මධ්‍යම රෝහල් 10කට ගිලන් රථ | Page 2 | සිළුමිණ

මධ්‍යම රෝහල් 10කට ගිලන් රථ

මධ්‍යම පළාතේ රෝහල් 10ක් සඳහා ගිලන් රථ ප්‍රදානය කිරීම අද (6) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගිලන් රථයක වටිනාකම මිලියන 15ක් වන අතර තවත් ගිලන් රථ 14ක් ඉදිරි දිනවල දී බෙදා දීමට සූදානම් කොට ඇත.

මධ්‍යම පළාත් සභාව මඟින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ගිලන් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර පළමු අදියර යටතේ ලබාදුන් මෙම ගිලන් රථ 10 පළාතේ දුෂ්කරතම ප්‍රදේශවල රෝහල් සඳහා ලබාදීමට කටයුතු යොදා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, තිත්පජ්ජල  ප්‍රාදේශීය රෝහල් සඳහා ද  මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සහ දුෂ්කර රෝහල් වන නාලන්ද, ලෙනදොර සහ සීගිරිය රෝහල්වලට ද  නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඩයගම, දික්ඔය, ඉලුක්කූඹුර, හගුරන්කෙත සහ ආගරපතන  රෝහල් වෙත ගිලන් රථ ප්‍රදානය කිරීම සිදුවිය.

Comments