‘අසිරිමත් යොවුන් විය’22 වැනිදා ජනගත වේ | සිළුමිණ

‘අසිරිමත් යොවුන් විය’22 වැනිදා ජනගත වේ

වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ මහතා ළමා වියෙන් තරුණ වියට පා තබන දරුවන් උදෙසා රචනා කළ ‘අසිරිමත් යොවුන් විය’ ග්‍රන්ථය 3019 ජනවාරි මස 22 වැනි දා අඟහරුවාදා කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.

නව යොවුන් වියේදී සිදුවන විපර්යාසයන් පිළිබඳ ව දෙමාපියන් හා වැඩිහිටියන් සතු දැනුම ප්‍රමාණවත් ද යන්න විසඳා ගත යුතු පැනයකි. වැඩිහිටි අවධිය ගත කරන බොහෝ දෙනා තමාගේ නව යොවුන් අවධිය මුළුමනින්ම අමතක කර දමා තම දරුවන් විෂයයෙහි කටයුතු කරන බව නූතන සමාජය දෙස පරීක්ෂාවෙන් බැලූ විට පෙනී යයි. නව යොවුන් වියට එළඹෙන තරුණ තරුණියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එකසේ ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස ‘අසිරිමත් යොවුන් විය’ හැඳින්විය හැකිය.


‍‘මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ’ ජනවාරි 08 නිකුත් වේ

විශ්ව සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක් කළ තරුණ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල මහතා පරිවර්තනය කළ ‘මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ (NEW TERM AT MALORY TOWERS – Enid Blyton) ග්‍රන්ථය පසුගිය දා කොළඹ 10, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයාකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.

මුලින්ම කතා හයකින් ලියවී ඇති මැලෝරි ටවර්ස් පොත් පෙළට පසුව තවත් කතා එක් කෙරී ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැල වෙත ඉදිරිපත් කර ඇති අතර, දැන් එහි දෙවන පොත් පෙළ ද සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කර ඇත. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.

 


ර‍ජයේ සේවයේ සොඳුරු භූමිකා

 

යු.කේ.එස්.මිහිඳුකුලසූරිය විසින් රචිත රජයේ සේවයේ සොඳුරු භූමිකා කථා සංග්‍රහය ඈත පිටිසර ගම් දනව් වල විවිධ සිදුවීම් පාදක කර ගනිමින් රචනා කර තිබේ.

විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙන් මෙන්ම නිලධාරීන්ගේ දෘෂ්ටි කෝණයෙන් ද සංවර්ධන කටයුතු සහ ජනතා ප්‍රශ්න විවරණ කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

රජයේ නිලධාරීන් ජනතාව තුළින් ම බිහි වී ඔවුනට සේවය කිරීමට දරන අප්‍රමාණ ප්‍රයන්නයන් සහ ඔවුනට ඒවායේ විවිධ අතුරු ප්‍රතිඵල විඳීමට සිදුවන ආකාරයන් මෙහි කදිමට චිත්‍රණය කර තිබේ.

කථා සංග්‍රමය කථාංග 09 කින් සමන්විත වන අතර එම කථා සියල්ල කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් රචනා කර තිබීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. සීත කාමර වලින් මිදී පො ළොවේ පය ගසා සිටින සැබෑ නිලදරුවන් පිළිබඳ කෙරෙන මෙම විවරණය සෑම පාඨකයකු විසින්ම කියවිය යුතු අගනා ප්‍රබන්ධයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.

අදහස්