කවි මඬල | සිළුමිණ

කවි මඬල

ආයෙ­මත් යමු අපි

යමු අපි ආයෙත් දව­සක
දිය­වන්නා ඔය ඉවු­රට
හිරු ගිලි­හෙන හැන්දෑ­වක
සිරි අසි­රිය විඳ­ග­න්නට
සීතල සුළ­ඟට රහ­සින්
හීන් හඬින් මුමුන මුමුන
ඉස්සර වගෙ තුරුලු වෙලා
අපේම ලොව තනි වන්නට
එක වහ­ලක් යට එක් වී
උර දී ජීවන සට­නට
නොදැ­නිම අප­ගෙන් ගිලි­හුණ
පෙම් සිසි­ලස ලැබ ගන්නට
එක දව­සක එක වරු­වක
බිමින් තියා හිස රැඳි බර
ආයෙත් සැර­යක් අපි යමු
ඒ සුන්දර අතී­ත­යට

නිලු­පුල් වික්‍ර­මගේ


දුරුතු සඳ පායද්දි

මොකැ‘දුරු පළ­මු­වර මගෙ හෙළ පින් කෙ­තට වැඩ­මව වදාළේ අරි අට මග වෙතට
මිනි­සත් වග යනු­වට අර­හත් මඟට
එය සිහි­ ක­ර­න්නට සඳ එයි නුබ ගැබට
මහි­යං­ගණට වැඩ දෙවි­යන් සුමන සමන්
ලැබදී ඉල්ලු තම­නට රිසි පරිදි වරන්
පිළි­ග­න්වලා හිමි කෙස්දා අඳුරු තුරන්
කළ දින දුරු­ත්තයි සුර-නර සතුටු කරන්
තෙවළා දහම වනපොත් කර එතෙක් ගෙනා
මහ සඟ­රු­වන රැස් වී බොදු බැතිය දිනා
මාතලෙ අලු­ලෙ­නෙදි ලෙස පොත් කෙරුව මනා
මෙම පුන් පොහොය දින සම­රමු සැදැහෙ නනා
සම්බුදු සමිඳු උරු­වෙල නම් දන­ව්වට
වැඩ­ම­ව­මින් ජටිල අස­පුව එතැන් සිට
බොදු අර­මක් කෙරුව බොදු­නට පුද­න්නට
පායයි දුරුතු සඳ යළි සිහි­පත් කර­න්නට
තුන් බෑ ජටිල උරුවෙ හා නදී ගයා
සම­ඟින් දහ­සක්ම අනු­ගා­මි­කයො දයා
තුන්ලොව තිලක සම්බුදු මාව­ත­කම සොයා
පෝදා දුරුතු ඒ සැම බුදු­ම­ඟට ගියා
කරුණා දයා පතුරා තුන් ලොවම දෙස
දුරු­කළ මෝ අඳුරු මැද පිළි­වෙ­තට බැස
සිහි­කර තුනු­රු­වන යොමවා කුලුණු ඇස
පිළි­වෙත් පුරමු නව වස­රෙහි පටල පිස

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන


වෙද නළාව

සිහි­නය නුබෙ
අනා­ගතේ සැබෑ කරන් ජය ගන්නට
මුදුල් දීල ඉගෙන ගන්න
උප­කා­රක සිප් හල වෙත පිය­න­ඟනා දිය­ණියේ
සුරං­ග­නා­වියෝ වගේ නුඹෙ වය­සෙම කිරි­ල්ලියෝ
අනෙක විධ සේද ඇඳන් අකුරු කරති උජා­රු­වෙන්
අස­රණ නුඹෙ දුප්ප­ත්කම
ලොකු අයගේ පොෂ් ගති­යට පෑහෙන්නේ නැති වුණාට
අඳූරු වෙච්ච මල් ගවු­මට ටයිඞ් ඩෙනිම මැච් නොවු­ණට
කොණ්ඩ කරල් දෙකට නුඹේ ගොඩේ ගතිය දිස් වුණාට
අලුත් තාලෙ සප­ත්තු­වට පෑඟු­ණාට නුඹෙ සෙරෙප්පු
පොත් බෑගය ඉරිල ගිහින් නැති වුණාට පැන්සල්
හතර වටට සුවද දෙන්න ෂැන් පවු­ඩර් නැති වුණාට
කෑම පැක­ට්ටුවේ නුඹේ ගමේ කෑම වැඩි වුණාට
විරා­ම­යෙදි ටොෆි චොක­ලට් නුඹ හට අර­හන් වුණාට
හිතට දුකක් ගන්න එපා නුඹ පන්තියේදී කොන් වුණාට
වෙර දර­පන් නිර­තු­රු­වම නුඹෙ සිහි­නය ජය ගන්නට
ඊට පසුව හැකිය නුබට
උමතු අයට බෙහෙත් දෙන්න....

