මන්නා­රමේ කෝමා­රිකා යාය වන­සන දකුණේ හොරු | සිළුමිණ

මන්නා­රමේ කෝමා­රිකා යාය වන­සන දකුණේ හොරු

පළා­ත­ටම ඇති එකම ස්වාභා­වික කෝමා­රිකා කැලෑව විනාශ මුඛයේ 

නාවල අන්නාසි….කෝට්ටේ දොඩම් රස..යන පැරණි ගීතය මතක් වනනේ අපේ රටේ පළා­තෙන් පළා­තට නග­ර­යෙන් නග­ර­යට ඊටම ආවේ­ණික වූ පල­තුරු එළ­වළු හා ශාක දකින විටය. කාලා­න්ත­ර­යක් තිස්සේ අපේ රටේ වැවෙන ස්වභා­වික දේ පිළි­බඳ සඳ­හන් වූවත් ස්වභා­වි­කව වසර ගණ­නා­වක් තිස්සේ මන්නා­රමේ වැඩෙ­මින් පව­තින කෝමා­රිකා වන ගහ­නය පිළි­බඳ කිසිම තැනක දී අපට කිය­ව­න්නට තොර­තුරු නොලැ­බෙයි. ඒ කෝමා­රිකා වනය බැලී­මට හැකි­වන්නේ ඒ පළා­තට යෑමෙන්ම පම­ණකි. මේ ස්වභා­වික කෝමා­රිකා වනය මන්නා­රමේ වංකා­ලෙයි, නානා­ට්ටන් ඇතුළු පළාත් ගණ­නා­වක් පුරා විසිරී පැතිරී පව­තියි.

මන්නා­රමේ ස්වභා­වික කෝමා­රිකා ගහ­න­යට ස්වභා­වි­ක­වම තුරු විය­නින් ආර­ක්ෂාව ලැබු­ණද ඒ කෝමා­රිකා ගහ­න­යට මිනි­සු­න්ගෙන් කිසිදු ආර­ක්ෂා­වක් නැත්තේය. රුපි­යල් සත­ව­ලට ලොල් මිනිසා පරි­ස­ර­යට කිසිදා ඇලුම් නොක­රයි. ස්වභා­වි­ක­ත්වයේ අපූ­ර්ව­ත්වය නොද­කියි. මේ නිසාම ඔවුන් ස්වභා­වි­ක­ත්වය විනාශ කරන්නේ හිත් පිත් නොමැ­ති­වය.

මන්නා­රමේ ස්වභා­වික කෝමා­රිකා ගහ­න­ය­ටද දැන් කණ­කොකා හඬ­න්නට පටන් ගෙන තිබේ.

නමුත් පරි­ස­ර­යට ආද­රය කරන මිනි­සුන් ඉඳ­හිට කොතැ­න­කදී හෝ එකෙකු දෙන්නෙකු හෝ අපට හමු­වෙයි. ඔවුන් කළු­ගලේ මැණික් කැට බඳුය.

මන්නා­රමේ 'එවර් ග්‍රීන්' පරි­සර සංවි­ධා­නයේ සභා­පති එස්. කීර්ති­කන් මහතා පව­සන්නේ මන්නා­රමේ කෝමා­රිකා සම්පත මෙලෙ­සින් දිගින් දිග­ටම විනාශ වුව­හොත් එය විශාල අප­රා­ධ­යක් බවයි.

“මන්නා­රමේ ස්වභා­වික කෝමා­රිකා ගහ­නය පළා­ත­ටම විශාල සම්ප­තක්. ඒක නිසා මෙය ආරක්ෂා කර­ගැ­නීම සඳහා ගන්නට පුළු­වන් හැම උත්සා­හ­යක්ම අපි ගන්නවා.

මේ පළාතේ වෙද මහ­ත්තුරු කෝමා­රිකා පඳුරු ගල­ව­ගෙන යනවා. ඒ අය මාස තුන­කට හත­ර­කට එක සැර­යක් තමයි ඒවා ගල­ව­ගෙන යන්නේ. එහෙම ගල­ව­ගෙන ගියත් එක්කෝ ගස් දෙකක් නැත්නම් තුනක් තමයි ගල­ව­ගෙන යන්නේ. ඉන් වගා­වට විශාල හානි­යක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙද මහ­ත්තුරු කෝමා­රිකා අරන් යන්නේ බෙහෙත් හදන්න. කාන්තාවෝ කෝමා­රිකා අර­ගෙන යන්නේ රුප­ලා­ව­ණ්‍යය කට­යුතු සඳහා. මේ අය මාස දෙක තුන­කට සැර­යක් තමයි කෝමා­රිකා අර­ගෙන යන්නේ. ඒකෙන් ලොකු හානි­යක් කෝමා­රිකා වන­යට සිදු වන්නේ නැහැ. සම­හරු ගෙදර සිට­ව­න්නත් පැළ ගල­ව­ගෙන යනවා. ඒකෙන් වෙන්නේ මේ වගාව තවත් ව්‍යාප්ත වෙන එක. ඒත් අද වෙන­කොට මේ සම්පත විනාශ වෙලා යන්නේ දකුණේ සිට මන්නා­ර­මට ඇවිත් කෝමා­රිකා ලොරි පිටින් ගල­ව­ගෙන යන සංවි­ධා­නා­ත්මක පිරිස නිසයි. ඔවුන් අද මේ කරන්නේ ලොකු විනා­ශ­යක්. ” කීර්ති­කන් මහතා පව­සන්නේ හිතේ අමා­රු­වෙනි.

