කෙසෙල් ගම්මා­න­යක සිහින දකින කලා­ක­රුවා | සිළුමිණ

කෙසෙල් ගම්මා­න­යක සිහින දකින කලා­ක­රුවා

අනු­රා­ධ­පු­රය, තඹු­ත්තේ­ගම ගම් මැද්දේ අජිත් සුසන්ත කොහො­ල­න්ගොඩ වෙනස් සහ විස්මිත ආරක නිර්මා­ණ­ක­රු­වෙකි. අජිත් ගේ එකම පුතු තව­මත් පාසල් වියේ පසු­වන පවන් අංජන පියාට නොදෙ­වැ­නිව හප­න්කම් දක්ව­න්නෙකි.

කෙසෙල් පත්‍ර සහ පට්ට ඇසු­රින් විවිධ නිර්මාණ කරන අජිත් ඒ සඳහා කලක සිට­ම­ප­ටන් නමක් දිනු­වෙකි. විවිධ වර්ණ­යෙන් යුතු කෙසෙල් පත්‍ර, කෙසෙල් පතුරු ආදිය උප­යෝගි කොට­ගෙන දැකු­ම්කලු සිතු­ව­ම්ක­ර­ණයේ නියැ­ළෙන ඔහු ස්ව උත්සා­හ­යෙන් කළ පර්යේ­ෂණ ඔස්සේ තම­න්ටම අන­න්‍යය වු නිර්මාණ කාර්යක නියැ­ළෙයි. පාසල් අව­දියේ සිටම චිත්‍ර කලාව සඳහා පැවැති හැකි­යාව නිසා ඇග­යී­මට පාත්‍රව ඇති අජිත් යොවුන් අව­දි­යේදී කැට­යම් හා මුර්ති ශිල්පි­යෙකු ලෙස ද ප්‍රක­ටව ඇත්තේ සිය ජීව­නෝ­පාය ද ඒ ඔස්සේ පාදා ගනි­මිනි.

උපන් දින සැම­රුම්, සේවා සමු­දීමේ උත්සව අවස්ථා, විවිධ ඇග­යීම් උත්සව අවස්ථා ආදිය සදහා සමරු තිළිණ නිර්මා­ණ­යට ඔහු සතුව ඇති හැකි­යාව බොහෝ­දෙ­නෙ­කුගේ ඇග­යී­මට ලක්ව ඇත්තේය. අප රටට කප්රු­කක් බඳු කෙසෙල් ගසින් සරුවු කෙසෙල් ගම්මා­න­යක සිහි­නය ඔහු දකි­නුයේ කලක සිටය. එහෙත් තව­මත් එය සිහි­න­යක් පම­ණ­ක්මය. අජිත් මතු යම් දින­කදී හෝ සැබෑ

කර­ගැ­නී­මට වෙහෙ­සෙන ඒ සිහි­නය ගැන අප හා පැව­සුවේ මෙලෙ­සෙනි.

“කෙසෙල් ගස ඉන්දි­යාව වගේ රට­වල් සල­කන්නේ දේව­ත්ව­යෙන්. එක පැත්ත­කින් කෙසෙ­ල්වල ආයු­ර්වේද ඖෂ­ධීය වටි­නා­ක­මක් තියෙ­නවා. අනිත් පැත්තෙන් ඉහ­ළම පාරි­භෝ­ජන වටි­නා­ක­මක්

තියෙන පල­තු­රක්. ඒවා අම­තක කළත් ලෝකයේ සම­හර රට­වල් කෙසෙල් කොළ හා කෙසෙල් පට්ටා­ව­ලින් බොහෝ නිෂ්පා­දන කර­නවා. ඒත් අපේ රට ඒ අතින් ගොඩාක් පහ­ළින් ඉන්නේ. අප­ටත් තෝරා­ගත්ත බිමක අපේ රටට ආවේ­ණික කෙසෙල් වර්ග වගා කරන්න පුළු­වන්. ඒ භුමි­යෙම කෙසෙල් කොළ හා කෙඳි­ව­ලින් විවිධ නිෂ්පා­දන කර­මින් එම නිෂ්පා­දන අලෙවි සලක් ආරම්භ කරන්න පුළු­වන්. එසේම කෙසෙ­ල්ව­ලින් තැනෙන විවිධ ඖෂධ වගේම ආහාර වල­ටත් වටි­නා­ක­මක් ලැබෙ­නවා. එම භූමිය පාසල් දරු­වන්, දේශිය හා විදේ­ශීය සංචා­ර­ක­යින් නර­ඹන්න එන දැනුම් නිකේ­ත­න­යක් කරන්න පුළු­වන්. මේ හැම­දේම එකතු කර පුංචි කෙසෙල් ගමක් නිර්මා­ණය කරන්න පුළු­වන් නම් ඒක ගොඩක් වටි­නවා.”

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිග­ම­න­යට අනුව කෙසෙල් මෙරට ඉහ­ළම පාරි­භෝ­ජන වටි­නා­කම ඇති පල­තුරු භෝග­යයි. සම­ස්ත­යක් ලෙස මෙරට පල­තුරු වගා භුමි­යෙන් සිය­යට 54කම වව­නුයේ

කෙසෙල්ය. කරුණු මෙසේ වුවද පාරි­භෝ­ජ­න­යෙන් ඔබ්බට ගොස් කෙසෙල් ගස මගින් මෙර­ටදී ගන්නා වු ප්‍රයෝ­ජන අල්පය. සාම්ප්‍ර­දා­යික ජන සමා­ජය තුළදී යාතු­කර්ම, ශාන්ති­කර්ම ආදි විවිධ චාරිත්‍ර විධි සඳහා අවැසි සැර­සිලි සඳහා කෙසෙල් ගස භාවිත කළ ද එය ද දැන් ක්‍රම­යෙන් අභා­ව­යට යමින් පවතී. එහෙ­යින්ම අජිත් සුසන්ත වැනි කලා­ක­රු­වෙ­කුගේ වෑයම අගය කළ යුත්තකි.

