චීන ශ්‍රීලංකා ගනු­දෙනු ඇර­ඹුණේ සිරි­පා­දෙට කළ පුද පූජා­ව­ලින් | සිළුමිණ

චීන ශ්‍රීලංකා ගනු­දෙනු ඇර­ඹුණේ සිරි­පා­දෙට කළ පුද පූජා­ව­ලින්

ජෝන් ඩේවි සහ චීන වන්ද­නා­ක­රුවෝ සිරිපා සට­හනේ කොටස් ගල­වා­ගෙන

කඳු මුදු­නට සැත­පුම් දෙක­ක්‌ ­ ප­මණ පහ­තින් පිරි­සිදු මිරි­දිය සහ මසු­න්ගෙන් පිරුණු විලක් අස­බඩ පිහිටි සුවි­ශේෂි ගල්ලෙ­නකි. එය මෝසස් ගේ ලෙන නමින් හඳු­න්වයි. ආදම්ගේ පාදය වන්දනා කර­න්නට පැමි­ණෙන්නෝ (ඉබන් බතුතා සේම එකල බට­හි­රෙන් පැමිණි බොහෝ දෙනා එය ආදම්ගේ පාදය ලෙසත්, සිරිපා කන්ද ලෝකයේ උසම කඳු මුදුන ලෙසත් විශ්වාස කර ඇත.) මේ ගල්ලෙන තුළ සිය බඩු භාණ්‌ඩ සහ ගමන් මලු තබා ඉහ­ළට නැඟී­මට පටන් ගනිති.

ඉබ­න්බ­තුතා සිරීපා වන්ද­නා­වට පිටත්ව යන්නේ වත්මන් හැටන් පාරට සම­ගා­මීව පැවැති පහසු මාර්ගය ඔස්සේය. එහි පාමුල වූ මහා ඇලෙ­ක්‌සැ­න්ඩර් රජු විසින් පිහි­ටු­වන ලද ඵල­ක­යක් ගැන ඉබන් බතුතා කියයි. ක්‍රි.පූ. 330-323 සමයේ ආසි­යා­වත්, අප්‍රි­කා­වත් යටත් කොට­ගත් මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 323දී හෙළ දීප­යේද සංචා­ර­යක නිරත විය. ඒ අතර සිරි­ප­තුල දැක­ගැ­නීම සඳහා කඳු තර­ණ­යට සූදා­නම් වුවද එය මහත් දුෂ්කර ක්‍රියා­වක් වූ බැවින්, කල් ගත­කොට මහ­ගිරි දඹේ ගල් පඩි කප්පවා දම්වැල් යොදා සිරිපා කරුණා කළ බවට සාක්ෂි සප­යන්නේ පසු කාලී­නව ඒ බව ලියූ පර්සි­යානු ජාතික අශ්රාෆ් නම් කවි­යාගේ පොත­කය.

ඒ අනුව ඉබන් බතුතා පෙර සඳ­හන් කළ මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජුගේ ලෙන ඔහු මෙරට නැවැතී සිටි සමයේ භාවිතා කළ ලෙන වන්න­ටද බැරි නැත. බතූතා ලෙන් යැයි සඳ­හන් කළද මේවා අම්බ­ලම් වීම­ටද ඉඩ­කඩ ඇත. නමුත් මහා­වං­ශයේ ඇලෙ­ක්‌සැ­න්ඩර් රජු පිළි­බ­ඳව සට­හන් නොවන්නේ මහි­න්දා­ම­න­යට පෙර සමයේ සිදු­වීම් කෙරෙහි “මහා­නාම” හිමි­යන් වැඩි තැකී­මක් නොකළ නිසා වන්නට ඇත.

ආර්ය චක්‍ර වර්තී රජු විසින් ලබා­දුන් සේව­ක­යින් පහ­ළොස් දෙනෙ­කුද, දෝලා­ක­රු­වන් සිව් දෙනෙ­කුද, බ්‍රාහ්ම­ණ­යින් සිව්දෙ­නෙ­කුද, හිත­ව­තුන් දහ­දෙ­නෙ­කුද සමඟ සිරිපා නඟි­න්නට වූ ඉබන් බතුතා කන්ද නැංඟේ පාග­ම­නින්ද, නැත­හොත් දෝලා­වෙන්ද යන්න දක්වා නැත. නමුත් කඳු­ග­මන දෝලා­වෙන් කර­න්නට නම් හැකි­යා­වක් ලැබෙ­න්නට නැත.

