බස්නාහිර කුණු අදින්න වසරකට කෝටි 600ක් | Page 2 | සිළුමිණ

බස්නාහිර කුණු අදින්න වසරකට කෝටි 600ක්

බස්නාහිර පළාත තුළ කසළ කළමනාකරණය සඳහා වසරකට රුපියල් කෝටි 600කට වැඩි මුදලක් රජය පළාත් සභාව සහ පළාත් පාලන ආයතන විසින් වැය කරන බව බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මානප්පෙරුම මහතා ‘සිළුමිණට’ පැවසීය.

බස්නාහිර පළාත තුළ දිනකට කසළ මෙට්‍රික්ටොන් 3800ක් පමණ එකතු වන බවත්, එය ශ්‍රී ලංකාව පුරා දිනකට එකතු වන කසළවලින් 60%කට වැඩි ප්‍රතිශතයක් බවත් ඒ මහතා සඳහන් කරයි.

 

Comments