මනා­ලයා වූ දා මනා­ලි­යත් අයිසිං කළා | සිළුමිණ

මනා­ලයා වූ දා මනා­ලි­යත් අයිසිං කළා

මට හැම­දාම ඕනෑ වුණේ වෙනස් දෙයක් කිරී­ම­ටයි

ගුරු­ව­ර­යකු වූ නාරද විජේ­සු­රිය අද පදිං­චිව සිටින්නේ ජර්ම­නි­යේය. ගී පද රච­කයකු හා ග්‍රන්ථ රච­ක­යකු වන නාරද මේ සිය­ල්ල­ටම වඩා ප්‍රිය කරන්නේ රටින් රට සංචා­රය කිරී­ම­ටය. නාරද රටින් රට ගිය ගම­න්ව­ලදි හමු වූ ඉහළ පෙළේ තන­තුරු දරණ අපුරු ශ්‍රී ලාංකි­ක­ක­යන් ගැන කරන කතා බහකි මේ.

කැන­ඩාවේ ටොරොන්ටෝ නග­රයේ ග්‍රෑන්ඩ් සින­මන් නමින් දැවැන්ත උත්සව ශාලා­වක් තිබේ. දහස් ගණ­න­කට අසුන් පැන­විය හැකි එහි හිමි­කරු ටොරොන්ටෝ ගුවන් තොටු­පො­ළෙන් පිටත් වන සෑම ගුවන් යාන­ය­කට ම අවු­ළු­පත් සප­යන සුප්‍ර­කට ශ්‍රී ලාංකික සුප­වේ­දි­යෙකි . හේ නමින් රුවන් ජය­කොඩි නම් වේ. කැන­ඩාව හා ඇමෙ­රි­කාව අතර දේශ සීමාව නිර්මා­ණය කරන නය­ගරා දිය ඇල්ල බැලී­මට යන අතර ගම­නේදී මම ඔහු හමු වුණෙමි. සුවි­ශේෂී ශ්‍රී ලාංකි­ක­යන් සොයා යන ගම­නේදී මට හමු වූ ආද­ර්ශ­මත් චරි­ත­යක් නිසා රුවන් ගේ කථාව ලිය­න්නට අද­හස් කළෙමි.

“මං ජීවි­තය පටන් ගත්තෙ බිංදු­වෙන්.

කොහෙන් හරි, කොහොම හරි ජීවි­තය ජය ගන්න මාර්ග­යක් හොය­මින් අග­නු­වර හැම තැනම ඇවිද්ද, එක මාර්ග­යක් වර­දින විට, වෙන මාර්ග­යක් දිගේ ගියා, ඒකෙ­නුත් ගොඩ ඒමක් නැති වුනාම තවත් මාර්ග­යක් දිගේ ගියා, සාර්ථ­ක­ත්ව­යට තියෙන්නෙ එකම එක මාර්ග­යක් පම­ණක් කියල මම තේරුම් ගත්ත.

මට වැර­දුණු පාර­ව­ල්ව­ලින් ඉගෙන ගත්ත දැනුම අව­සා­න­යේදී මම යන ගමන සාර්ථක කරන්න උදව් වුණා.

ඔබේ උපන් ගම

මම උපන්නේ රුවන් වැල්ලේ මොරා­වත්ත නම් ගම්මා­නයේ ගැමි ගෙද­රක, ගමෙන් අධ්‍යා­ප­නය සඳහා නග­ර­යට පැමිණි මට උසස් අධ්‍යා­ප­නය ලැබී­මට තරම් වත්ක­මක් තිබුණේ නැහැ. නමුත් මට මගේ හිතේ ලොකු ධෛර්යය තබුණා.මම පුංචි රැකි­යා­වක් හොයා ගත්තා. ඒක කර‍න ගමන් උසස් පෙළට ඉගෙන ගත්තා. අව­සා­නයේ උසස් පෙළ ගණිත අංශ­යෙන් සමත් සමත් වෙන්න මට පුළු­වන් වුණා. ඒ වුණත් ඉංජි­නේරු පිඨ­යට යන්න ලකුණු මදි වුණා. මට NDT නම් වූ තාක්ෂ­ණික පාඨ­මා­ලාව නිම කිරී­මට තරම් ආර්ථි­ක­යක් තිබුණේ නැහැ. ඒ නිසා එයත් අත­ර­මඟ නතර වුණා. මට කව­ක­ට්ටක් රැගෙන දීමට වත් කෙනෙක් හිටියේ නැහැ. මම කල්පනා කළා මොකද කරන්නේ කියලා. මට මඟ පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. කොළ­ඹට ආව මම බෙහෝ අත්දැ­කීම් ලැබුවා.

