අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න | සිළුමිණ

අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න

බොහෝ දෙනෙක් සිතා­මතා තම යුතු­කම් පැහැර හරින්නේ ජීවි­තයේ අනි­ත්‍යද මෙනෙහි කර­මිනි. ලංකාවේ තරම් බුදු බණ අසන පිරි­සක් තවත් නැති­බව ලෝක­යාම දනිති. වසරේ දොළොස් මසේ පුන් පොහෝදා පම­ණක් නොව සතර පෝය­ටම සිල් සමා­දන්ව පංචේ­න්ද්‍රි­යම සමාධි ගත­ක­ර­ව­මින් පතන්නේ කිසිදා තමන් අතින් කිසි­වෙ­කු­ට­වත් වර­දක් සිදු වන්නට ඉඩ නොත­බන බවය. එවන් රටක වෙසෙන අප අතින් දැන හෝ නොදැන කෙතෙක් වැරැදි සිදු­වේද? එය මෙතැ­කැයි කියා දැක්විය හැකිද? මේ පුංචි රටේ එක් තැනක හුද­කලා වී මේ පිරිස සිතින් සිය දහස් වාර­යක් විඳ­වන්නේ ඔවුන්ගේ ඥාති සමූ­හයා හිතා මතාම තමන් වෙතින් ඉටු­විය යුතුවූ යුතු­කම් පැහැර හැරි නිසා­වෙනි. දරු­වන් අතින් සිය දෙමා­පි­යන්ට ඉටු­විය යුතු යුතු­කම්, සහෝ­දර සහෝ­ද­රි­යන් විසින් ඉටු­කළ යුතු යුතු­කම් මෙලෙස පැහැර හරිද්දි මේ පිරි­සට රැක­ව­රණ සලසා දෙමින් ආද­රය කරු­ණාව දක්වන්නේ තවත් පිරි­සකි. ඔවුන්ගේ මේ කතා පෙළ ගොනු වන්නේ අංගොඩ ජාතික මාන­සික රෝහ­ලෙනි.

අංගොඩ ජේන්ගේ කතාව හරහා ගෙතෙන මේ බොහෝ කතා පිටු­පස ඇත්තේ යුතු­කම් හා අයි­ති­වා­සි­කම් පිළි­බඳ කතා කිහි­ප­යකි. එහෙත් ඒ කතා මුල්ලේ­රියා අත­ර­මැදි නිව­ස්න­යෙන් හෝ අංගොඩ ජාතික මාන­සික රෝහ­ලෙන් හෝ ඔබ්බට නොය­න්නේය. මාන­සික රෝගී­න්යැයි හංවඩු ගැසූ ලේබ­ල­යෙන් පීඩා විඳින ඔවුන්ට ආද­රය හා රැක­ව­ර­ණය දක්වන්නේ වෛද්‍ය­ව­රුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලය පමණි.

“අනේ පුතේ මට රසට බත් ටිකක් කන්න ආසයි. මට අතට කීයක් හරි දෙන්න” ඔවුන් සොයා ගිය අපට ජේන් අපට පැව­සුයේ පුරු­ද්දට වුවත් ඒ කාරු­ණික බැල්ම තුළ ඇයට ඇවැසි බොහෝ දේ විය.

“ඒ ගොල්ලන්ට හොඳ රසට මෙහෙ කෑම උයලා දෙනවා. ඒත් බලන්න එන අය­ගෙන් පුරු­ද්ද­ටත් ඉල්ල­නවා” රෝහලේ කාර්ය මණ්ඩ­ලයේ කාන්තා­වක් අපට පැවැ­සු­වාය.

“ඒත් මේ අය හරීම ආසයි ගෙද­රින් ගේන බත් එකක් කන්න. ඒත් කව­ම­දා­වත් ගෙද­රින් කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ නිසා අතට කීයක් හරි ලැබු­ණොත් ගේට්ටුව අයි­නට ගිහින් බත් එකක් කාට හරි කියලා කඩ­ය­කින් ගෙන්න ගන්නවා.”

එහි නිවැසි බොහෝ දෙනකු ජේන් හා සමා­නය. ඔවුන් දෙඅත් පාමින් ඉල්ලන්නේ ආද­රය හා කරු­ණාව පමණි.