සුසිල් හෙට්ටි­ආ­රච්චි


ගැහෙන ළයක්...

රුසිරු සිනා මුව මන­කල්
සොඳු­රුයි ඇගෙ රූ ලිය­කම්
ඒ මන­කල් සිනා යටින්
ගැහෙන ළයක් ඇත සුවි­පුල්..
ඒ හද­වත අත්ලට ගෙන
සොමි ගුණ­යෙන් බලනු මැනවි
රාග තාල සිත් බිඳ බිඳ
මෙත් ගුණ­යෙන් සැන­හෙනු ඇති...
ලොවට පෙනෙන සොඳුරු වතේ
ගැහෙන හදේ සල­කුණු නැත
ඒ සල­කුණු සොයන ඔබට
පිවි­තුරු බව හමු­වෙනු ඇත..
උපන් එකෙක් මේ මනු­ලොව
යුතු­කම වෙයි මිහි මව වෙත
අය­දි­න්නට නම් සෙනෙ­හස
පිරුණු හදක් අවැසි ව ඇත...

චතූ


නිම්නෙක හැඟුම් නිදි වැරුව

ප්‍රේමිය නුඹට මත­කද
ඒ ප්‍රේම ආලිං­ගන
ඒ පෙම් ස්වර
නුඹේ සුවඳ ස්වර
ප්‍රේමය මියුණු මත­කෙකි
දෙනෙතේ වැතිරි කඳු­ළකි
බිඳෙ­මින් ගෙතුව කවි­යකි

චාමරී ෆොන්සේකා


චූටි පැටව්

මලිති බටිති
හරිම හැඩයි
දුවති පනිති
බිම වැටු­ණොත්
හඬති දොඩති
ආයෙ ඉතින්
දුවති පනිති
ලොව සර­සයි
මලිති බටිති
චූටි පැටව්
සෑම දිනම
හැඩ වැඩ පා
සින­හ­ව­කින්
කිචි­බිචි ගා
කතා­ව­කින්
සිත් පුබු­දයි
සිත් නල­වයි
චූටි පැටව්
මලිති බටිති
දව­සක ලොව
ජය­ග­න්නෙත්
දව­සක ලොව
සන­ස­න්නෙත්
දඟල දඟල
උඩ පැන පැන
දුවපු පැනපු
චූටි පැටව්

දිනීප මධු­ෂාන්


ඔබට කියන වග ­නම්...

සඳු වෙන් බැරි වුණත්
දිලි­හෙන්න තරු­වක්ව
විල වෙන්න බැරි වුණත්
හිනැ­හෙන්න කුමු­දක්ව...
ගීත­යක් නොම වුණත්
මුව රැදෙන කවි­යක්ව
මහ සයුර නොම වුණත්
එකම එක රැල්ලක්ව....
සිත්ත­මක රූ සොබා
තෙලි තුඩට නොආ­වත්
හිත රිදෙන වෙලා­වක
වෙන්න මුදු සිනා­වක්...
නිස­ඳැ­සක පද රටා
නොදු­ටු­වත් පන්හි­ඳක්
සතු­ට ­ළඟ දෙනෙක අග
වෙන්න කඳු­ළක තෙතක්...
මැදි­ය­මක සුසු­මක්ව
සිත අසල තනි­යක්ව
ජීවි­තය නොවී ළඟ
ඉන්න එක සුසු­මක්ව!

අනෝමා

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10

[email protected]

අදහස්