මේ අතර අජිත් තමා සතුව පව­තින නිසඟ හැකි­යාව අන්‍ය­යන් වෙත දායක කර­ලීම සදහා තුරු­ලි­ය­පත් සිතු­වම් කලාව, මානව රූප ඇල­වීම සහ කෙසෙල් ගසක මහිම නමින් කෘතීන් තුනක් ලියා ඇත්තේය. අජිත් උතුරු මැද පළාත් අධ්‍යා­පන දෙපා­ර්මේ­න්තුවේ, නොවි­ධි­මත් අධ්‍ය­පන ඒක­කයේ චිත්‍ර විෂය පිළි­බද බාහිර උප­දේ­ශ­ක­යෙකු ලෙසද සිය ශිල්ප ඥානය අන්‍ය­යන් වෙත දායාද කර­නුයේ නව කලා­වක මංපෙත හුද­ක­ලා­වම විවර කර­මිනි.

“මේ නිර්මාණ කරන අමු­ද්‍ර­ව්‍ය­ව­ලට ලොකු විය­ද­මක් දරන්න වෙනවා. තාමත් මේ නිර්මාණ කරන්ඩ ඕන කරන උප­ක­රන ටික ගන්ඩ වත්ක­මක් මට නෑ. අපි වගේ නිර්මා­ණ­ක­රු­වන්ට උදවු කරන අය බොහෝම අඩුයි. අපෙන් හදි­සි­යට මොන වැඩේ කර­ග­ත්තත් පස්සේ බොහෝම ඉක්ම­නට අම­තක වෙනවා. දැන් කාල­යක් තිස්සේ මගේ අද­හ­සක් තියෙ­නවා මේ නිර්මාණ එකතු කරලා ප්‍රද­ර්ශ­න­යක් තියන්න. ඒත් තියෙන ආර්ථික අප­හ­සු­තාත් එක්ක ඒක තාමත් හීන­යක් විත­රයි. ඒක තමයි මේ විදිහේ දුර්ලභ කලා මාධ්‍ය­යක් ඉස්ස­ර­හට ගෙනි­යන්න තියෙන ලොකුම බාධාව. කෙසෙල් ගහ කියන්නේ ඇත්ත­ටම කප් රුකක්. අහක දාන්න කියලා කිසිම දෙයක් නෑ. ඒත් අපි මේ කප් රුකෙන් ගන්න ඩැඩ හරිම සිමා­ස­හි­තයි. මොන­ත­රම් දේවල් කරන්න පුලු­ව­න්කම තිබ්බත් ඒකට හරි­හ­මන් වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. මං කෙසෙල් ගම්මා­නෙක අද­හස ඉදි­රි­පත් කරන්නේ ඒ නිසා. මේ කාර­ණය හරි­යට වග­කිව යුතු තැන්වල ඉන්න උද­විය තේරුම් ගත්තොත් ඒකම අපි වගේ නිර්මාණ කරන අයට කරන ලොකු උප­කා­ර­යක්.”

වියළි අතු පත­රින් සුසැදි ගහ කොළය. දිය සිඳී ගිය වැව් අමු­ණුය. ආයා­ච­නා­ත්මක නේක මුහු­ණුය. ඔහුගේ තියුණු තෙලි­තුඩ ඔබ මොබ යන්නේ ඒ මතය. නිසැඟ දායා­ද­ය­ක්මැයි කට­පුරා කිව­හැකි මේ අපුර්ව කුස­ල­තාව වය­සට නොදෙ­වැ­නිව මුහු­කුරා යන්නක් බව පැවසේ. මෙහො­තින් මොහොත වෙනස් වන විචි­ත්‍ර­වත් වලා­කුළු, හැල්මේ ගලා යන දිය කදුරු, බිම් කළු­වර හා හරි හරි­යට පොර අල්ලන රාස්සිගේ අව්ව, අඳුර හා හාද වු අතු පතර මැදින් මතුව එන සඳ මඬල. මේ හැම­කම පාහේ ඇත්තේ කොත­රම් නම් අපූර්ව බවක් ද ? ඉතා ඉව­සී­මෙන් යුතුව මේ විසි­තුරු නිරී­ක්ෂ­ණය කර­න්නෙ­කුගේ සිතේ උප­දින සංවේ­දනා මෙප­ම­ණ­කැයි කිව නොහැකි තරම්ය.

එහෙත් පැස­සුම් ඉක්ම­වන අත­දී­මක් දැන් ඔහුට අවැ­සිව ඇත. තම නිර්මාණ ඇසු­රෙන් ප්‍රද­ර්ශ­ණ­යක් පවත්ව­න්නට තව­මත් අජිත් ට නොහැ­කිව ඇත්තේත් ඒ නිසා­ ය.

දුර්ලභ හැකියාවකින් යුතු ඔවු­නට අත­දිය හැක්කේ­ නම් එය අනා­ග­තය උදෙසා කර­න්නාවු ඉම­හත් ආයෝ­ජ­න­යකි. ඔබත් ඔවුන්ට අත­දෙන්නේ නම් 071 2824590 ඔස්සේ අජිත් සුසන්ත ඇම­තිය හැකිය.

ඡායා­රූප- තඹු­ත්තේ­ගම විශේෂ
ඩබි­ලිව්. ප්‍රදීප්

අදහස්