“මහා ඇලෙ­ක්‌සැ­න්ඩර් රජු විසින් පිහි­ටු­වන ලද සංකේ­තය අස­ලින්ම ඉහ­ළට ගල් පඩි කපා තිබේ. ගමන් මාර්ගය දෙපස යකඩ ඉනි සිටුවා ඒවාට යකඩ දම්වැල් සවි­කර තිබිණි. මේ දම්වැල් අල්ලා­ගෙන පඩි දිගේ පාද ලාංඡ­නය දක්‌වාම නැඟිය හැකිය. කන්ද මුදු­නට මයිල දෙකක් පමණ පහ­ළින් ඇති දම්වැල් “ හෘද සාක්‍ෂියේ දම්වැල” නමින් හැඳි­න්වෙන්නේ පව­තින සංකී­ර්ණ­ත්වය නිසාය. මේ දම්වැල අල්ලා­ගෙන පහත බලන විට පෙනෙන්නේ තමන් පැමිණි ගමන් මඟත්,භයා­නක ගැඹුරු පාතා­ල­යත් පමණි.”

“කඳු මුදු­නට සැත­පුම් දෙක­ක්‌ ­ප­මණ පහ­තින් පිරි­සිදු මිරි­දිය සහ මසු­න්ගෙන් පිරුණු විලක් අස­බඩ පිහිටි සුවි­ශේෂි ගල්ලෙ­නකි. එය මෝසස් ගේ ලෙන නමින් හඳු­න්වයි. ආදම්ගේ පාදය වන්දනා කර­න්නට පැමි­ණෙන්නෝ (ඉබන් බතුතා සේම එකළ බට­හි­රෙන් පැමිණි බොහෝ දෙනා එය ආදම්ගේ පාදය ලෙසත්, සිරිපා කන්ද ලෝකයේ උසම කඳු මුදුන ලෙසත් විශ්වාස කර ඇත.) මේ ගල්ලෙන තුළ සිය බඩු භාණ්‌ඩ සහ ගමන් මලු තබා ඉහ­ළට නැඟී­මට පටන් ගනිති.”

“ඉන් පසු අසීරු මඟක ඉහ­ළට නැඟී­මෙන් පසු පාද ලාංඡ­නය වෙත ළඟා විය හැකිය. අපි අතීත මිනි­සුන් කැපූ ගල් පඩි දිගේ, දම්වැල් වල එල්ලෙ­මින් කන්ද නඟින විට වලා­කුළු අපට පහ­ළින් පාවී ගියේය. මේ ශුද්ධ වූ පාද ලාංඡ­නය සට­හන්ව ඇත්තේ ගල් තලා­ව­ක්‌ ­ම­තය. පාදය ගල් තලාව මත ගිල්වා ඇති­ලෙස පෙනේ. එම පාද ලාංඡ­නය වියත් එකො­ළ­හක් දිගය. අතී­තයේ මේ කඳු මුදු­නට පැමිණි චීන වන්ද­නා­ක­රු­වන් පිරි­ස­ක්‌ මේ පාද ලාංඡ­න­යෙහි මහ­ප­ටැ­ඟිලි කොට­ස­ග­ල­වා­ගෙන චීන­යට ගෙන ගොස්‌ ­ව­න්ද­නා­මාන කරන බව දැන­ග­න්නට තිබේ.”

පාද ලාංඡ­නය ඇති ස්ථානයේ බැති­ම­තුන් පුද­දුන් මල්ව­ලට අම­ත­රව රන්, රිදී, මුතු මැණික් ආදි­යද පැවැති බව ඉබන් බතුතා වැඩි­දු­ර­ටත් දක්වා තිබේ. ශ්‍රී පාද­යට පැමි­ණෙන බැති­ම­තුන් එක් ගමන් වාර­ය­කදී දින තුනක් පෙර කී ගල්ලෙනේ නැවැතී සිට, උදේ සවස සිරිපා වැඳ ගෙන ආපසු පිට­ත්වීම සිදු කරන බවත්, තමන්ද එප­රි­ද්දෙන්ම වතා­වත් සිදු­කළ බවත් ඉබන් බතුතා සට­හන් කර ඇත.