මේ ජේන් කවුද? එයට දිය හැකි කදිම පිළි­තු­රක් ඇත. ඇය තමන්ට වය­සක් කිය­න්නට තරම් නොදන්නා එහෙත් අවු­රුදු අසූ­වක් අනූ­වක් අතර මැදි වයසේ පසු­වන කාන්තා­වකි. ඇය වැඩි­විය පත්වී ඇත්තේද මෙතැ­න­දිය. (එදා අංගොඩ මාන­සික රෝහල හා ඊටත් පෙර අංගොඩ පිස්සන් කොටුව වූ මෙතැන අද හැඳි­න්වෙන්නේ ජාතික මාන­සික රෝග විද්‍යා­ය­ත­නය නමිනි) සුව වූ දා සිට මේ දක්වාම ඇයගේ ජීවි­තය ගෙවී ඇත්තේ මුල්ලේ­රි­යාව අතර මැදි නිව­ස්න­යේය. ( එදා මුල්ලේ­රි­යාව මාන­සික රෝහ­ලයි) එහෙත් ජේන් ගෙදර කැන්දා­ගෙන යන්නට අද­ටත් කිසි­වෙක් නොඑති. අවු­රුදු 70 කටත් ආසන්න කාල­ය­කම ඇය ගත කර ඇත්තේ මේ මාන­සික රෝහ­ලේය. ජේන් දැන් සුවෙන් බව වෛද්‍ය­ව­රුන් පැවැ­සු­වත් ජේන් මාන­සික රෝගී ලේබ­ල­යෙන් මුදා පිළි­ගැ­නී­මට ඇයගේ ඥාතීන්ට නොහැකි වී ඇත්තේය. මේ විෂම සමා­ජයේ ආකා­රු­ණි­ක­ත්වය ඔවුන්ට හරස් වි ඇත්තේ ඒ ආකා­ර­යෙනි.

“ඔය නෝනා මගේ නෑයෙක් නේද? අනේ මට හරි සතු­ටුයි මාව බල­න්නට ආවට” ඇය මගෙන් විම­සු­වාය.

“කිය­න්නකො බලන්න එදා කළ දේවල්, මතක නම්.” මම ඇගෙන් විම­සූ­වෙමි. “මට ටිකක් මත­කයි.” ජේන් මත­කය ගළ­ප­න්නීය. “ මට වයස මතක නැහැ. මම වැඩි­විය පත්වුණේ මේ රෝහ­ලේ­මයි. නෝනා දන්නේ නැහැ මම වැඩි­විය පත්වුණු දා දොස්තර මහ­ත්වරු මිසීලා එක­තු­වෙලා හැමෝ­ටම කන්න කැවුම් කිරි­බත් දුන්නා. මා සුදු රෙද්ද­කින් වහලා සුදු ගවු­මක් අන්දලා හිටියා. මෙහෙ අය මට ආද­රෙයි. ඒත් මට මෙහේ ඉන්නම හිතුණේ නැහැ. මාව බලන්න කවු­රුත්ම එන්නේ නැහැ. මම ඉස්පි­රි­තා­ලෙන් හොරෙන් පනි­නවා. අනිත් අය­ටත් පනින්න උදවු කර­නවා. පැනලා හැම තැනම ඇවි­ඳි­නවා. ඒත් මගේ නෑයෝ කවු­රුත් මාව බාර ගන්න කැමැති නැහැ. මගේ තාත්තා වෙන කසා­ද­යක කර ගත්ත. ටික දව­සක් ඇවි­දලා මම ආයිත් තුවා­ල­යක් හරි කර­ගෙන මේ රෝහ­ල­ටම එනවා. මම ජීවිත කාල­යම මෙහේ හිටියේ පුතේ. දැන් මට මෙහේ ඉන්න බැහැ. යන්න ඕනෑ” ජේන් පව­සන්නේ දෙනෙතේ කදුළු පුරවා ගෙනය.

“කොහෙද ජේන්ට යන්න ඕනැ” මම විම­සු­වෙමි. ඇගේ පිළි­තුර මා අපේක්ෂා නොක­ළක් විය.

