කුමාරිට රහසක් කියන්න තියෙනවා | සිළුමිණ

කුමාරිට රහසක් කියන්න තියෙනවා

කුමාරිගේ සිතට බියක් පිවිසුණේ නීලකගේ කතාව ඇසීමෙනි. ගිය ආත්මේදී ඔහුව ඝාතනය වීම නිසා එක්වීමට නොහැකි වුණි. බොහෝ ආත්මවල චෝදනා එල්ල වූයේ කුමාරිටය. පෙර ආත්මයක විවාහ වීමට අවස්ථාවේදී මඟ හැර ගිය හෙයින් තමාට චපලි යන චෝදනාව එල්ලවූ හැටි මතකය. තමාට එම ඝාතනය වැළැක්වීමට හැකියාව තිබියදී යමක් නො‍කළේ යැයි ප්‍රසිද්ධ විය.

“බය වෙන්ඩ එපා. අපි මේ ආත්මෙ පෙර වාගෙ මැරෙන්නෙ නෑ.”

“මාව මරන්න ස‍ූදානමක් තියෙනව කියල ආරංචියක් ආවා.”

ඔය කාටත් හොරෙන් මම ලංකාවට එනවා” කුමාරි කීවාය.

“තව ටිකක් ඉවසන්න” එහෙම වුණොත් මා ජීවත් වෙන්නේ මොටද?”

“නීලක කැලේ කොටි නැහැයි කියල හිතන්ට එපා.‍ ඒ නිසා පරිස්සම් වෙන්ට. මම ආවම දෙයක් කියන්නම්.”

නීලක සිටියේ තරමක සැකයෙන් යුතුවය. ඇතැම් මනුෂ්‍ය ඝාතන මේ වන තෙක් සොයා ගෙන නැත. දේශපාලන මෙන් ම ව්‍යාපාර ලෝකයෙන් මනුෂ්‍ය ඝාතන සිදුව ඇත. ආදර ප්‍රශ්න හේතු කොට කොන්ත්‍රාත් මිනීමැරුම් සිදු වෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂාවෙන් සිටීම හොඳ යැයි නීලකට සිතුණි.

“නීලක ඇයි එන්න කිව්වෙ”

“ඔහොම ඉඳගනින්කො”

“පාස්පොර්ට් එක දවසෙන් ගන්ට පුළුවන්”

“පාස්පෝර්ට් නෙමේ. කුමාරි මට කතා කළා‍”

“පාර්ස්පෝර්ට් එක අරගත්ත ගමන් එනව කියපං”

“මචං මාව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවලු.”

“මොනවා උඹව” ඔහු උස් හඬින් සිනාසුණේය.

“මැති ඇමැති වරයෙක් නම් විරුද්ධවාදීන් කුමන්ත්‍රණ නිසා මරන්ඩ පුළුවන්. ඒත් උඹව.”

“දේශපාලනය නිසා නෙමේ. චම්පා කුමාරිගේ කේස් එක මහා රාජාට බලපාල. ඒ නිසා මෑන් මාව මරන්ඩ කුමන්ත්‍රණය කරනවා වෙන්ට බැරිද?”

දෙදෙන නිගමනයකට එන්ට උත්සාහ කළහ.

“මේ ප්‍රශ්න සාකච්ඡා කරල විසඳගන්න ඕනෑ... නමුත්”

“විසඳන්න තියෙන එකම ක්‍රමය මම දන්නවා. ඒවා ප්‍රායෝගික නෑ. මොන ආකාරයකින් හරි ගෙන්න ගන්න පුළුවන්්. නැතිනම් මට ඉන්දියාවට යන්න පුළුවන්.

“ඔව් එච්චරයි. ඕකනෙ කරන්න තියෙන්නෙ.”

“මචං ඒ රාජ කුමාරි තාමත් ලංකාවට ගෙනැල්ලා මට එයාව පෝෂණය කරන්ට පුළුවන්ද?”

“ඒ වගෙ පරිත්‍යාග කරන්ට වෙනවා”

“මම තවම කැම්පස් යනවා. තවම රැකියාවක් නැහැ. ඒ වගෙ කුමාරිකාවක් මම ආරක්ෂා කරන්නෙ කොහොමද?”

“ඔව් ඒක දෙන්නම දන්නවනෙ.”

“මම හිතන් ඉන්නෙ කතා කරල විසඳුමකට එන්නයි.”

“කුමාරි චපලයි කියල එයාට දොස් කියන්ඩ එපා”

“නෑ... නෑ... අපි හමුවෙලා නැතත් එයා කියන කතා අනුව මට ආදරේ බව පේනව. දැන් එයාව යෝජනා වෙලයි තියෙන්නෙ. මයිස‍ූරයේ මහා රාජ කෙනෙකුගේ පුතෙක්. අපි දෙන්න සැසඳීමක් කරන්න බෑ.”