“අපි වන්ද­නා­මා­න­ව­ලින් පසු පහසු පාර දිගේ (රත්න­පුර පාරට සම­ගාමී මාර්ග­යක්) කන්දෙන් බිමට බැස්‌සෙමු. මෙසේ පහ­ළට බසින අතර (ආදම්ගේ පුත්‍රයා වන) ෂෙන් කල­ක්‌ ­නැ­වතී සිටි තැන­ක්‌ ­ලෙස ඉස්‌ලාම් භක්‌ති­ක­යන් විසින් පිළි­ගනු ලබන ශිෂාම් ගුහාව නමැති ගල් ලෙන අපට හමු­විය. මෙතැන පසු­කර තවත් දුර යන විට මිරි­දිය මත්ස්‍ය වෙළෙඳ පොළ­ක්‌ ද, කර්කුත් සහ දිල්දින නමැති ගම් ද හමු­වෙයි. ශුද්ධ වූ ඉස්‌ලා­මීය මුනි­ව­ර­ය­කුගේ සොහො­න­ක්‌ ද ඇත.”

“මේ සොහොන අසළ අපූරු සයි­ප්‍ර­ස්‌ ­ග­සකි. එහි විශේ­ෂ­ත්වය නම් කිසිදු දිනෙක එම ගසෙන් කොළ­ය­ක්‌ ­බි­මට නොහැ­ලී­මය. මේ ගසින් වැටුණු කොළ­ය­ක්‌ ­අ­නු­භව කරන පුද්ග­ලයා තිරි­හන් වන බව මගේ පිරිස විසින් මට පැව­සු­වේය. මේ ප්‍රදේ­ශ­යෙහි ඇති මන­රම් භූමිය රතු මැණි­ක්‌ව­ලින් පිරුණු තැනකි. එහි ගංගා දිගේ ගලන ජලය නිල් පැහැ­තිය.”

ශ්‍රීපාද වන්ද­නා­වෙන් අන­තු­රුව රත්න­පු­රය හරහා ගාල්ල­ටත්, පසුව පුත්ත­ල­ම­ටත් ගිය ඉබන් බතූතා සිය ලංකා ගමන් විස්ත­රය අව­සන් කරයි.

පසු­කා­ලී­නව මෙර­ටට පැමිණි විදේ­ශීය වෙළෙ­න්දන්, දේශ ගවේ­ශ­ක­යින්, පාල­ක­යින් සහ සිවිල් සේව­ක­යින් ගණ­නා­වක් සිරිපා කරුණා කළ අතර එ් හැම චාරි­කා­ව­ක­ටම වන්ද­නා­ව­කට ඔබ්බෙන් වූ වෙනත් අර­මු­ණක් පව­ති­න්නට ඇත. ඒ අත­රින් ක්‍රි. ව. 1684 දී ජර්මාන් ජාතික ඩැනි­යෙල් පාර්කේ ද, ක්‍රි.ව. 1737 දී ඕලන්ද ජාතික හෛඩ්ට්‌ ද,1817 දී ජෝන් ඩේවිද, 1819දී හෙන්රි මාෂල් නම් වෛද්‍ය­ව­ර­යාද, ක්‍රි. ව. 1830 දී අන්ධ පුද්ග­ල­යෙකු වූ ඉංග්‍රීසි ජාතික ජේම්ස්‌ ­හෝ­ල්මන් ද, ක්‍රි. ව. 1836 දී ශ්‍රීමත් රොබ­ට්‌ ­හෝ­ර්ටන් ආණ්‌ඩු­කා­ර­තු­මාද, ක්‍රි. ව.1886 ඉංග්‍රීසි ජාතික එච්. වේල්ස්‌ ­ර­ත්න­පුර දිසා­ප­ති­ව­ර­යාද සිරිපා වන්ද­නාවේ යෙදුණු සුවි­ශේෂී විදේ­ශි­ක­යින් ලෙස හඳු­නා­ගත හැකිය.

