පතොක් මල් පිපිලා | සිළුමිණ

පතොක් මල් පිපිලා

“සොය­න­වද ඒ විරා­මය...”

මනෝ­මය අන්ත­යක් මතට තමා විසින් ම තමා ම ඇද දැමී­මට ඉතා කුඩා සිති­වි­ල්ල­කට හැකි වුවද නිසැ­කව ම දෙප­යින් නැගී සිටින විලංගු ලත් අපගේ මිනිස් වර්ග­යාට නිත්‍ය වශ­යෙන් ම අව­ලං­ගුය. වලංගු, අව­ලංගු බව කෙසේ වුව ද තමා තුළ වූ සියලු සැර පහර ආබාධ තමාගේ ම තෘප්ති­යට ගෙන හෝ නොගෙන මෙන් ම එවැනි වෙන­ත­කින් ආ අහි­ත­කර රිදීම් රහි­තව අප තුළ සංව­ර්ධ­නය වන කළු ද්වාර­යක් වේ. නිර­න්තර අත්දැ­කී­මට භාජ­නය වන මෙම සංසි­ද්ධිය තුළින් යම් කාල­යක් තුළ දී වන සිදු­වීම් ජාලා නැවත හැර දැක්වීම හෙවත් රස විඳිම හෝ නොවිඳී ම නොදැනී ම වන්නකි. නමුදු මෙය මේ අයු­රින් ම වැට­හීම අප­හසු වන්නේ එම ද්වාර­යත් සමඟ පව­තින තාත්වි­ක­ත්වය තමාගේ දෙයට වඩා අන් අය මත පැව­තීම සුලබ හෙයිනි. එම­ඟින් සදා­ත­නික සිදු­වී­මක් මත පව­තින විය­හැ­කි­යා­වක් ප්‍රත්‍යක්‍ෂ කිරි­මට නොහැ­කි­යා­වක් වර්ධ­නය වීමෙන් සිදු­වීම් දෙකක් අතර පව­තින සාපේක්‍ෂ පර­ස්ප­ර­තා­වය හට ගැනීම සාමාන්‍ය කාල රාමුව තුල දී ධනා­ත්මක වුව ද ස්ථාව­රව හඳුනා ගත නොහැක. තාව­කා­ලික මතක රැසක් තුල දී ඉහත සංසි­ද්ධීන්ට මුහුණ දෙන අප හට එම පර­ස්ප­ර­තාව යම්තාක් දුර­කට ස්ථාව­රය. කාල­යාගේ ඇවෑ­මෙන් පසුව ද ජීවි­තය තුල පව­තින ගැල­පීම් ගලපා ගත හැකි වන්නේ සියලු සාධක මත බව මට හැඟෙයි. එවැනි වැට­හී­ම­කින් පසුව හෝ එයට පෙර එළ­ඹෙ­මින් පව­තින සිදු­වී­ම­කට බැඳෙ­මින් සිටින ඔහු ඇය හෝ එය හා සැස­ඳෙන සැම­කක් පාහේ තවත් ගැල­පෙ­මින් සාදා­ගත යුතු දේ බවත් එය තුළින් පෙනී­මත්, නොපෙ­නී­මත් අතර වන වැන්නක් ලෙස පැහැ­දිළි කර ගත යුතුය.

සියලු හේතූන් මත මේ සෑම දෙනෙක් සම­ඟම අනf්‍යා්න්‍ය ලෙස සබැ­දි­යා­ව­කින් ඉටු වන කාර්යන් සුපු­රුදු ජීවන රටා­වට එක් කරන්නේ මදක් වූ නිහැ­ඬි­යා­ව­කින් යුත් රටා­ව­කට දිවෙන ඒකා­කාරී පැන­යකි. ශිල්පීය ගුණාං­ග­යට නිර්මා­ණ­ශීලී හැඟීම් ඔප දැමිය හැක්කේ සුළු වතා­වන් හි පමණි. විඳීම් කලා­පය තුළ තෝරා ගත් අයැ­දුම් කිහි­ප­යක් හෝ එකක් මත තාව­කා­ලික ව ද්වාරය දෙසින් ඈතට ගමන් කිරී­මට වාරු­වක් තනයි. ඒ හැරත් අන්‍ය අත­කට විඳී­ම­කට ඒ තුළින් හට ගන්නා සුන්දර වූ ඵලය විඳී­මට ගත වන කාලය අලු­තින් යමක් නිර්මා­ණය වීමට යන කාල­යට වඩා අවම ය. කෙසේ වුවත් අර්ථා­න්විත නැවුම් විප­ර්යා­ස­යක් තුළින් මාන­සි­කව හට ගන්නා විය­වුල් බොහෝ සේ සුමට වෙයි.

අප තුළ ම වූ රිදු­මන් වලින් නික්ම වස්සා­නයේ අරු­ණෝ­ද­යක් සොයමු. රපෝ­ර්තු­වක නොලි­යන ජීවි­ත­ය­කට විරා­ම­යක් තබමු.

“ සොය­න­වද ඒ විරා­මය...”
හඬන ගෙඹි හඬ මවති අරු­මෙක
විලෙහි වූ පැට­වුන්
ගෙනෙති එක එක දමති විල් දිය
නහ­ව­මින් තෙර නීල රැල්...
කෑර­ළෙකි අතු මතින් හඬනා තුරු ලිය ද
අද සන­හ­මින්
දුටිමි මම මෙන් ඔහුත් ඒ වග
ඇද හැලෙයි බර වෙලා කඳු­ළින් ...
රත් පැහැය දිදු­ල­මින් තරු­වක
පායලා රිදු­මන්
තනිව අඬ­නවා මත් බඳුන්
අර පන්හි­ඳෙන් මතුව සොඳු­රන් ...

- චමත්ක

අදහස්