ඔබ චිත්‍ර ශිල්පි­යෙක්

මම පාසල් වියේ ඉඳ­ලම චිත්‍ර අදින්න කැම­තියි. ඒ වගේම මට චිත්‍ර ඇදිමේ හැකි­යා­ව­කුත් තිබුණා. මම පුව­ත්පත් සඳහා චිත්‍ර ඇන්දා. ඒකාලේ තිබුණ දවස පුවත් පතට අපේ ගමේ තොර­තුරු වාර්තා ලිව්වා. ඒවා පුව­ත්පතේ පල­වුණා. මේ සියල්ල කරන අතරේ මම නාට්‍ය වැඩ­මුළු වල­ටත් සහ­භාගි වුණා. මම ඒ හැම­දේම කළේ ගොඩ­යාමේ මාර්ග­යක් හොයා ගන්න.

චිත්‍ර ඇන්ද ඔබ සුප­වේ­දි­යෙක් වුණේ කොහො­මද?

මම ගෙද­ර­දී­වත් කෑම­වේ­ලක් උයලා නැහැ. ඒ වුණත් මම ජාතික ආධු­නි­කත්ව මණ්ඩ­ලය යටතේ හෝටල් පාස­ලක සුප­වේදී පාඨ­මා­ලා­වක් කරන්න හිතුවා. මම ඒ පාඨ­මා­ලා­වට ඇතු­ළත් වුණා. මුල්ම දින­වල ඉවුම් පිහුම් ගැන උන­න්දු­වක් නොති­බු­ණාට මම බොහෝම උව­ම­නා­වෙන් මේ පාඨ­මා­ලාව කෙරුවා. මට මුල්ම රැකි­යාව ලැබුණේ කොළඹ ඔබ­රෝයි හෝට­ලයේ. ඒ සහාය සූප­වේ­දි­යකු ලෙස.

ඉතාම කෙටි කල­කින් ඔබේ තන­තුර ඉහ­ළ ­ගියා නේද?

ඔව්. ඒ කතාව හරි. ඒ 1983 ජූලි කල­බල කාලේ . අපත් සමඟ වැඩ­කළ. අර­ක්කැ­මි­යන් ඔවුන්ගේ ගම්ව­ලට ගියා. ඒත් මට යන්න තැනක් තිබුණේ නැහැ. මම ගමට ගියේ නැහැ. ඒ නිසා මම ඇඳි­රි­නී­තිය දව­ස්ව­ලත් හෝට­ල­යට වෙලා වැඩ කළා. මට කිහිප දෙනෙ­කු­ගේම වැඩ කර­න්නට සිදු­වුණා. ඒ වෙන කොට හෝටල් පාලක මණ්ඩ­ලය මගේ කැප­වීම පිළි­බඳ පැහැ­දිලා හිටයේ. ඔවුන් මට හිතා ගන්න බැරි වැටු­පක් සමඟ උසස් වීමක් දුන්නා. රන්දෙ­නි­ගල හෝටල් ව්‍යාපෘ­තියේ ප්‍රධාන විධා­යක සුප­වේ­දියා ලෙස මාව පත් කළා. මගේ මසක වැටුප රු. 3500 ක්.

පළමු වැටු­පෙන් ඔබ මොකද කළේ?

පළමු වැටු­පෙන් රු. 800 ක් ගෙවලා රුප­වා­හි­නි­යක්ද මිළට ගත්තා. මම ලබන වැටුප විය­දම් කළේ වැඩි­දු­ර­ටත් ඉගෙන ගන්න. මට හැම­දා­මත් සිහි­න­යක් තිබුණා. මම හැම­දේම කළේ ඒ සිහි­නය සැබෑ කර­ගන්න.

මොකද්ද ඔබේ සිහි­නය?