සිරිපා වන්ද­නාවේ නොයෙ­දු­නද, චීන ජාති­ක­යින් පිරි­සක් විසින් ශ්‍රීපා­ද­ස්ථා­න­ය­ටත්, දෙවි­නු­වර උත්ප­ල­වණ්න දේවා­ල­ය­ටත් වටිනා දේ පූජා­කළ බව දැක්වෙන්නේ ගාල්ලෙන් හමුවූ සෙල්ලි­පි­ය­කය. මේ සෙල්ලි­පිය පිහි­ටුවා තිබී ඇත්තේ ගාල්ලේ චීන කොර­ටුව නම් ප්‍රදේ­ශ­යේය. ඉබන් බතු­තාගේ ගම­නින් වසර හැට­කට පමණ පසු­කා­ලී­නව ලංකා­වට පැමිණි ෂෙන්ග් හෝ පුරාණ චීනයේ විසූ සුප්‍ර­සිද්ධ නාවික අද්මි­රා­ල්ව­ර­යෙකි. ෂෙන්ග් හෝ චීනයේ මුස්‌ලිම් ධර්මය අද­හන හයි ජන­ව­ර්ගයේ සෙමු කුලය ට අයත් පුද්ග­ල­යෙක් විය.

13 වන සිය­වසේ ගම්පොළ යුගය වන විට චීනය සමඟ වෙළඳ සබ­ඳතා ආරම්භ වී තිබූ අතර චීන ජාති­ක­යින් රෙදි­පිළි, පිඟන් භාණ්ඩ ආදිය හුව­මාරු කර­ගැ­නී­මට මෙර­ටට පැමිණ ඇත. මුදල් වෙනු­වට ඔවුන් කුරුඳු සහ වෙනත් භව­භෝග හුව­මාරු කොට­ගෙන ඇතැයි පුරා­වි­ද්‍යා­ඥයෝ විශ්වාස කරති. මේ සබ­ඳතා ආරම්භ කර­ගැ­නීම පිණි­සත්, රජුගේ සහ ජන­තා­වගේ සිත දිනා­ගැ­නීම පිණි­සත් එකල දෙස් විදෙස් ගෞර­ව­යට පත්ව තිබූ දේශිය පූජ­නීය ස්ථාන දෙක­කට සුවි­ශේෂී පූජා­වන් පව­ත්ව­න්නට ඔවුන් කට­යුතු කර තිබේ. ඒ සඳහා මූලික වී ඇත්තේ ෂෙන්ග් හෝ ය. අදද චීනයේ සමුද්‍ර දිනය ලෙස සැළ­කෙන්නේ ෂෙන්ග් හෝ ගේ මුහුදු චාරි­කාව ආරම්භ කළ ජූලි 11දාය.