එක යායට පැතිර ඇති රටේ බහු­ත­ර­යක් නොදන්නා මන්නා­රමේ කෝමා­රිකා වනය අද ක්‍රම­යෙන් වැනසී යමින් පව­ති­න්නේය.

කම්ක­රු­වන් කිහි­ප­දෙ­නෙකු සමඟ ගෝනිද රැගෙන ලොරි­ය­කින් පැමි­ණෙන ජාවා­ර­ම්ක­රුවෝ කෝමා­රිකා සහ­මු­ලින් කපා­ගෙන යන්නෝය. එහි මුල් කොටස් ද ඔවුන්ම රැගෙන යන්නේය. මේ සිදු­වන ව්‍යස­නය පිළි­බඳ සොයා බල­න්නට කෙනෙක් ද නැත. පසු­ගිය දිනෙක එවර් ග්‍රීන් සංවි­ධා­නය මේ ගැන පොලි­සි­යට පැමි­ණිලි කළේය.

“මන්නා­රමේ කෝමා­රිකා ගල­වපු පිරි­සක් පොලී­සිය විසින් අත්අඩංගු­වට ගත්තා. ඒ අය පොලී­සි­යට ලිය­විලි වග­යක් ඉදි­රි­පත් කරලා කියා සිටියේ ඔවුන් පාර­ම්ප­රික වෙද මහ­ත්තුරු කියලා. සම­හරු පාර­ම්ප­රික වෙද්දු කියලා ඇවිත් කෝමා­රිකා ගල­ව­ගෙන ලොරි පිටින් අර­ගන යනවා. මේ ස්වාභා­වික කෝමා­රිකා වනය ඒ විදි­හට විනාශ කරන එක වැර­දියි. අපි බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වනය ආරක්ෂා කරලා දෙන්න කිය­ලයි.”

එවර් ග්‍රින් සංවි­ධා­නය පව­සන්නේ.

“කෝමා­රිකා ශාකය වැඩෙන්නේ උෂ්ණ කලා­පීය පරි­ස­ර­ව­ලය. මන්නා­රමේ ස්වභා­වික කෝමා­රිකා ගහ­න­යක් දක්නට ලැබෙන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාවේ පම­ණක් නොව ඇමෙ­රි­කාව අප්‍රි­කාව ඉන්දි­යාව පකි­ස්තා­නය වැනි රට­ව­ලද උෂ්ණා­ධික පරි­සරවල කෝමා­රිකා ශාකය වැඩෙයි. ලිලි­යාසේ (LILIACEAE) කුල­යට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්‍යා­ත්මක නමින් හැදින් හැඳි­න්වෙන කෝමා­රිකා ශාකය කාන්තා රෝග විශාල සංඛ්‍යා­වක් සුව­කි­රී­මට යොදා­ගන්නා ඖෂ­ධ­යක් බැවින් කුමාරි, ගෘහ කන්‍යා, කන්‍යා, සෘතු කුමාරි, කුමා­රිකා ආදි විවිධ නම්ව­ලින් හැඳින්වේ. එහි ඇති ඖෂ­ධීය ගුණය දෙස බලන විට මිනිස් සිරු­රට අවශ්‍ය ඇම­යිනෝ අම්ල විසි දෙක­කින් විස්සක්ම අඩං­ගුය. ශරී­ර­යට නිප­දවා ගත නොහැකි අත්‍යා­වශ්‍ය (ESSENTIAL PROTEIN) ඇම­යිනෝ අම්ල වර්ග හතක්ම ඵහි අඩං­ගුය. අධික ප්‍රෝටීන ප්‍රමා­ණ­ය­කින් සම­න්විත වේ. මෙහි විට­මින් ඵ්, විට­මින් ඊ, විට­මින් සි, සහ විට­මින් බි, අඩං­ගුය. රෝග ගණ­නා­වක් සඳහා භාවිතා කෙරෙන වටිනා ඖෂ­ධීය ගුණ­යෙන් යුතු කෝමා­රිකා වන­යක්ම අපට තිබි­යදි එයින් නිසි ප්‍රයෝ­ජන ගනු විනා එය විනාශ වන්නට ඉඩ­හැ­රීම අප­රා­ධ­යකි. අදාළ බල­ධා­රින්ගේ මෙන්ම පරි­ස­ර­වේ­දී­න්ගේද යුතු­කම මන්නා­රමේ කෝමා­රිකා වනය රැක ගැනී­මට කට­යුතු කිරිම වන්නේය.

රසුල දිල්හාර ගමගේ

අදහස්