විජය සමරුම 16 දා | Page 2 | සිළුමිණ

විජය සමරුම 16 දා

දිවංගත ප්‍රවීණ කලා කරුවකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන්ගේ 31 වැනි ගුණ සමරුව මේ මස 16 දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් දිවයින පුරා අනුස්මරණ උත්සව රැසක් පැවැත්වෙන අතර මින් ප්‍රධාන උත්සවය කොළඹ 07 නව නගර ශාලාවේ දී පැත්වේ.

මෙදින ප.ව. 02.30 ට උත්සවය ආරම්භ වන අතර පුෂ්පෝපාහාර හා විජය උපහාර ගීත ගායනා ද සිදු කෙරේ. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුලසුන හොබවන අතර සමරු දේශනය පවත්වනු ලබන්නේ සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා විසිනි.

Comments