ක්‍රි.ව. 1409 යනු­වෙන් නිර්මා­ණය කළ වසර සට­හන් වුවද, මෙම පරි­ත්‍යාග ගැන සඳ­හන් සෙල්ලි­පිය ලංකාවේ ස්ථාපිත කර ඇත්තේ 1411දී බවට විශ්වාස කෙරේ. චීනයේ රජ­කම් කළ යුං ලෝ අධි­රා­ජ්‍යයා විසින් මෙම පරි­ත්‍යා­ග­යන් කළ බව සෙල් ලිපියේ සඳ­හන්ය. චීන, දෙමළ සහ පර්සි­යානු බසින් ලියැ­වුණු මෙම සෙල්ලි­පියේ සඳ­හන් පරිදි රත්ත­රන් කැබලි 1000, රිදී කැබලි 5000, විවිධ වර්ග­ව­ලින් සම­න්විත සිල්ක් රෙදි තොග 50, මැණික් එබ්බවූ පතාක 4, තඹ­ව­ලින් නිමැවූ පහන් රැඳ­වුම් 5, තඹ වලින් නිමැවූ ඉටි­ප­න්දම් රඳ­වන යුගල 5, රනින් නිමවූ නෙළුම් මල් යුගල 6, ඉටි­ප­න්දම් යුගල 10, සුවඳ කූරු 10 ක් යන​ පඬුරු මෙම පුද­බිම් වෙනු­වෙන් පරි­ත්‍යාග කර තිබේ. එයට අම­ත­රව ශ්‍රී පාද­ස්ථා­නයේ දී කෙරුණු පූජා­වක් ගැන ද චීන භාෂා­වෙන් වූ කොටසේ සඳ­හන් කර ඇත. ක්‍රි.ව.1911 දී ගාල්ල චීන කොර­ටුව ආශ්‍රිත ප්‍රදේ­ශයේ බෝක්කු­වක් යට තිබී ගාල්ල ප්‍රදේ­ශයේ ප්‍රාදේ­ශිය ඉංජි­නේ­රු­ව­රයා ලෙස සේවය කළ එච්. එෆ්. ටොම­ලින් මහතා විසින් සෙයා­ගත් මෙම ලිපිය අද වන විට ජාතික කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇත. මෙහි දිග අඩි 4 අඟල් 9 ක් වන අතර පළල අඩි 2 අඟල් 6 ක් වේ. ඝන­කම අඟල් 5 කට ආසන්න වේ.

ඉන් අන­තු­රුව සිරිපා වන්ද­නාව ගැන විදේ­ශි­ක­යෙ­කුගේ විස්ත­රා­ත්මක සට­හ­නක් හමු­වන්නේ 19වන සිය­වසේ මුල්භා­ග­යේ­දීය. වෛද්‍ය­ව­ර­යෙකු, ලේඛ­ක­යෙකු, ගවේ­ශ­ක­යෙකු හා සංචා­ර­ක­යෙකු ලෙස ප්‍රකට ජෝන් ඩේවි ශ්‍රී ලංකාවේ සිටි පළමු ඉංග්‍රීසි ආණ්ඩු­කාර රොබට් බ්‍රවුන්රි ගේ පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­යාද විය. ඔහු විසින් 1817 අප්‍රේල් 15දා ආරම්භ කළ සිරිපා වන්ද­නාව ගැන දිගු වාර්තා­වක් සිය ලේඛ­න­වල තබා තිබේ. ඉංග්‍රීසි යටත් විජි­ත­යක් වීමට පෙර සම­යේදී සිරිපා මළුවත්, ඒ ආශ්‍රි­තව පැවැති සංස්කෘ­තික කාර­ණාත්, සමාජ සාධ­කත් මේ විස්ත­ර­යෙන් අව­බෝධ කර ගත හැකිය.

ඩේවි ශ්‍රීපාද වන්ද­නාවේ යෙදෙන සමයේ එහි භාර­කා­ර­ත්වය පැවැ­තියේ මල්වතු විහා­රයේ ගම්මුල්ලේ සුමන නාහි­මි­ය­න්ටය. මහ­නු­වර නරේ­න්ද්‍ර­සිංහ රජ සමයේ සිට ශ්‍රීපාද භාර­කා­ර­ත්වය වේහැල්ලේ සඟ පර­පු­රෙන් ඉව­ත්කර මල්වතු විහා­ර­යට පවරා තිබිණි. ශ්‍රීපාද භාර­කා­ර­ත්වය මල්වතු විහා­ර­යට හිමි වුවද පලා­බ­ද්දල පිරි­වෙනේ අයි­තිය ඒ වන විටත් පැවත තිබී ඇත්තේ වේහැල්ල සඟ පර­පු­ර­ටය. ජෝන් ඩේවි සිය සිරිපා වන්ද­නාව ආරම්භ කළේ පලා­බ­ද්ද­ලින් නිසා, ඔහුට හමු­ව­න්නට ඇත්තේ වේහැල්ලේ සඟ පර­පුරේ හිමි­ව­රුන්ය.