මගේ සිහි­නය වුණේ යුරෝ­ප­යට යෑම. මම විදෙස් භාෂා ඉගෙන ගත්තා. ඒ වගේම ඒ රට­වල වැඩිම ඉල්ලු­මක් ඇති සූප ක්‍රම පිළි­බඳ සොයා බැලුවා. ඒවා අත්හදා බැලුවා. මේ අතර මට මැද පෙර­දිග සුවි­සල් හෝට­ල­යක රැකි­යා­වට යන්න ලැබුණා. ඒ ලැබුණ වැටු­පෙ­නුත් මම වැඩි ප්‍රමා­ණ­යක් විය­දම් කළේ ඉගෙන ගන්න. මම ස්විට්ස­ර්ල­න්තයේ හෝටල් පාඨ­මා­ලා­වක් හැදැ­රුවා. ඉන්පස්සේ ප්‍රංශය, ජර්ම­නිය වැනි රට­ව­ල­දිත් හෝටල් පාඨ­මාලා කළා. sugar craft නම් ක්‍රම­වේ­දය මුලින්ම හැදෑරු කිහිප දෙනා­ගෙන් කෙනෙක් මම.

කැන­ඩා­වට පැමිණි ගම­නේදි ඔබ ජීවි­තය වෙනස් කර ගත්තා ද?

මම මුල්තැන දුන්නේ හෝටල් ක්ෂේත්‍රය ගැන සියල්ල ඉගෙන ගන්න. කැන­ඩා­වට පැමි­ණි­යාට පසු මම ඉගෙන ගත්ත බේකරි කර්මා­න්තය ජය ගන්න මට පුළු­වන් වුණා. මම හදන කෑම­ව­ලට සුද්දෝ කැමැති වුණා. මට ඉගෙන ගෙන තිබුණු හැම දේම ඒ කියන්නේ ගණි­තය, චිත්‍ර කලාව හා විවිධ භාෂා කතා කිරීමේ හැකි­යාව මේ සිය­ල්ලම මගේ ගම­නට ලොකු පිටි­ව­හ­ලක් වුණා.

ඔබේ මංගල දිනයේ මනා­ලිය සැර­සුවේ අපුරු ආකා­ර­ය­කට කියලා මං අහලා තියෙ­නවා.

මගේ යම් දියු­ණු­වක් තියෙ­නවා නම් ඒකට එක හේතු­වක් තමයි මම නොබි­යව තීන්දු තීරණ ගැනී­මයි. මට හිතුණා මංගල දිනයේ වෙන­සක් කරන්න ඕනැ කියලා මම මගේ මනා­ලිය සැර­සුවේ අයි­සිං­ව­ලින්. මේක කවු­රු­වත් කරන දෙයක් නෙමෙයි.

ඔබ හෝටල් ක්ෂේත්‍රෙය්දි විවිධ ජය­ග්‍ර­හණ ලබා තිබෙ­නවා නේද?

ජාත්‍ය­න්තර ආහාර සම්පා­දන තර­ග­ව­ලදී කැන­ඩාව නියෝ­ජ­නය කර­මින් ජය­ග්‍ර­හණ රැසක් ලබා ගන්නට පුළුන් වුණා. වරක් කැනේ­ඩි­යානු කණ්ඩා­යම සමඟ යුරෝපා තර­ගා­ව­ලි­ය­කට සහ­භාගි වුණා. ඒ තර­ගය පැවැ­ත්වුණේ ලක්ස­ම්බර්ග් නුව­රදි. මම මගේ කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කර­වන්න විවිධ වූ අහාර නිර්මා­ණය කළා වගේම ඒ සඳහා නව ක්‍රම­වේද අනු­ග­ම­නය කළා.

ඔබ දැන් තරග විනි­ස­ක­රු­වෙක්?

මම දැනට ජාත්‍ය­න්තර සුප­වේ­දීන්ගේ ඔලි­ම්පික් තර­ගා­ව­ලි­වල විනි­සු­රු­ව­ර­යෙකු ලෙස කැන­ඩාව නියෝ­ජ­නය කර­නවා. ලෝක­යම පිළි­ගත්ත තර­ග­ව­ලදි මට රන් සම්මාන ගණ­නක් දිනා ගැනී­මට පුළු­වන් වුණා. ලොව ඉහ­ළම හිණි­පෙත්තේ සිටින ලාංකි­ක­යෙකු ලෙස මට නිහ­ත­මානි ආඩ­ම්බ­ර­යක් තිබෙ­නවා. මා දන්නවා එය මගේ රටත් ආඩ­ම්බ­ර­යක්. ගෞර­ව­යක්. මීට කල­කට පෙර දේශ­මාන්‍ය හා දේශ­බන්ධු යන සම්මාන හිමි වුණා.