“පෙට්ටි­යක් ගෙනත් මාව වළ­දාන්න. මෙහේ අය මට කිය­නවා කවු­රුත් එන්නේ නැති නිසා පැදු­රක ඔතලා වළ දානවා කියලා . අනේ එහෙම කරන්න එපා කියලා කියන්න පුතේ”

“ජේන් ගෙදර යන්න ආසයි. දැන් මෙයාට හොඳයි. ඒ නිසා බෙහෙත් දීලා ගෙදර යන්න පුළු­වන්. ඒත් කවු­රු­වත් එක්ක යන්න එන්නේ නැහැ. මේ නිසා මෙයා නිත­රම මුල්ලේ­රි­යා­වෙන් පනි­නවා. අපිත් එක්ක වැඩ කරන්න කියලා ඇවිත් හොරෙන් පැනලා යනවා. ඒත් ආයිත් එයාට යන්න තැනක් නැති වුණාම මෙහා­ටම එනවා. දැන් අවු­රුදු ගානක්ම ජේන් මෙහේ. ජේන් විත­රක් නෙමේ, මේ නිව­ස්නයේ ඉන්න රෝගී­න්ගෙන් වැඩි දෙනෙක් බලන්න කවු­රුත් එන්නේ නැහැ.” රෝහලේ ඉන්ද්‍රානි මිසී පැව­සු­වාය.

රෝගීන්ට කාර්ය මණ්ඩ­ලය සල­කන්නේ තම දෙම­වු­පි­යන්ට මෙනි. ඔවුහු දින­පතා සේවය සඳහා පැමි­ණෙ­න­විට තමන්ට හැකි පම­ණින් බත් පතක් මේ අස­රණ රෝගීන්ට ගෙන ඒමට උත්සුක වෙති.

ජේන් වැනි උද­විය මේ නිව­ස්නයේ තවත් වෙති. ඔවුන්ගේ අස­ර­ණ­බව කිය­න්නට වචන නැති­ත­රම්ය. ඒ බොහෝ­ම­යක් මුහුණු සදා­කා­ලික වේද­නා­වෙන්ම පිරි ඇත්තේය. ඔවුහු නොපෙ­නෙන අනා­ග­ත­යක් ගැන සිහින මව­මින් දවස ගෙවති.

ඇය කැත්ලින් ය. කැත්ලින් රෝහ­ලට එන්නේ තරුණ වය­සේදී ය. දැන් ඇය එක් දරු මවකි. කැත්ලින් රෝහල් ගත­වෙද්දී ඇගේ දරුවා පසු­වූයේ බිලිඳු වියේය.

“පුතා ලැබිලා ටික දව­ස­කින් මම මාන­සික රෝගි තත්ත්ව­ය­කට පත්වුණා. මම රෝහ­ලට යන­කොට මගේ දරුවා සිටියේ නිවා­ස­යක. එදා සිට මට මගේ පුතා දකින්න ලැබුණේ නැහැ. රෝහල් ගත වුණු මා බලන්න කිසි කෙනෙක් ආවේ නැහැ. දරු­වගේ තාත්තා­වත් මගේ සහෝ­දර සහෝ­ද­රි­ය­න්වත් අද­ටත් මා බලන්න එන්නේ නැහැ. ඒත් රෝගය හොඳ වෙන්න වෙන්න මට මගේ දරුවා නිත­රම මතක් වුණා. මම දිගින් දිග­ටම බෙහෙත් ගන්න කොට මට සුව වෙන්න ගත්තා. මේ නිසා මුල්ලේ­රි­යාව අත­ර­මැදි නිව­ස්න­යට මාරු කළා. මෙතැන රස්සා­වක් කර­ගෙන සිටිද්දි දරුවා සිටින තැන සොයන්න මට ඕන වුණා. ඒ වෙද්දි දරුවා මගෙන් වෙන්වෙලා අවු­රුදු 20ක් විතර. ඉන්න තැන­ක්වත් දන්නේ නැහැ. මම මෙහේ මිසී­ලාගේ දොස්තර මහ­ත්ව­රුන්ගේ උදව්ව ඇතිව මගේ පුතා හොයන්න ගත්තා. අනු­රා­ධ­පුර පැත්තේ නිවා­ස­යක තමයි මගේ පුතා හැදිලා තියෙන්නේ. අද එයා විශ්ව­වි­ද්‍යාල සිසු­වෙක්. මම කොහොම හරි මගේ පුතා හොයලා එයාට මම එයාගේ අම්මා කියලා කිව්වා. එයා හරි­යට සතුටු වුණා. කව­දා­හරි මගේ පුතා අඬ ගැහු­වොත් මම ආසා­වෙන් ගෙදර යනවා. එයා මාව ගෙන ගියේ නැති­නම් මම මෙහෙම ඉතුරු කාල­යත් ඉන්නවා” කැත්ලින් පව­ස­න්නීය.