කොළොම් තොට සිට අශ්ව රථ­යක පාන­දු­ර­යට ගිය ඩේවි, එතැන් සිට සේව­ක­යින් විසින් ඔස­වා­ගෙන යන පල්ලැ­ක්කි­යක නැඟී ගොස් තිබේ. පළමු දින රාත්‍රිය හොරණ ගම්මා­න­යේද, දෙවැනි දිනයේ රත්න­පු­ර­යේද නැවැ­තුණු පිරිස පසු­දින පලා­බ­ද්දල දක්වා ගොස් ඇත. රත්න­පුරේ සිට පළා­බ­ද්දල දක්වා ඩේවි ගොස් ඇත්තේ උණ ලීයක බඳින ලද පුටු­වක වාඩි­වී­ගෙ­නය. මාරු­වෙන් මාරු­වට එය ඔස­වා­ගෙන් යන්නට සේව­ක­යින් යොද­වා­ගෙන ඇත.

හොර­ණදී නට­ඹුන්ව ගිය හින්දු කෝවි­ලක්ද, රත්න­පු­ර­යේදී සමන් දේවා­ල­යද හමුවූ බව වාර්තාවේ දක්වා ඇත. මල්වල විහා­ර­යද, පලා­බ­ද්දල විහා­රය ගැනද සඳ­හන් කරන ඩේවි වන්ද­නා­ක­රු­වන් සඳහා පලා­බ­ද්දල තනා තිබූ අම්බ­ලම් ගැනද විස්තර කරයි. සිරිපා වාරය අර­ඹ­මින් “දෙවි හාමු­දු­රු­වන්ගේ පෙර­හැර” වඩි­න්නට පෙර කන්දට ඇති අඩි පාරත්, අත­ර­මග අම්බ­ලම් කිහි­ප­යත් පවිත්‍ර කරන බව ඩේවි දක්වා ඇත. පලා­බ­ද්ද­ලදී මහ වැස්ස­කට හසු­වන ඩේවි, තවත් දෙසී­ය­කට ආසන්න වන්ද­නා­ක­රු­වන් පිරි­සක් සමඟ පාග­මන අර­ඹන්නේ 18 වැනි දින උදෑ­ස­නය. පැය විස්ස­කට ආසන්න ගම­න­කින් පසු 19දා අලු­යම තුනට පමණ සිරිපා මළුවට ළඟා­වන ඩේවි සිරිපා මලුවේ ස්වභා­වය විස්තර කරන්නේ මෙලෙ­සිනි.

“මහ මළුවේ දිග අඩි 74කි. පළල අඩි 24කි. අඩි පහක් උසට බඳින ලද පවු­රෙකි. එය තැනින් තැන බිඳී ගොස් ඇත. මළු­වෙහි උසම ස්ථානයේ අඩි අටක් පමණ උස පර්ව­ත­යකි. ඒ මත ගෞතම බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ සිරිපා සට­හන විය. එම සට­හ­නෙහි දිග අඩි පහ­කුත් අඟල් හත­රක් විය. උප­රිම ස්ථානයේ පළල අඩි දෙකයි අඟල් හතක් විය. සිරිපා සට­හන සහිත ස්ථානය කණු හත­ර­කින් යුතු ගොඩ­නැ­ගි­ල්ල­කින් ආව­ර­ණය වී තිබේ. වහ­ළයේ යටි පැත්තේ රෙදි වියන් වලින් සරසා තිබේ. හමන දැඩි සුළ­ඟින් ගසා­ගෙන නොයනු පිණිස ගොඩ­නැ­ගිල්ලේ කණු දම්වැ­ල්ව­ලින් ඇද බැඳ දමා තිබේ.”

ඩේවි සිරිපා සට­හනේ කොට­සක් අතින් තද කර කඩා දමා ඇත. ඒ අනුව එම ආකෘ­තිය නිමවා ඇත්තේ හුණු­ගල් මිශ්‍ර බදා­ම­ය­කින් බව ඩේවි අනු­මාන කොට තිබේ.

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(මෙම ගවේ­ෂ­ණය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති පූජ්‍ය බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­යන්ට සහ සියලු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධි­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට ස්තුතිය.)

[email protected]
ඡායා­රූප - චතුර හේමාල් සහ අන්තර්ජාලයෙනි

අදහස්