සූප­වේ­දි­යෙක් ලෙස ලෝකයේ ඔබ සිටින තැන.

ලෝක පූජිත සුප­වේ­දීන්ගේ නාමා­ව­ලි­යට මගේ නම ඇතු­ළත් වී තිබෙ­නවා. ඒ වගේම එහි මා වෙනු­වෙන් පිටු­වක් වෙන් වී තිබේ තිබෙ­නවා. මේ මොන දේ තිබු­ණ­ත්කෙ­ත­රම් ගෞර­ව­යට පත් වුණත් මම සාමාන්‍ය සරල මිනි­සෙක්. මගේ ව්‍යාපා­ර­වල සියලු කට­යුතු මමයි සොයා බලා පිළි­යම් යොදන්නේ. මට මගේ දේවල් කර­ගන්න පුළු­වන්. මම බොහෝම පුංචි තැන­කින් ආ කෙනෙක්. මගේ බැන්කු­වෙට් ශාලාවේ පිලි­ස්සුණු විදුලි බල්බ­යක් මාරු කරන්න වුණොත් හිනි­ම­ඟක නැගලා බල්බ­යක් මාරු කර­න්නෙත් මම. මම මගේ දේට ආද­රෙයි. ඒ නිසා මම දන්නවා කාට­වත් වඩා හොඳට ඒ දේවල් මට කරන්න පුළු­වන් කියලා.

ඔබ පැමිණි ගමනේ ඔබට ආද­ර්ශ­යක් වු දේ කුමක්ද?

මගේ දුෂ්කර ගමන් මගේ මටම ආද­ර්ශ­යක් වූ එකම දෙය තමයි ප්‍රබල ආත්ම විශ්වා­සය. මට මා ගැන තිබුණු විශ්වා­සය කැප­වීම ධෛර්යය මේ සියල්ල. මං ජීවි­තය පටන් ගත්තෙ බිංදු­වෙන්. කොහෙන් හරි, කොහොම හරි ජීවි­තය ජය ගන්න මාර්ග­යක් හොය­මින් අග­නු­වර හැම තැනම ඇවිද්දා, එක මාර්ග­යක් වර­දින විට­වෙන මාර්ග­යක් දිගේ ගියා. ඒකෙ­නුත් ගොඩ ඒමක් නැති වුණාම තවත් මාර්ග­යක් දිගේ ගියා. සාර්ථ­ක­ත්ව­යට තියෙන්නෙ එකම එක මාර්ග­යක් පම­ණක් කියල මම තේරුම් ගත්ත. මට වැර­දුණු පාර­ව­ල්ව­ලින් ඉගෙන ගත්ත දැනුම අව­සා­න­යේදී මම යන ගමන සාර්ථක කරන්න උදව් වුණා.

සූප­වේ­දින් ලෙස හෝ හෝටල් ක්ෂේත්‍රයේ ඉදි­රි­යට යාමට සිටින නව පර­පු­රට දිය හැකි පණි­වු­ඩය කුමක්ද?

ප්‍රධා­නම වශ­යෙන් සුදු­සු­කම් සහිත සහ­ති­ක­යක් අව­ශ්‍යයි. ඒ වගේම විදේශ භාෂා කිහි­ප­යක් දැන ගැනීම අව­ශ්‍යයි. මේ මාහො­තේත් ඇමෙ­රි­කාව හා කැන­ඩාව වැනි රට­වල සුප­වේ­දීන් සඳහා ඕනෑ තරම් ඉඩ ප්‍රස්තා තියෙ­නවා. අවශ්‍ය වන්නේ කැප­වීම සහ නිර්මා­ණ­ශී­ලි­ත්ව­යයි. අද මම මෙතැන ඉන්නේ ඒ ඉලක්ක සපුරා ගත්ත නිසයි.

අදහස්