කැත්ලින්ට ද කතා­වක් ඇත. එයද දුක්මුසු ය. ඇය මාන­සික රෝහලේ පිටිය පිරි­සුදු කර­මින් හම්බ කරන මුදල් දරු­වාගේ අධ්‍යා­පන කට­යුතු සඳහා යව­න්නීය. ඉඳ­හිට දරුවා ඇය බල­න්නට පැමි­ණි­යද අන් කිසි­වෙකු හෝ තමා බල­න්නට නොපැ­මි­ණෙන බව කැත්ලින් දන්නේය.

මුල්ලේ­රියා නිව­ස්නයේ බොහෝ රෝගීන් දෙනෙත් අයා බලා සිටින්නේ සිය සමී­ප­ත­ම­යන් කෙදි­නක හෝ තමන් සොයා පැමි­ණෙන තෙක්ය. මේ නිව­ස්නයේ සිටින රෝසිද එවන් කාන්තා­වකි. ඇය ආද­ර­යෙන් උස් මහත් කළ ඇයගේ දරුවෝ අද විදේ­ශ­යන්හි ඉහළ තන­තුරු ලබ­මින් සේවය කරති. දැන් ඔවුන්ට සිය මැණි­යන් අම­ත­කය. එහෙත් රෝසිට සිය දරු­වන් අම­කත කළ නොහැ­කිය.

රෝහලේ දොස්තර මහ­ත්ව­රුන්ගේ වාහන පැමි­ණෙද්දි ඇය දිව යන්නේ දරු­වන් තමන් බල­න්නට පැමිණි බව සිතාය. රෝසි දිවා රාත්‍රී පුටු­ව­කට බරදී පාර දෙස නෙත් යොමා සිටින්නේ දරු­වන් තමන් රැගෙන යන්නට එතැයි යන සිතු­වි­ල්ලෙනි.

මුල්ලේ­රියා රෝහලේ අත­ර­මැදි නිව­ස්නයේ වැඩි දෙන­කුගේ කතා මෙලෙ­සය. වාට්ටු­වල සිටින වැඩි දෙනෙක් සුව වුවත් නිවෙස් කරා යා නොහැකි උද­වි­යය.

“මෙහි රෝගී කාන්ත­වන් 500 ක් ඉන්නවා. ඔවුන්ට දැන් සුවයි. එ්ත් ඥාතීන් නොඑන නිසා ගෙව­ල්ව­ලට යන්න බෑ. සම­හරු 1980 ගණ­න්වල පැමිණි අය. රෝහ­ල්ගත කරද්දි ඔවුන්ගේ නෑදැයෝ කියා ආපු අය දී තියෙන්නේ බොරු නම්ගම්. ඒ නිසා අපිට මෙහෙන් යවන්න බැහැ. විශේ­ෂ­යෙන් කාන්තා­වන් භාර­ක­රු­වකු නැතිව යවන්නේ නැහැ. මේ නිසා කාන්තා­වන් එකතු වීම වැඩි වුණා. එදා රෝහ­ලට එක්ක­ගෙන ආපු මේ අයගේ දරුවෝ දැන් ලොකුයි. ඒ දරුවෝ තමන්ගේ අම්මලා නැව­තත ගෙව­ල්ව­ලට ගෙනි­යන්න කැමැති නැහැ. ඒ ගොල්ලෝ දෙපා­රක් හිත­නවා. අපි වැඩි­හිටි ලේකම් කාර්යාල හරහා මේ කාන්තා­වන් විවිධ නිවා­ස­ව­ලට එකතු කළා. ඇඳ­ටම අබල දුබල වූ ලෙඩ්ඩුත් ඉන්නවා. අප ඔවුන් විශේ­ෂිත වාට්ටු­වල තියා­ගෙන ජීවිත කාල­යම බලා ගන්නවා. මේ කාන්තා­වන් හරිම ආසයි උයා පිහා­ගෙන කන්න. මේ නිසා අපි ඔවුන්ට උයා පිහා­ගෙන කන්න හැම වාට්ටු­ව­ක­ටම මුළු­තැ­න්ගෙ­යක් හැදුවා. දැන් මේ කාන්තාවො ආසා­වෙන් උය­නවා. ඒ වගේම මේ සම­හ­රක් අයට ජාතික හැදු­නු­ම්ප­තක්, උප්පැන්න සහ­ති­ක­යක් නැහැ. අපි වයස් තීර­ණය කරලා උප්පැන්න සහ­ති­ක­යක් හා ජාතික හැදු­නු­ම්ප­තක් සකස් කළා. දැන් මේ අය­ගෙන් බහු­ත­ර­යක් ඡන්දය භාවිත කර­නවා.” රෝහලේ විශේ­ෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණ­සිංහ මහ­ත්මිය අප හා පැව­සු­වාය.

