ණය ශ්‍රේණිය ඉහළ දාන්න ඇමැති සටනේ | සිළුමිණ

ණය ශ්‍රේණිය ඉහළ දාන්න ඇමැති සටනේ

ඉකුත් ඔක්තෝබර් 26 දිනෙන් ඇරඹී දින 52 ආණ්ඩු කාලයේ පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම නැවැත දිනාගැනීමේ සටන ආරම්භ කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වයන් යළිත් දිනාගැනීමට අන්තර්ජාතික ශ්‍රේණිගත කි‍රීමේ ආයතන වන ෆිච් රේටින්ග්ස් ලිමිටඩ්, මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් සහ එස්. ඇන්ඩ් පී. ආයතන සමඟ සමාලෝචන සාකච්ඡා ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය. ඉකුත් වසරේ ඔක්තෝබර් 26 සිට දින 52 තුළ රටේ දේශපාලනයේ ඇති වූ අස්ථාවරභාවය නිසා මේ ආයතන අප රටේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව, නැති නම් අවදානම පිළිබඳ සලකා බලා ශ්‍රේණි පහත දැමිණි.

 

Comments