­නවා තමයි. මේ යන්ත්‍රය තමයි මගේ මුළු ව්‍යාපා­ර­යෙම බලා­පො­රො­ත්තුව. ඒත් මේ යකඩ ගොඩ නැති වෙනවා කියලා අර මනු­ස්යගේ අත කපන්න විනාශ වෙන්න දුන්න නම් මොන නරු­ම­යෙක්ද?. අපේ අම්මා අපිට කියලා දුන්නේ ගොඩ ගහන සල්ලි නෙමෙයි. මනු­ස්ස­කම. මට මේක දරා­ගන්න බැරි පාඩු­වක් තමයි. නමුත් මම ආයේ නැගි­ටි­නවා. එහෙම පුළු­වන් කියන ආත්ම විශ්වා­සය මට තිය­නවා.

මහ­ත්ත­යාට කියන්න දැන් මගේ හිතට පුදුම සැහැ­ල්ලු­වක් දැනෙන්නේ. ඒ සැහැ­ල්ලුව රුපි­යල් කෝටි සීයක් හම්බ කළත් ලැබෙන්නේ නැහැ. මම ඒ උතුම් මනු­ෂ්‍ය­යාගේ ප්‍රභා­න්විත සිනාව දෙස බලා­ගෙන සිටි­යෙමි.

අමරබන්දු රූපසිංහ

අදහස්