රෝහල් බල­ධා­රීන්ගේ කාරු­ණික බව හේතු­වෙන්ම මේ රෝගීහු අද ජීවත් වෙති. සුව­පත්වූ බොහෝ කාන්තා­වන්ගේ අද ස්ථිර නිව­හන මෙතැ­නය. ඔවුන්ගේ සැඳෑ සමය ගෙවෙන්නේ මෙහිය. ඇතැ­මෙක් රෝහ­ලට පින් සිදු වන්නට අත­මි­ටට මුද­ලක් සරි­කර ගනිති.

“මේ අය අවු­රුදු ගණන් අපේම රෝහලේ අපේම වෛද්‍ය­ව­රුන් හා කාර්ය මණ්ඩ­ලය එක්ක­මයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ඥාතීන් තමයි අපි. මේ ක්‍රමය අපි වෙනස් කරන්න දැන් ක්‍රම­වේ­ද­යක් පටන් ගෙන තියෙ­නවා. දැන් ලෙඩ­ඩුන් භාර දෙන කොට අපි භාර­ක­රු­වන්ගේ හැඳු­නු­ම්පත් පරීක්ෂා කර­නවා. නිවෙ­ස්ව­ලට නොයන සුවවූ රෝගීන් අපි මෙහේ පිරි­සුදු කිරිම් කට­යු­තු­ව­ලට යොමු කරලා තියෙ­නවා. ඒ නිසා මේ අයගේ පොත්වල දැන් සල්ලි තියෙ­නවා. එහෙම 40 ක් විතර මේ රෝහලේ ඉන්නවා. සුවවුු නිවෙ­ස්ව­ලට යා නොහැකි තවත් අය අපි ප්‍රජා නිවා­ස­වල අපේ අධී­ක්ෂ­ණය යටතේ තබා තිනෙවා. මේ අයගේ දරු­වන් මේ අයට කොහොම සැල­කු­වත් අපි ඔවුන් අත හරින්නේ නැහැ. ජීවත් වෙන­කම් හොඳින් බලා ගන්නවා වගේම අවශ්‍ය ආද­රය රැක­ව­ර­ණය කරු­ණාව ලබා දෙනවා” රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක මහතා පව­සයි.

සිර­ක­රුවෝ ද මනු­ෂ්‍ය­යන් යැයි සමා­ජයේ මත­යක් පැවැ­ති­යක් මාන­සික රෝගී­හුද මනු­ෂ්‍ය­යන් යැයි බොහෝ දෙනෙක් නොසි­තති. ජේන්, කැත්ලින්, රෝසි වැන්න­වුන්ලා සදා­කා­ලි­ක­වම ආද­රය හා රැක­ව­ර­ණය අපෙක්ෂා කර­න්නෝය. කඩා වැටුණු ඔවුන්ගේ ජීවිත යළි ප්‍රාණ­වත් කළ හැක්කේද ආද­රය හා රැක­ව­ර­ණය දීමෙනි. අවා­ස­නා­ව­කට මෙන් ඔවුන්ට නොලැ­බෙ­න්නේද එය­මය. මිනි­ස­ත්කම වියැ­කෙද්දී මේ අය ජීවි­තයේ හුද­ක­ලා­වී­මද සිද­ව­න්නේය. එහෙත් ඒ අතර ඔවුන්ට ආද­රය කර­මින් රැක­ව­ර­ණය සල­සන පිරි­සක් සිටින බවද අම­තක නොකළ යුතුය.

ස්තූතිය - ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිල­ධා­රීනි චාමිණි මිගු­න්තැන්න මහ­ත්මි­යට

සේයාරූ - ගයාන් පුෂ්පික

අදහස්