“ඒවා කලින් සූදානම් කරපු දේවල් නෙමේ. හරි මොනව කරල හරි කුමාරිව ගෙනාව කියමුකො. ආරක්ෂා කරන්නෙ කොහොමද?”

“මට හිටපු මාලිගා දෙන්න නෑ. වාහන දෙන්න නෑ. සැප සම්පත් දෙන්න නෑ.”

“ගැහැනු එන්නෙ ඔය කියන කිසි දෙයක් බලාගෙන නෙමේ. හැම ගෑනියෙක් ම ඇවිදින් ඉන්නෙ ආදරය බලාගෙනයි.”

“ඔව් මහ මාලිගාවල නැත්තෙ ඔය ටිකයි. කරන්න දෙයක් නෑ, එන විදිහක් බලමු.”

“මට බය හොයාගෙන ආවොත් මොකද කරන්නෙ කියලයි”

“ගෙයක් කුලියට ගම්මු” යසස් යෝජනා කළේ ය.

යසස් මේ ප්‍රශ්නය විසඳන අයුරු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේ ය. ආත්ම ගණනාවක් හමුවීමට නොහැකිව මේ භව සසරේ සැරිසරන පෙම් යුවළකට ඒ අවස්ථාව ලබාදිය යුතු ය.

“හරි බැරි වෙලාවත් කුමාරි ලංකාවට ආවොත් මගෙ ගේ දෙන්නම්. ඒකේ A/C කාමරයක් තියෙනවා.”

“එතකොට මචං උඹ. හේ පුදුමයෙන් ඇසුවේය.

“මට ඉන්න තැන් තියෙනව. කැමැති කාලයක් හිටපං.

මෙහෙකාරිය කඩිනමින් එනු දුටු කුමරිය මොහොතක් නතර වූවාය.

“කුමරිය රහසක්්‍”

“කියන්න රේවතී”

“අද රාත්‍රියේ මහාරාජතුමා බැහැරක යනවා”

“දිල්ලියට ද?”

“දිල්ලියට යනකොට මේ තරම් ඇඳුම් ගෙනියන්නෙ නෑ.”

වෙනත් රටකට. සමහර විට ලංකාවට වෙන්ඩ බැරි නෑ. මට ඒ ව‍ෙග් කතාවක් ඇසුණා.”

“මොනවා ලංකාවට” ඈ පුදුමයෙන් ඇසුවා ය.

“ඔව් කුමාරි. පරිස්සම් වෙන්න කියන්න”

“හොඳයි මම කියන්නම්”

නීලකට කරදරයක් සිදුවීමට හොඳටම ඉඩ ඇත. මිනිසුන් මොන තරම් ක්‍රෑර ද? ඔවුන් සූදානම් වන්නෙ ආත්ම ගණනක් වෙන්ව සිටි දෙදෙනෙක් තවත් ඈත් කිරීමටය. මහා දුකක් සිත තුළ ඇත. ඇතැම් විට නොව බොහෝ විට මතුවන්නේ ගැහැනියකගේ චපල කමය. ඔහුගේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට තමාට ලොකු කාර්ය භාරයක් ඇතැයි කුමරිය සිතුවාය.

නීලක මේ දිනවල පසුවන්නේ නොසන්සුන්කමින් යුතුමය. කාටවත් මේ ප්‍රශ්නය පිළිබඳව උපදෙසක් දිය නොහැකි ය. මෙය කාල්පනික කතාවකි.

අම්මා, තාත්තා වශයෙන් වූ වැඩිහිටියන්ට සජීව රූපකායක් දැක්විය නොහැකිය. කාටවත් ඍජු ලෙසට සංවේදී වන්ට රූපකායක් තිබුණේ නැත. දුරකතනය නාද වුණි.

ඇගේ හඬ ශ්‍රවණය වූයේ ද ඇය පිළිබඳව සිතමින් සිටියදී ය.

“කා ගැන ද හිතන්නෙ?”

පිරිමියෙක් වුණත් ඕනෑවටත් වඩා බොළඳ වෙලා. ඔයා හැර මට හිතන්ට වෙන කෙනෙක් නෑ.

“මාත් එහෙමයි. ඇයි රාවණා වගේ ඇවිදින් මාව පැහැරගෙන යන්නෙ නැත්තෙ.”

“සන්නද්ධ සේනා පිරිවරාගෙන නෙමේ ඉන්දියාවට ඇවිදින් දෑතට ඔසවාගෙන එන්න තමයි හිතන් ඉන්නෙ.”

“රත්තරනේ මාව අඬවන්න එපා.”

“ගැහැනියෙක් සතුටට හඬන කෙනෙක් මිස දුකට හඬන්ට ඕනෑ නෑ.”

“කතා කළේ මේකයි. කොයි මොහොතක හෝ අප්පා එනවා.”

“හොඳයි බය වෙන්ට එපා. මම ආරක්ෂා වෙන්නම්”

 

ලබන සතියට

අදහස්