දේශය පෝෂණය කර 10 වන වසර සමරන ‘සෙවන් ස්ටාර්’ | සිළුමිණ

දේශය පෝෂණය කර 10 වන වසර සමරන ‘සෙවන් ස්ටාර්’

ඩුබායි හි Al Ghurair Group සමාගම් සමූහයේ කොටසක් වන සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම මෑතක දී සිය ‘සෙවන් ස්ටාර්’ තිරිඟු පිටි නිෂ්පාදන ශ්‍රී ලාංකික වෙ‍ෙළඳ පොළට හඳුන්වා දීමේ 10 වන සංවත්සරය සැමරුවේ ය.

දිවයින පුරා බේකරි, හෝටල්, අවන් හල්, ආපන ශාලා, නිවාස හා කම්හල්වල භාවිත වන සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායක හා විවිධ ප්‍රයෝජන සහිත තිරිඟු පිටි නිපැයුම් සම්පාදනය කරමින් සමාගම දශකයක් තිස්සේ දේශය පෝෂණය කිරීමට කැප වී ඇත.

ස්ථිර ගුණාත්මකත්වයට කැප වෙමින්, කාර්යක්ෂම හා උද්‍යෝගිමත් කණ්ඩායමක් ගොඩ නගමින් හා පරිසර හිතකාමීව සිය මෙහෙයුම් පවත්වා ගෙන යමින් ‘සෙවන් ස්ටාර්’ තිරිඟු පිටි නිෂ්පාදනය කරනු ලබන්නේ කර්මාන්තයේ උසස් ම ප්‍රමිතීන්ට හා ලෝක මට්ටමේ ගිවිසුම්වලට අනුකූලව ය.

සෙරන්ඩිබ් සමාගම සිය කණ්ඩායමේ මුළු ශක්තියෙන් ම සමාගමේ මෙහෙයුම්වල නිරත වන බව සහතික කිරීම සඳහා ද සැලකිය යුතු පරිශ්‍රමයන් දරා ඇත.

මේ වන විට සමාගම සතුව ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වන ස්ථිර සේවකයන් 340 දෙනෙකුගෙන් සමන්විත ප්‍රබල ශ්‍රම බළකායක් සිටියි. තමන් අනුගමනය කරන සේවකයන් අත් නොහැර තබා ගැනීමේ ක්‍රමෝපායේ කොටසක් ලෙස සමාගමට ඇතුළත් කර ගත් සියලු, සේවකයන් දිරි ගැන්වෙන සේවා ස්ථානීය සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද සමාගම පරිශ්‍රම දරා ඇත.

සමාගමේ සන්ධිස්ථානීය සංවත්සරය ගැන අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරි මොහමඩ් රියාල් මහතා මෙසේ පැවසුවේ ය: “ අපගේ සාර්ථකත්වය පිළිබඳ කතාවේ වැදගත් කොටස්කරුවන් බවට පත් වීම සම්බන්ධයෙන් අපි අපගේ අගනා පාරිභෝගිකයන්ටත් හවුල්කරුවන්ටත් ස්තුතිය පුද කර සිටිනවා. අපගේ ‘සෙවන් ස්ටාර්’ සාරධර්ම අපගේ මෙහෙයුම්වලට ප්‍රබල පදනමක් වී තිබෙනවා.

ඉදිරියේ දී අපගේ පාරිභෝගිකයන්ට රට තුළ පවත්නා උසස් තත්ත්වයේ හොඳ ම තිරිඟු පිටි නිෂ්පාදන එකතුව වෙත ප්‍රවේශය සලසා දෙන්න අපි දිගින් දිගට ම කටයුතු කරනවා.”

Comments